Jump to ratings and reviews
Rate this book

සෝමපුර වීරයෝ

Rate this book

136 pages, Paperback

Published January 1, 1993

1 person is currently reading
65 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
47 (61%)
4 stars
21 (27%)
3 stars
8 (10%)
2 stars
1 (1%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Nalina.
195 reviews
January 7, 2026
Somapura Weerayo by Kulasena Fonseka is a gripping young adult novel set against the rich historical and natural landscape surrounding the sacred Somawathi site and the Mahaweli River. Blending mystery, adventure, and emotional depth, the story draws readers into a world of curiosity, exploration, and courage.
Profile Image for Nilakshi Bandara.
146 reviews16 followers
February 8, 2019
පොතක් ගැන වදනක්
සෝමපුර වීරයෝ
කුලසේන ෆොන්සේකා මහතා විසින් රචිත සෝමපුර වීරයෝ යොවුන් නව කතාව ඓතිහාසික සෝමාවතී පුදබිම වටා ඇති වනාන්තරය සහ මහවැලි නදිය පසුබිම් කර ගත් කුතුහලය, ගවේෂණය, ත්‍රාසය, උත්සාහය සහ මානුෂික හැඟීම් ඉස්මතු කර දක්වන යොවුන් නවකතාවක් ලෙස හැඳින්විය හැක.
අජිත් රුවන් සුනිල් පාසල් මිතුරන් වන අතර , පාසල් නිවාඩුවකට පොළොන්නරුවේ පදිංචි අජිත්ගේ අයියගේ නිවසට පැමිණෙති.එම නිවසේ සිට සෝමාවතිය බැලීමට යාමට අදහස් කරන මොවුන්ට සෝමාවතී පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු කීර්ති නමැති උපාධිදාරී ගුරු මහතකු අතුරුදහන් වී ඇති බව ආරංචි වේ.පසුව හඳුනාගන්නා ඔහුගේ සොයුරු ජයන්තද සමග අලි ඇතුන් ,වග වලසුන් ගහන වනාන්තරය මැදින් ගිරිදුර්ග පසුකරමින් කුසගින්නේ සහ පිපාසයෙන් පිඩා විඳිමින් මෙම කණ්ඩායම ගමනේ යෙදෙති.
මෙම ප්‍රදේශය මැදින් ගලාගෙන යන මහවැලි ගඟ වෘද්ධ අවස්ථාවේදී ඇතිවන භූගෝලීය ලක්ෂණ කතුවරයා විසින් දක්ෂ ලෙස විස්තර කර ඇත. වගුරු බිම් ,විල්ලු , වැලි කඳු මින් සමහරකි.
මොවුන්ගේ නොපසුබට උත්සාහය නිසා නිධන් හොරුන්ට අසුවුන ගුරුවරයාව බේරා ගත හැකිවේ.මෙහිදී ප්‍රධාන චරිතයන් කතාව අවසානය දක්වාම සමගියෙන් එකමුතුව ක්‍රියා කරනු අපට දැකගත හැකි විශේෂ ලක්ෂණයකි.
මෙම නවකතාවේ තේමාවෙන් අර්ථවත් වන අරමුණු කිහිපයක් දැකිය හැකිය, නිධන් හොරුන් නිසා ඓතිහාසික ස්ථාන විනාශ වීම ,එමගින් අනාගත පරපුරට සිදුවන අසාධාරණය ,මෙම ඓතිහාසික පුරාවස්තුන් රැකගැනීමට උත්සහ දරන සීමිත පිරිස මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට සහ තර්ජනයට ලක්වී ජිවිතාවධනමකට ලක් වීම ඉන් කිහිපයකි.අවසානයේදී මානව භක්තියෙන් හා බුදු දහමේ සඳහන් අවිහිංසාව ශ්‍රේෂ්ඨ බුදු වදනින් කතාව නිම කරයි.
කීර්ති ගුරු මහතාගේ සහ මිතුරන්ගේ ජිවිත වල‍ට මරණ තර්ජන එල්ල කළ තුවාල ලැබූ දඩයක්කරුවා කැලේ මිය යෑමට ඉඩ නොදී අමාරුවෙන් ඔසවාගෙන අසල ගම්මානය කරට රැගෙන එති.එමෙන්ම මෙලොව කිසිම කෙනෙකුට පරිසරයට ,සතා සීපාවන්ට වින කරමින් සැමදා ආරක්ෂිතව සිටිය නොහැක. කෙදිනකදී හෝ ඔවුන්ට දඬුවම් විදීමට සිදුවේ.
නිලක්ශී බණ්ඩාර


කුතුහලයකින් යුතුව කියැවිය හැකි යොවුන් නවකතාවකි, සෝමපුර වීරයෝ. මෙම කෘතිය කුලසේන පොන්සේකාගේ නිර්මාණයකි. තවද මෙම කෘතියට 1989 වසරේදි හොඳම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වී තිබේ.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.