Jump to ratings and reviews
Rate this book

ස්වයංජාත

Rate this book

273 pages, Paperback

First published January 1, 2007

9 people are currently reading
227 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
73 (65%)
4 stars
22 (19%)
3 stars
11 (9%)
2 stars
2 (1%)
1 star
4 (3%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
April 14, 2022
ස්වයංජාත - සමරවීර විජයසිංහ - 2007

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ දකුණු පළාතේ ප්‍රභූ පවුලක රූමත් බිරිඳකට විරූපී කාලවර්ණ දරුවකු ඉපදීම නිසා ඇය හට ස්වාමියාගේ පාර්ශ්වයෙන් කෙරුණ නිග්‍රහ විඳ දරාගැනීමට නොහැකිවී දිවිනසා ගැනීමට සිදුවීමද, විභූතිරත්න නමැති මෙම දරුවා පිය පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප වී තම මවගේ සොහොයුරාගේ රැකවරණයේ ඇතිදැඩි වී ඉමහත් උත්සාහයෙන් තම අභියෝග ජයගෙන ජීවිතය සාර්ථක කරගැනීමක් විස්තර කෙරෙන නවකතාවකි.

දරුවකුගේ ජීවවිද්‍යාත්මක දෙමාපියන් තහවුරු කරගැනීමට DNA තාක්ෂනය නොමැති කාලයක මෙවැනි දරු උපත් නිසා අහිංසක මවුවරු නොකළ වැරදි වලට චෝදනා ලැබුහ.

බෞද්ධ සාහිත්‍යයේ එන කුස-පබාවතී කතාවේ රූමත් රජ බිසවකට දාව විරූපී කුස කුමරු උපදින්නේ පෙර භවයකදී කරනලද අකුසල කර්මයක් පඩිසන් දීමට බව සඳහන් වේ.

1969 ප්‍රදර්ශනය වූ Born Black to White Parents සුදු දෙමාපියනට කළු දරුවකු ඉපදීම නිසා හටගත් වියවුල සම්බන්දයෙන් ගොඩනැගුනු චිත්‍රපටියකි.

දරුපල නොතිබූ බැවින් විභූතිරත්න ගේ දෙමාපියන් යක්කුටිගල හිමියන් ගෙන් ගුරුකම් ශාන්තිකර්ම වල පිහිට පැතුහ. යක්කුටිගල හිමියන් කාලවර්ණ විරූපී දැවැන්ත පුරුෂයකු විය. පෙනුමෙන් අවලක්ෂණ වුවද එතුමන් ඉතා සිල්වත් සහ මහා දැනුම් සම්භාරයක් සහිත ආකර්ශනිය පුද්ගලයෙක් විය.

විභූතිරත්නගේ ජීවවිද්‍යාත්මක පියා යක්කුටිගල හිමිද, එසේ නැතිනම් විභූතිරත්නගේ මව යක්කුටිගල හිමියන් වෙත තිබුන ඉමහත් ගව්රවය සහ පැහැදීම නිසා ඔහුගේ රූපය කළලයට ආදේශවිමද, නැත්නම් මෙවැනි සමානකම් ඇති මිමුත්තෙකු පවුලේ සිටි නිසා විභූතිරත්නට පිහිටියේ ඔහුගේ ජාන සම්භවයද යන්න නොවිසඳුන ගැටලුවකි.

