චුම්භන කන්දට ඉහලින් එදා පෑයූ හඳ වෙනදා පායන හඳ නොවීය. එය මහළුවියට එලඹෙමින් සිටින්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටවන හඳකි. අහස තම පුළුල් වත මුලුමනින්ම හඳට වෙන්කරදී සිටියාය. සිනාසෙන හඳෙන් විහිදුණේ ගස් ගල් යට පවා කිසිඳු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නාවූ එලියකි.