Nilakshi Bandara146 reviews16 followersFollowFollowMay 17, 2019"ඇළ වක්‌කලමෙන් වේල්ල කඩාගෙන ගිහින් කහටගහලියෑද්ද සේරම පාළුවෙලා යි. දුක්‌මුසු ස්‌වරයකින් කියමින් තාත්තා ගෙට ගොඩවුණි. ඔහු දුටු විගස මම මා වාඩි වී සිටි බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස් වම් පසින් වූ කාමරයේ උළුවස්‌සට හේත්තු වුණෙමි. ඔහුගේ මුහුණ දෙස වරක් බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගතිමි. මට නැවත වරක් ඒ දෙස බැලීමට පුළුවන්කමක් නැත."(චරිත තුනක් 16 පිටුව)එතුමාට අවශ්‍ය වූයේ ගමේ උපන් අය, ගැමි ආර්ථිකයේ යටත් වැසියන් ව කන, බොන සිටින ආකාරය පෙන්වීමට වඩා මනුෂ්‍යත්වය පිළිබඳ මූලික කරුණු හුවාදැක්‌වී ම ට ය. එක කුස උපන් අප තිදෙනා ත්‍රිවිධාකාර විය. මිනිස් ජීවිතවල පැතිකඩ තුනක් ජයතිලක සූරීන් අප හරහා ලොවට හෙළි කිරීමට ගත් වෑයම සාහිත්‍ය කලාවක් ලොව පවතින තුරුම නොනැසෙනු ඇත.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් අපේ චරිත තුන ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී. ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා මෙම අදීන ලේඛකයා හඳුන්වා තිබුණේ -"ඔහු අපට සිටි දැවැන්තම ලේඛකයා, වෘත්තීය මට්‌ටමේ එකම ලේඛකයා" යනුවෙනි.තවදුරටත් බාලසූරිය මහතා පවසා තිබුණේ -සාහිත්‍යකරණයේදී හෝ විචාරයේදී ඔහු කිසිවිටෙක බටහිර මතවාදවලට ගැති වුණේ නැහැ. ඔහුගේ නිදහස, ස්‌වාධීන චින්තනය ඔහුගේ නිර්මාණ හා විචාරවලින් පැහැදිලි වුණා. ජයතිලකයන් නිරන්තරයෙන්ම සමාජය පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළේ තමන්ටම ආවේණික ක්‍රමවේදයකටය. ඒ සියල්ල සාරගර්භ ප්‍රකාශනයන්.(2011 සැප්. 18 සිළුමිණ - කාලීන)
Akhila Rangana23 reviews2 followersFollowFollowJanuary 26, 2020I always wanted to read this book from 2001 after reading a part from it in our syllabus. It really is a wonderful book about the old traditions, culture in Sri Lanka and mostly about the different natures of people we meet in everyday life.
ඉසුරු ජයතුංග - Isuru Jayatunga13 reviewsFollowFollowNovember 22, 2025'චරිත තුනක්' වනාහි දෙඅංශයක කාරණා මත පදනම්ව අග්‍රගණ්‍ය කෘතියක් ලෙස හැඳින්විය හැක. එක් අංශයක් වනුයේ ලාංකේය ග්‍රාමීය ගොවි සමාජයෙන් බැහැරව යන පුරාණ චාරිත්‍ර වාරිත්‍ර, සම්ප්‍රදායික තාක්ෂණය හා ඒ හා බැඳි දැනුම් සම්භාරය මියයන්නට ඉඩ නොදී අනාගත පරම්පරාවකට දායාද කිරීමට ගන්නා උත්සාහයයි. ඒක අතෙකින්, මේ දැනුම තවත් පර්යේෂණාත්මක ගවේෂණයකට හසුකරගන්නට කරනා ආරාධනයක් ලෙස මෙම කෘතිය දැක්විය හැකි ය.අනෙක් අංශය නම් පාරිසරික හා සංස්කෘතික සාධකයන්ගෙන් ඔබ්බට ගොස් තනි තනි පුද්ගලයන් කෙරෙහි බලපවත්නා වූ ස්වාධීන චින්තන ධාරාවත් එයට ළමා වයසේ පටන් ලැබෙන්නා වූ රුකුලත් මත සමාජයේ පුද්ගල චරිත ස්වභාවයන් විපර්යාසයන්ට ලක්වන ආකාරය මැනවින් ග්‍රහණය කර එළිදරව් කිරීමයි. ඒ අනුව යම් හැසිරීම් හා සිතුවිලි රටාවන්ට ඇඟිල්ල දිගුකර එයට එක් හේතු සාධකයක් පදනම් වූ බව පුනා දක්වන්නට උත්සහ ගන්නා තත්කාලීන සමාජවාසීන්ට එය සැබවින් ම වඩාත් සංකීර්ණ වූ සිතුවිලි කැලතුමක ප්‍රතිඵලක් බව ඉසාගේ ස්වයංකථනයන්ගෙන් පැහැදිලි කරදෙනු ලබයි.තවත් අතෙකින් ස්ථිරසාර වූ සාරධර්ම මූලික කරගත් තමන්ට අනන්‍ය වූ පද්ධතියක රඳා පැවතුණත් කාලයාගේ ඇවෑමෙන් එහි ම හිඳ පුද්ගල සිතුම් පැතුම් හා අදහස් උදහස් වෙනස් වන ආකාරය ජයතිලකයෝ මනා අධ්‍යනයක හිඳ මනරම් ආකාරයෙන් පෙන්වා දෙන්නට සමත්වෙති. මෙනයින් බලන කල්හි මෙකී නවකතාව සිංහල සාහිත්‍ය කලාපය තුළ සුවිශිෂ්ටත්වයෙහිලා සැලකීම අරුමක් නොවන්නේ ම ය.
Thilini Kasthuri49 reviews2 followersFollowFollowApril 25, 2025කේ. ජයතිලක මහතාගේ "චරිත තුනක්" නවකතාව 1963 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් විශිෂ්ට නිර්මාණයකි. මෙම නවකතාව කෝකිලාන නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ගමක් පසුබිම් කරගෙන ඉසා, සනා සහ රංජිත් යන සහෝදරයින් තිදෙනාගේ ජීවිත කතාව ඇසුරෙන් ගලා යාමග සලස්වා ඇත. පිටු 175කින් සමන්විත මෙම කෘතිය තුළින් ගැමි සමාජය, ගොවිතැන, අධ්‍යාපනය, පවුල් බැඳීම් සහ ස්වභාවික පරිසරය ගැමියන්ගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ සවිස්තර චිත්‍රයක් මතු කෙරේ.නාගරීකරණයෙන් පෙර ශ්‍රී ලාංකික ගැමි ජීවිතය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට "චරිත තුනක්" කියවීම අත්‍යවශ්‍යය . අදටත් එහි සාහිත්‍යමය අගය හා සමාජීය අදාළත්වය නොනැසී පවතී.
Cis Gaming1 review1 followerFollowFollowReadNovember 7, 2019its goodThis entire review has been hidden because of spoilers.
Chamara Sampath1 reviewFollowFollowWant to ReadJune 5, 2020සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්නකොට සිංහල සාහිත්‍ය පාඩමක තිබුණා. පොත අරන් කියෙවුවේ 2001දි. තාමත් ආසයි කියවනකොට
GIMHANA SANKALPA 86 reviewsFollowFollowNovember 24, 2023This is a good book I had read.This entire review has been hidden because of spoilers.