බුද්ධිමත් දරුවකුවූ විභූතිරත්නට තම විරූපී සවරුපය නිසා අකටයුතුකම් දරාගත නොහැකිව පාසැල් ගමන නවතා දැමීමට සිදුවිය. පසුව ඔහු ස්වයන් අද්‍යයපනයෙන් සහ මාමා ගේ දේශීය වෙදකම ඉගන ගැනීමෙන් සාර්ථකත්වය ලඟාකර ගත්තේය.
Profile Image for Shanaka Rusith.
23 reviews4 followers
May 18, 2018
ඉතා ආසාවෙන් කියවූ, ඉතාම ආකර්ශ්‍යනීය ලෙස කතාවේ ගලායාම සකස් කර ඇති පොතකි. මිනිසුන්ගේ හැගීම් සහ අවස්ථා මන බදින ආකාරයෙන් විස්තර කර ඇත. කුතුහලය දනවන කතාවක් නිසා අවසානය දක්වා නොඉවසිල්ලෙන් කියවූ පොතකි.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
January 29, 2024
විශිෂ්ඨ ම ගණයේ නව කතාව ක්.
යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ ගමක පවුලක සිදුවන පෙරළියක පෙලහරය.
විභූතිරත්න නම් විභූතිය තරුණයාගේ උපත, පැවැත්ම සියල්ල අරුම යකි. ආදරය, කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පලිගැනීම මේ සියල්ල එක මිටක් ලෙස දායාද වී ඇති ඔහු ගේ හෙට දවස කුමක්ද?
Profile Image for im_just_vidu.
318 reviews2 followers
August 1, 2020
"ස්වයංජාත" නමින් මෙම පුස්ථකය අැසුරු කරගෙන රූපවාහිනියේ ප්‍රදර්ශනය කෙරුණු කතා මාලාව නැරඹීමට පෙර මම මෙම ග්‍රන්ථය කියවා තිබුණි නම් කෙතරම් අගනේද යන්න මට සිතුණි. මම එම ටෙලි වෘතාන්තය මුල සිට අග දක්වා නරඹා නොතිබුණද වැදගත් යැයි සැලකිය හැකි ප්‍රධාන සිද්ධීන් කිහිපයක් නරඹා තිබීම මා විසින් ග්‍රන්ථයට කළ අසාධාරණයක් ලෙසය මට හැඟුණේ. ටෙලි කතාව තුලින් නොටුදු අපූරු සුන්දරත්වයක් මෙම ග්‍රන්ථය තුළ ගැබිව අැති බව ඉඳුරාම ප්‍රකාශ කල හැක.
විභූතිරත්නගේත්, පබාවතී හා මන්ද්‍රීගේත් ජීවිත වටා ගොඩනැගුණු මෙම කතා වස්තුව මීට වඩා පාඨකයන් අතරට යා යුතු බව මගේ විශ්වාසයයි. මෙම ග්‍රන්ථය පළමු ස්වර්ණ පුස්තක සම්මානය හිමි ග්‍රන්ථය බව දැනගත් පසු මට දැනුණේ වර්තමානයට වඩා 2007,2008 වසරවල විනිශ්චය මණ්ඩලය සාහිත්‍ය රසකාමීන පිරිසක් විය හැකි බවය.
23 reviews2 followers
November 23, 2020
සිංහල නවකතා කියවීමට මා තුල එතරම් කැමැත්තක් නැත්තේ මානය නිසා නොව, ඒ තරම් හොඳ සිංහල නවකතා නැතැයි සිතා සිටිය මනස්ගාත නිසා යැයි ස්වයංජාත පොත කියවීමෙන් වැටහුණි.
මේ තරම් සොඳුරුව ගලා ගිය පොතක්, කාලයක්, වේලාවක් ගත වෙනවා නොදැනුණු ⁣පොතක් මා කියවා නැති නැති තරම්ය.
සැබෑ ආදරය වනාහි පුහු රෑපයට ඇති ආකර්ශනය නොව, මිනිසෙකුගේ ආධ්‍යාත්මය දැන හැදින එ් කෙරෙහි පෙම් බැඳීම යැයි මොනවට කියා පාන කතාවක්... ස්වයංජාත පොතට අප්‍රමාණව පෙමින් බැඳුනෙමි.
ජිවිතය දෙස, ආදරය දෙස වෙනම අයුරකින් බැලීමට මංමාවත් පෑදු සමරවීර විජයසිංහ මහතා හට බොහොම ස්තුතියි....!! මේ පොත ජිවිතයේ එක් වරක් හෝ හැමොම කියවිය යුතු පොතක් ලෙස නිර්දේශ කරමි...
Profile Image for Bandarawela Nyāṇaruchi.
6 reviews12 followers
September 22, 2022
විශිෂ්ඨ නව කතාවක් බව කිව යුතු යි. එයට පසුකලෙක ලියැවී ඇති "පාරමී දම් පුරා සපැමිණ" ගී පද ද ඊට නොදෙවිනි යි.
Profile Image for Ruvi Perera.
170 reviews1 follower
June 18, 2025
It was like travelling through time to the period of British Ceylon. My eyes were glued to the book until I realized that I had reached the end of the book.
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
December 18, 2015
superb ending.... build the characters so properly and the story is not boring.. some of the incidents are breathtaking.... the very meaning of the book is something science has not yet discovered... but there could be a possibility ....
Profile Image for Pabodha Weerasinghe.
7 reviews
October 14, 2021
One of the great book I've read so far. Story is very good and plot flows without a problem, story itself encourage us to read it without a break.
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.