Savage Sanctuary - R L Spittal
අනුවර්තනය - වන සරණ - A P ගුණරත්න (1956)
Vanished Trails - R L Spittal
අනුවර්තනය - මැකීගිය දඩමන් (1963)
කොළඹ රෝහලේ සේවයකළ දොස්තර කෙනෙකු වූ ස්පිට්ල් 1930 දශකයේ ලංකාවේ වැද්දන් අලලා කරනලද ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසට මෙම ප්‍රබන්ධය නිර්මාණයවී ඇත.
මෙම කාලයේ ලංකාවේ වන ග්‍රහණය, එහි විසු වන සතුන් ප්‍රමාණය, සහ වැදී ජනග්‍රහණය අදට සාපේක්ෂව අධික විය. වැදී ප්‍රජාව වනසතුන් දඩයමින් තම ආහාර ලබාගනිමින්, ඔවුන්ගේම භාෂාවන් කතාකරමින්, තමන්ගේම සංස්කෘතියකට අනුව ජීවත්වෙමින්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරමින් සහ තම මලයකුන් ඇදහූ කුලෑටි ජනකොටසක් විය. ඔවුන් සංචාරක දඩයක්කරුවන් වුහ. නිවාස තනාගැනීම හෝ ගොවිතැන් කිරීම ඔවුන් නොදැන සිටියහ. සමාජ ආශ්‍රයට නොපැමිණෙන ඔවුන් ගල්ගුහා වල වෙසෙමින් රහසිගතව ජිවත්වුහ.
කෙසේවෙතත් තම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ආයුද, ලුණු, රෙදිපිළි, ධාන්‍ය වර්ග ලබාගැනීමට ඔවුන් හට තම අසල්වාසී සිංහල ගැමියන් සහ මුස්ලිම් වෙළෙඳුන්ගේ සහයෝගය ලබාගැනීමට සිදුවිය. බොහෝවිට තමාගේ හුවමාරු භාණ්ඩ වන දඩමස්, මුව හම්, මීපැණි වැනි ද්‍රව්‍ය වල වටිනාකම නොදත් වැද්දන් මොවුන් විසින් රවටනු ලැබිය. මුස්ලිම් වෙළෙන්දන් එම කාලයේද ලාභදායි වෙළඳ භාණ්ඩයක්වූ ගන්ජා වගාකරගැනීමට වැද්දන් යොදා ගත්හ.
තිසාහාමි වැද්දන් වෙසෙන පෙදෙස් වල ජිවත්වූ වැදී සම්භවයක් ඇති දඩබ්බර චරිතයක් ඇත්තෙක් විය. ඔහුගේ ළමා කාලය වනගත හාමුදුරු කෙනෙකුගේ රැකවරණ යටතේ ජිවත් වෙමින් ඉගැනීමේ කටයුතු සාර්ථකව සම්පුර්ණ කරගත්තේය. ඔහු ගනුදෙනු වලදී මුස්ලිම් වෙළෙඳුන්ගේ හෝ සිංහලයන්ගේ රැවටීමට ලක්නොවිය.
හුදු බණ්ඩී සහ වල්ලි ඔහුගේ අඹුවන් විය. හුදු බණ්ඩා, කපුරු, කොම්බි, ටිකිරි, බාල වන්නියා දරුවන් විය. හුදු බණ්ඩා කල මිනි මැරුමක් නිසා චෝදනා ලැබීමෙන් පසුව තිසාහාමි තම දරුවන් සමඟ ඔහු වසර දහයක් පමණ පොලිස් නිලධාරීන්, ගමේ ආරච්චිල, ගමරාල වැනි පිරිසෙන් සැඟවී ජිවත් විය. වනය ගැන හොඳ අවභෝධයකින් ජිවත් වූ නිසා පොලිසියට හෝ වැද්දන්ට තිසාහාමි ගැන කිසිම සාක්ෂියක් හමු නොවිය. ඔවුන් උපකල්පනය කලේ තිසාහාමි මල බවය.
1930 දශකයේ ඇතිවූ දැඩි නියඟය සහ ආහාර හිඟය නිසා තම ජිවිත රැකගැනීමට පාරම්පරික වැද්දන් තම සංචාරක දඩයක්කාර ජීවිතය අත්හැර සිංහල ප්‍රජාව සමග මිශ්‍ර වීමට සිදුවිය.