Jump to ratings and reviews
Rate this book

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව

Rate this book

355 pages, Paperback

First published January 1, 2002

7 people are currently reading
89 people want to read

About the author

R.L. Brohier

11 books5 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (50%)
4 stars
3 (25%)
3 stars
3 (25%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
December 3, 2022
Discovering Ceylon - R L Brohier 1973
පරිවර්තනය: බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව (2002)

ආචාර්ය R L බ්‍රෝහියර් භූගෝල විද්‍යාඤයකු, ඉතිහාසඤයකු සහ මිනින්දෝරුවකු ලෙස ලංකාවේ සියලු අස්සක් මුල්ලකම 1910 සිට 1949 දක්වා කරනලද සංචාරයන් වලදී තම වෘත්තියට අමතරව එම ප්‍රදේශවල විසු ගැමියන් අතර ප්‍රචලිත ජන කතා, ආගමික ඇදහිලි, මිත්‍යා විශ්වාස සහ තොවිල් පවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිඹඳව ගවේශනාත්මක තොරතුරු සිත්ගන්නා ආකාරයට විස්තර කර ඇත.

1910 ලංකාවේ මහා මාර්ඝ පද්දතිය ස්ථාපිතව නොතිබුන අතර ඔවුන්ගේ ගමන් බක්කි කරත්ත වලට සහ පාගමනට සීමාවිය. රට පුරා සංචාරයේ යෙදෙන මිනින්දෝරුවන් පුරාවිද්‍යාවට අදාල සාධක හමුවුවිට එම ස්ථාන සිතුවම් ගත කර සහ ස්ථානය සඳහන් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්විමන් පසු ඒවාට අදාල පුරාවිද්‍යාත්මක ගවේෂණයන් මගින් ලංකාවේ බොහොමයක් පුරාවිද්‍යාත්මක ස්ථානයන් සොයාගන්නා ලදී.
බොහියර්ට අනුව 1920 දී පමණ ලංකාවේ පිහිටියේ ප්‍රථමික ඝන වනාන්තරයන්ය. වාහන ගමනාගමනය සිදු නොවූ නිසා එහි වල් සතුන් නිදහසේ බහුලව ගැවසුණහ. ඔහු හට විල්පත්තුවේ විලක අලින් විශාල සංක්‍යාවක් දැකගන්නට ලැබුණි. එතන අලි සමාජයේ කොන්වුණා තනි අලියකු විය. අලි රංචු කොපමණ සිටියත් මෙම අලියා කිසිවෙක් සමඟ සම්බන්දතා නොපවත්වා දිය බි පිටත්ව ගියේය. අනිත් අලින් ද තනි අලියා ගණන්ගත්තෙ නැත. එක අලි රංචුවක් සමඟ තවත් අලි රංචුවක් කිසිම සම්බන්ධතාවක් පැවැත්වුයේ නැත. අලි රංචු ස්වාදීනව වෙන වෙනම වතුර විද ගනිමින්, කුන්චනාද කරමින්, පොරකමින් විනෝද විය. එක රංචුවක කුඩා පැටවකු වැරදීමෙන් වෙනත් රංචුවක් තුලට යාම නිසා කුපිතවූ එම රංචුවේ ඇතින්නියන් පැටවාට පහරදුන්හ. වේදනාවට පත් අලි පටවා මර හඬ දෙමින් තම රංචුවට එක්විය.

වසර 20 පමණ පසු බ්‍රෝහියර් එම ප්‍රදේශයට යාමේදී විල්පත්තුව වනෝද්‍යානයක් ලෙසට ස්ථාපිත කරතිබූ අතර මහා මර්ඝ පද්දති ස්ථාපිත වී තිබුණි. ඔහු හට දැක ගැනීමට හැකිවුයේ අලින් දෙදෙනෙකු පමණි.
ලංකාවේ එයිතිහාසික ජන ජීවිතය ගැන ගවේශනාත්මක ලිපි බොහොමයක් ලියා ඇත්තේ විදේශිකයන් විසිනි. 1650 දී රොබට් නොක්ස් විසින් රචිත පොතද මින් ප්‍රධාන තැනක් ගනී.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.