Nilakshi Bandara146 reviews16 followersFollowFollowMay 17, 2018ආයාචනයක් ...පන්තියේ අන්තිම පේලියේ සැමදා වාඩිවෙනම් කළු ලකුණු ගන්නා , කිසිදා ධණ ලකුණක් නොගත්, අන්තිම පේලියේ කෙල්ලන්ට කොල්ලන්ට විනෝදය සපයන ඔබ ප්‍රතික්ෂේප කළ දඩබ්බර කොලුවා මමයි .. සැමදා මා ප්‍රතික්ෂේප කළ වරදට ඔබේ නම ඉදිරියෙන් කළු ලකුණක් නොවැටේද? ගුරුතුමනි ....ශිෂ්ඨාචාරගත නොවූ සිසු පිරිසක් ... එහෙමත් නැත්නම් දඩබ්බර නූගත් පාදඩයන් ගානට වැටුනු සිසු පිරිසක්... සමාජයෙන් ගුරුවරුන්ගෙන් කෙතරම් කොන් වෙනවාද... සිසුන්ගේ වැරදිවලට දඩුවම් කිරීමෙන්ම සිසුන් වෙනස් කරන්න පුලුවන්ද?.. උගන්වන්න බෑ.. හදන්න බෑ.. මුන්ට ඉගෙනගන්න බෑ... මුන්ගෙ හැදියාවක් නෑ... කියල කෑ ගහන ගුරුවරු පිරිසක් තුල සිසුවෙක්ට තම වැරදි අඩුපාඩු හදාගෙන ගොඩ එන්න පුලුවන්ද... සමාජයෙන් පමණක් නෙවෙයි සිසුන්ගෙන් පවා කොන් උන චරිතයකට සිසුන්ගේ අඩුපාඩු හදල සිසුන්ව යහ මගට ගන්න පුලුවන්ද?... එහෙම චරිත ඉන්නෙ කතා පොත් වල විතරමද?..........මෙන්න ඒ හැම එකටම පිලිතුර............. දහසක් ගුරුවරුන් අතර සැබෑ ගුරුතුමෙක් ගැන කියවෙන .... ගුරු තරුව ඔබයි.......................ශිෂ්ඨාචාරයෙන් බැහැර වී මුඩුක්කු පරිසරයක හැදුනු උගන්වන්න බෑ කියල අහකදාපු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට ජීවිතයේ නිසි මග පෙන්වාදෙන සැබෑ ගුරුතුමෙක්ගේ කතාව මෙම කෘතියෙහි අන්තර්ගතය. කළු ජාතිකයෙකු වූ මෙම ගුරුතුමාට පාසල් ගුරු මණ්ඩලයෙන් මෙන්ම සිසුන්ගෙනුත් ලැබෙන අපහාස උපහාස මායිම් නොකර සිසුන්ගේ ජීවිතයේ වැරදුන තැන් සොයා පිලියම් කරමින් සිසුන්ට අලුත් ජීවිතයකට යහපත් අනාගතයකට මාර්ගය හදන මේ ගුරුතුමා ගුරුතුමෙකුගේ කාර්යභාරය පොත පත දැනුම දීම පමණක් නොව ජීවිතය සමාජය යහපත් ගති පැවතුම්ද ඉගැන්වීම බව පෙන්වා දේ.ඔයාලා කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම කියවලා බලන්න කියලා මම ඔයාලටත් යෝජනා කරනවා.අන්තිමට To Sir With Love පොතේ සිංහල පරිවර්තනය වෙන "ගුරු තරුව ඔබයි" පොතේ අන්තිමට තියෙන වදන් ටිකෙන් මේ කතාව අවසන් කරනවා.අයහපත් දේ කරන, නොමගටම යන දරුවන් විවේචනය කිරීම, ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.අවිද්‍යාවේ ගිලී අන්ධව,තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.පෙන්වා මග, නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,සැබෑම ගුරු උතුමෙකි,උත්තම මනුෂ්‍යයෙකි,හෙතෙම ගුරු තරුවකි...owned-books