Nanda Wanninayaka91 reviews25 followersFollowFollowAugust 22, 2014අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ ‛මනුතාපය’ අපට පෙර පන්තිවල සිසුනට අ:පො:ස: සාමාන්‍ය පෙළට නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස පැවතුණි. අවාසනාවට අප සාමාන්‍ය පෙළ පංතියට යනවිට නිර්දේශිත වූයේ වෙනත් නවකතාවක් නිසා මනුතාපය දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමේ අවස්ථාව අපට මගහැරුණි. එහෙත් තනිවම පොත කියවා රසවිඳීමට එය බාධාවක් නොවිණි.මනුතාපය ප්රංශ ලේඛක වික්ටර් හියුගෝගේ ‛Les Misérables’ හෙවත් ‛The Miserable’ නම් නවකතාවේ සිංහල අනුවර්තනයයි. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල සූරීන් මෙම දීර්ඝ නවකතාව මුල් පොතේ රසයත් රැකගෙන පිටු 200කට පමණ සංක්ෂිප්ත කළේ කෙසේදැයි විමතියකි. මෙම අනුවර්තනයේ ඉතාමත්ම අලංකාර, ව්‍යක්ත සිංහලෙන් ගැබ්ව තිබේ.මනුතාපයේ ජනවර්ජන ඔබට තවමත් මතක ඇතැයි සිතමි. තම සහෝදරියගේ දරුවන්ගේ බඩගින්න නිවීමට පාන් ගෙඩියක් හොරකම් කිරීම නිසා අවුරුදු 19කට ටූලොං ගැලියේ සිරකරුවකුව වහල් මෙහෙයේ යෙදීමට ඔහුට සිදුවේ. ටූලෝං ගැලියෙන් නිදහස්වුවත් අපරාධකරුවකු යන හංවඩුවත් සමග අතරමං වන ඔහු ‛බීස්කූන්වහන්සේ’ නමකගේ හෙවත් කරුණාවන්ත රදගුරුතුමෙකුගේ මාළිගයක නවාතැන් ගනී. එහිදී ඒ උතුමන්ගේ සීමාවක් රහිත කරුණාවට භාජනය වන ඔහු හොඳ මිනිසකු වන්නට හිතා ගනී.මේ චින්තන විප්ලවයත් සමගම වෙනත් ඈත නගරයකට යන ජනවර්ජන බිස්කූන් වහන්සේගෙන් හොරකම්කළ (එහෙත් පසුව ඔහුට එතුමා විසින්ම තෑගිකළ) රිදී භාණ්ඩ විකුණා එයින් ලැබෙන මුදලින් කර්මාතශාලාවක් අරඹා ව්‍යාපාරිකයකු ලෙස දීර්ඝ ගමනක් යයි. පසුව එම නගරයේ නගරාධිපති බවටද පත්වන ඔහු ප්‍රසිද්ධ වන්නේ මඤ්ජුල යන නාමයෙනි.ඔහු අතීතය වළදා දැමීමට උත්සාහ කළත් දිගින් දිගටම ඔහු පසුපස එළවන ජන්තු නම් පොලිස් නිලධාරියා ඔහුගේ ජීවිතය නැවතත් ආගාධයට ඇද දැමීමට නිරතුරුවම උත්සාහ කරයි. මේ අතරම ඔහු දුප්පත් ගැහැනියකගේ අනාථ දියණියකද රැකබලා ගැනීමේ අසීරු කටයුත්තද බාරගන්නේ නිමක් නොමැති තමන්ගේ කරදරවලට අමතරවය. මෙතනින් මතු කතාව ඔබම කියවා බලන ලෙස මම ඇරයුම් කරමි.
