Jump to ratings and reviews
Rate this book

බුද්ධදාසි

Rate this book

575 pages, Paperback

First published January 1, 2009

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
21 (51%)
4 stars
15 (36%)
3 stars
3 (7%)
2 stars
2 (4%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Nilu.
639 reviews52 followers
October 23, 2023
බො‌හෝ‌ කාලයක සිට මගේ පො‌ත් රාක්කයේ දුහුවිලි වැදෙමින් තිබුණ පො‌තක්, වසර දාහතරකට පසුව කියවන්නට සිතක් පහල වීම අරුමයකි.

එතරම් කාලයක් මෙය නො‌කියවා සිටීම ගැන ඇ‌තිවන්නේ මහත් වූ පසුතැවීමකි.

කල්කි ක්‍රිෂ්ණමූර්ති ගේ 'පො‌න්නියන් සෙල්වන්' ඉතිහාස කතාව තරමටම රසවත් , විචිත්‍ර විස්තර වලින් සහ ලබැඳි චරිත වලින් පිරුණ අගනා නවකතාවකි 'බුද්ධදාසි'.

ලක් ඉතිහාසයේ දුර්වලම රජෙකු යයි ප්‍රචලිත පස්වැනි මහින්ද ගේ දිවි පෙවෙත පසුබිම් කරගෙන, එම වකවානුවේ අනුරාධපුරයේ ජීවත් වූ ප්‍රබන්ධාත්මක පරුමක පවුලක් වටා කතාව ගෙත්තම් කර ඇ‌ත.

මෙම කෘතිය සැළකිල්ලෙන් කියවන පාඨකයා පො‌ත අවසන් වන තුරු ජීවත් වන්නේ එකො‌ළො‌ස් වන ශත වර්ෂයේය.
එකල තිබූ රාජ්‍ය පාලනය, වෙළෙඳ සබඳතා, ආ‌ගම් ඇ‌දැහිලි, ආ‌ගමික නායකයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වන ආ‌කාරය, විවිධ සමාජ ස්ථර වලට අයත් ජනයා මුහුණ දෙන ගැටලු, ස්ත්‍රීන් ට සමාජයේ අයත්ව තිබූ තත්වය යනාදිය විස්තරාත්මකව චිත්ත රූප ඇ‌ඳෙන ආ‌කාරයට රචනා කර ඇ‌ත.
එය වනාහි අපූරුම කාල තරණ අත්දැකීමකි.

මේ නම් ලෝ‌බ නැතිව තරු පහක්ම දීමට හැකි වටිනා නිර්මාණයකි. ඉතිහාස කතා වලට ප්‍රිය පො‌ත් කාවුන්ට, තවම කියවා නැතිනම් නො‌පමාව කියවන ලෙස ආ‌රාධනා කරමි.
3 reviews
Read
October 21, 2020
ලස්සනයි මම ආසම සුනේත්‍රා රාජකාරුණානායකගේ පොත් වල තියෙන සිිත නිවන ගතියට
Profile Image for Deepika Fernando.
52 reviews7 followers
October 25, 2023
සිත නිවන කතාවකි. කතා සරිත් සාගරයකි.

අනුරාධපුර යුගයේ ජීවත් වන මෙහි සියළුම චරිත රටේ පාලනයට කෙසේ හෝ බලපෑමක් කරයි. නමුත් ඒ සියළු බලපෑම් රටේ සුභ සිද්ධිය පතා මිස රටේ විනාශය සඳහා නොවේ. කුමන්ත්‍රණ, කූට උපක්‍රම වලින් ගැලවී දැහැමෙන් සෙමෙන් රටක් පාලනය කරන්නේ කෙසේද යන්න වර්තමාන පාලකයන්ට පවා කියා දිය හැකි ලියමනක් වන බුද්ධදාසි පුරා දිවෙන සැබෑ බුදු දහමේ හරය කෘතියේ වටිනාකම තවත් වැඩි කරයි.

දේශපාලනය පමණක් නොව එකළ අනුරපුර යුගයේ ආවාහ විවාහ සිරිත් විරිත්, එදිනෙදා දිවියේ ඇවතුම් - පැවතුම් පිළිබඳව කතුවරියගේ දැනුම සහ එම දැනුම නවකතාවකට ගොණු කර ඇති ආකාරය ප්‍රශංසනීය යි.

මේ සියලු තේමා නිර්මාණශීලී ලෙස ගොඩ නගන අතරම සංසාරගත බැඳීම් සහ එම බැදීම් වලින් නිදහස් වන්නේ කෙසේද යන පණිවිඩයත් ඉතා සරල ලෙසින් කියවන්නාට ලබා දීමට කතුවරිය සමත් වී ඇත.

ලියැවිල්ල දිගු නමුත් රසවත්ය. කුතුහලයෙන් පිරී ඇත. එබැවින් කියවිය යුතුය.
Displaying 1 - 3 of 3 reviews