Jump to ratings and reviews
Rate this book

කවිකඳුර

Rate this book
The story spreads from the present to 1900 AD and back revealing the social and political picture of the period.

336 pages, Paperback

First published December 1, 2010

4 people are currently reading
91 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
56 (58%)
4 stars
25 (26%)
3 stars
10 (10%)
2 stars
2 (2%)
1 star
3 (3%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Nilu.
625 reviews53 followers
June 27, 2024
පො‌තේ ප්‍රකාශිත වසර 2011 ය. මිලට ගත්තේ 2012 දී බව සහතිකය.
පො‌ත ඇ‌සුරෙන් ටෙලි වෘතාන්තයක්ද නිර්මාණය වූ බව දනිතත්, වසර 2001න් පසුව කිසිදු සිංහල ටෙලි වෘතාන්තයක් හෝ‌ රූපවාහිණි වැඩසටහනක් නරඹා නැති බැවින් ඒ‌ ගැන කිසි දෙයක් නො‌කියමි.

මිලට ගෙන වසර දො‌ළො‌සකට පසුව කියවීමට යෙදුන මෙම කතාන්තරය , බහු දෘෂ්ටිකෝ‌ණයන්ගෙන් සමන්විත අපූරු නිර්මාණයකි.
මහනුවර යුගයේ අවසාන කාලයේ සිට වර්තමානය දක්වා ලාංකීය සමාජයේ ඇ‌තිවූ සමාජයීය සහ දේශපාලනික වෙනස්කම් කදිමට කතාවට වියමන් කර ඇ‌ත.

කතුවරිය ඉතා සියුම් උපහාසයකින් ඉංග්‍රිසින්ටත් වඩා ඉංග්‍රිසි කම හිස දරා සිටින ලාංකිකයන් ගැන සඳහන් කරයි. තම පෙලපත් නාම, කුල ගෝ‌ත්‍ර පවත්වාගෙන යාමට පමණටත් වඩා වෙහෙසෙන ලාංකිකයන් ගැන සඳහන් කරයි.

රජ පෙලපත් අවසන්ව, යටත් විජිතවාදයෙන් නිවහල්ව වසර ගණනාවක් ගත වුනද තවමත් නිදහස් නො‌මැති අප ගැන ඇ‌තිවූයේ කණගාටුවකි.

සමාජ ස්ථර කිහිපයක මිශ්‍රණයක් වූ වික්ටර් සහ අයිවන් දෙසො‌හො‌යුරන්ගේ නම් කියවූ විගසම කට කො‌නකට සිනහවක් නැගුනේද නිතැණිනි.

එහෙත් ප්‍රධානම කාරණාව නම් හැම දෘෂ්ටිකෝ‌ණයකින්ම මතු වෙන සිය "අනන්‍යතාව" ගැන සාකච්ඡාවයි.

මෙම කතාන්තරයේ විශ්වීය ලක්ෂණයත් එයමය.

තවමත් නො‌කියවූ අයෙකු සිටියි නම් ඉහළින්ම නිර්දේශ කළ හැකි පො‌තකි.
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
April 7, 2022
කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක - 2010

මෙම නවකතාව මහනුවර රාජධානි යුගය, බ්‍රිතාන්‍ය යටත් විජිත සමය සහ නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ සමාජයේ සහ පවුල්වල සිදුවූ වෙනස්වීම් අලලා කරනලද ගවේශනාත්මක ප්‍රබන්දයක් වේ.

මෙම නවකතාවට අනුව නිලතල වරප්‍රසාද ලබාගැනීම සඳහා පාවාදීම් හැම සමාජ ස්ථරයකම සහ හැම කාලයකදීම සිදුවී ඇත. එම පෙරලියන් සඳහා උපක්‍රම ශිලිව සහය දැක්වුවෝ සමාජයේ ප්‍රභූන් බවට පත්වූ අතර බහුතරය එම වෙනස්වීම් වලට අනුගත වූහ.
Profile Image for Pasan Rajadasa.
58 reviews9 followers
April 28, 2015
I bought this for my mother, as she is a big fan of the author. The book was lying around and I just picked up just to go through quickly to see what it is like. And here I am, giving it 5 stars!
Interesting flow of the events and fabulous language.
Loved it!
Profile Image for Lasitha Yasanga.
16 reviews77 followers
November 19, 2014
Did not like the book. Couldn't even finish the first few chapters. Might give it another shot some other time.
Profile Image for Dushan Godage.
1 review
January 4, 2015
one of the best book of author Sunethra Rajakaruna. It take us to english ruling perioed of 19th centuary. I like to recommend it as must read book.
3 reviews
Read
April 3, 2019
ඇයගේ නවකතා වල කියවෙන කතාව කුමක් උවත් මා දකින්නේ ඒ තුල සැගව ඇති බෞද්ධ දර්ශනයයි.ඇයගේ කතා වල සිටින කාන්තාවන් මෛත්‍රිය සහ මුදිතාව තුලින් ජීවිතය විද ගන්නා ආකාරය මා මගේ ජීවිතයටද ආදර්ශයක් කර ලෙන ඇත්තෙමි. මගේ ප්‍රියතම ලේඛිකාවයි.
Displaying 1 - 7 of 7 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.