Jump to ratings and reviews
Rate this book

බිම් ගෙයි සිර කරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටි කථා

Rate this book

343 pages, Paperback

First published January 1, 1956

11 people are currently reading
178 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
35 (54%)
4 stars
18 (28%)
3 stars
7 (10%)
2 stars
3 (4%)
1 star
1 (1%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 27, 2024
බිම් ගෙයි සිරකරුවා හා වෙනත් ශේෂ්ඨ රුසියානු කෙටි කතා - තෝරා සකස්කොට සිංහලට පරිවර්තනය කරනලද්දේ ආචාර්ය K G කරුණාතිලක විසිනි.

මෙම ග්‍රන්ථය මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1956 දීය. එය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයටත්, උසස් පාඨශාලා සහතිකපත්‍ර විභාගයටත් පාඨ ග්‍රන්තයක් ලෙසට නිර්දේශ විය.

මෙහි අඩංගු කෙටිකතා දහය රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයින් දහ දෙනා නිරුපනය වන අයුරින් තෝරාගෙන ඇත. එම කතා පෙලගස්වනු ලබා ඇත්තේ රුසියානු සාහිත්‍යයේ ආරම්භයත්, විකාශනයත්, පසුව අවසානයත් නිරුපනය වන අයුරිනි.

රුසියානු සාහිත්‍ය ලෙසට හඳුන්වනු ලබනුයේ විප්ලවයට පෙර රුසියාවේ බිහිවූ සාහිත්‍ය යයි. එය ආරම්භ වනුයේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගෙන් වන අතර අවසාන වනුයේ මැක්සිම් ගෝර්කි ගෙනි.

මෙහි අන්තර්ගත කෙටි කතා;

1. ඉස්කෝප්ප රැජින - ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (1799-1837)
2. බිම් ගෙයි සිරකරුවා - නිකොලයි ගොගොල් (1809-1852)
3. තාමන් - මිහායිල් ලේමන්තොෆ් (1814-1841)
4. එෂ්යා - ඉවාන් තුගේන්ෆ් (1818-1883)
5. නත්තල් ගස සහ විවාහ මගුල - ෆ්යෝදෝර් දස්ත්යෙවුස්කි (1821-1881)
6. පිටුවහල් කිරීම - ලියෝ ටෝල්ස්ටෝයි (1828-1910)
7. රතු මල - සේවලෝඩ් ගර්ෂින් (1855-1888)
8. බල්ලකු කැටුව යන කාන්තාව - ඇන්ටන් චෙකොෆ් (1890-1904)
9. මකාර් චුද්‍ර - මැක්සිම් ගෝර්කි (1868-1936)
10. නිශ්ශබ්දතාව - ලියෝනිද් අන්ද්රිෆ් (1871-1919)

රුසියානු සාහිත්‍ය පෝෂණය ලැබුයේ ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් ආදී යුරෝපිය සාහිත්‍යයෙනි. 18 වන සියවසේ මුල් භාගයේ ආරම්භවූ රුසියානු සාහිත්‍ය 19 වන සියවසේදී ලොව විශිෂ්ඨම සාහිත්‍ය යන් ගෙන් එකක් විය.
දියුණු වූ සාහිත්‍ය ඇති අන් සියලුම ජාතීන්ට වඩා දක්ෂ අන්දමින් අභ්‍යන්තරික සිතුම් පැතුම් හා ගුඪ චයිතශික ධර්මයන් ප්‍රකාශකිරීමට රුසියානු සාහිත්‍ය ධරයෝ සමත් විය.

K G කරුණාතිලක ශ්‍රී ලංකා පරිවර්තන සාහිත්‍යට විශාල සේවයක් ඉටුකර ඇති සාහිත්‍ය ධර්යෙකි. ඔහුගේ පරිවර්තන අතරින්; ටාසන් ගේ නවකතා, මොනත ක්‍රිස්තෝ සිටුවරයා, රොබින්සන් කෘසෝ, ඇ හෙවත් අයේෂා ඉතාම ජනප්‍රියත්වයට පත්වූ කෘතීන් වේ.
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.