Prasad PolwatteAuthor 5 books13 followersFollowFollowMay 5, 2022මනුතාපය "ද ලේ මිසරාබ්ලේ" - වික්ටර් හියුගෝපරිවර්තක - අයි එම් ආර් එ ඊරියගොල්ලලෝකයේ මනක්කල්පිත ග්‍රන්ථ මාලාවේ ශ්‍රේශ්ථතම පුශ්පය ලෙස "ද ලේ මිසරාබ්ලේ" ලෙස විචාරකයන් සඳහන්කර ඈත.මෙම පොත කොරොනා මර්දන ඈඳිරිනීති සමයේ නෑවතවරක් කියවු නමුත් මුලදී කියවනලද්දේ පාසෑල් සමයේ 7-8 ශ්‍රේනිවල ඉගනගන්නා කාලයේදීය. එකල පාසෑල් සින්හල පාඩම් පොතේ මනුතාපය, දේවතාපය, විජයබා කොල්ලය වෑනි පොත්වල පරිචෙද සහ සුදො සුදු වෑනි කවිපොත්වල කොටස් කියවීම සඳහා මුද්‍රනකර තිබුනි. ඒවා කියවීමෙන් අපි මහත් වින්දනයක් ලෑබු අතර එහි මතක ජීවිතකාලය පුරාම පෑවතුනේය. මෙය මට පමනක් නොව අප වයසේ බහුතරයකගේ අද්දෑකීම වුයේය. හෑටන් නෑශනල් බෑන්කුවේ හිටපු සභාපති රියන්සි විජේතිලකගේ චරිතාපදානයේ ඔහු හට අමතක නොවන කියවීමක් ලෙස සුදො සුදු කවිපොතේ අන්ද දරුවා තම මවගෙන් පරිසරයේ අලන්කාරය ගෑන විමසන කවි සඳහන්කර ඈත.මෙය 1815 ප්‍රන්ස සමායජ සහ මානව දයාව ඉතා සන්වෙදීලෙස ඉස්මතුකර පෙන්වන නවකතාවකි.ජනවර්ජන (ජෝන් වෑල් ජෝන්) දුප්පත් අවිවාහක, සෑමියා මියගිය තම සොහොයුරියගේ පවුලේ බර කරටගත් රුක්වඩුවෙකි. ශීත සෘතුවේ තම ජීවනොපාය අහිමිවීම නිසා ඔහු පාන්ගෙඩියක් සොරකම්කිරීමට ගොස් හසුවී වසර හතරකට සිරගෙට නියවුයේය. සිරගෙදර තාඩන පීඩන උසුලාගත නොහෑකිව හතරවාරයක් පෑනයාමට උත්සාහකර තම සිර දඬුවම වසර 19 කට දීර්ගකරගත්තේය. සිර දඬුවම මගින් අහින්සක රුක්වඩුවා ක්‍රමයෙන් දරුනු පුද්ගලයකුවුයේය.හිරකරුවකුවු ජනවර්දන නිදහසින් පසුවද සමාජයෙන් ප්‍රතිශෙප කරනුලෑබුවේය. ඔහු හට අනුකම්පාව දක්වන ලද්දේ කරුනාවන්ත බිස්කුතුමෙකු විසිනි. එතුමාගේ අවවාද අනුගමනය කරමින් ජනවර්ජන තම ඉතිහාසය සඟවා මන්ජුල නමින් සාර්තක වියාපාරිකයකුලෙස අලුත් ජීවිතයක් ඈරඹුවෙය. පොහොසතකුවු මන්ජුල තමා ඉපයු ධනය සාදාරනලෙස තම සේවකයන් සහ දුප්පත් වෑසියන් අතරේ බෙදාදී ඉතා සරල ජීවිතයක් ගතකරේය.මන්ජුල හට නගරවාසී සියල්ලන්ගේම ගව්රවය හිමිවු අතර ඔහුහට නගරාදිපති තනතුරද පිරිනමනලද්දේය. නමුත් ජනවර්ජන හිරගෙදර සිටි කාලයේ ජේලර්වරයකු ලෙස සෙවයකල ජන්තු පසුව එම නගරයේම පොලිස් නිලදාරි තනතුර ඉසුලුවේය. ජන්තු මන්ජුල ගෑන ජනවර්ජන බවට සෑක කරමින් පසුවුනේය.මන්ජුලගේ කර්මාන්ත ශාලාවේ රෑකියාවකල අවිවාහක පෑන්තිනා නෑමති තරුනියට කිසා නෑමති දියනියක්වුවාය. සමාජ අපවාදයෙන් ගෑලවීමට විශාල මුදලක් දීමට පොරොන්දුවී කිසාව පෑරීසියේ වෙසෙන පවුලක් සමඟ විසීමට සලස්වනලද්දේය. නමුත් පෑන්තිනාගේ තත්වය හෙලිවීමනිසා පාලකවරිය ඈයව රෑකියාවෙන් නෙරපනලද්දේය. පෑන්තිනා තමාගේ සහ දියනියගේ ජිවිත ගෑටගසා ගෑනිමට ගනිකාවක් වුවාය.නගරයේ සිදුවු අනවශ්ය රන්ඩුවකට පෑටලෑවීම නිසා ජන්තු විසින් පෑන්තිනා අත් අඩන්ගුවට ගන්නාලද්දෙය. මන්ජුල තම නගරාදිපති බලතල යොදාගෙන අසනීපවසිටි පෑන්තිනා නිදහස්කර ඈයව රොහලක නෑවෑත්වුයේය.තම රෝගය උත්සන්නවීම නිසා පෑන්තිනා මියගියාය.මෙම කාලයේදීම ජනමෑතිව් නම් අහින්සකුයකු හොරකුලෙස චොදානා ලෑබ පොලීසිය ඔවුව ජනවර්ජන ලෙස හඳුන්වා උසාවියට ඉදිරිපත් කරනලද්දෙය. මන්ජුල ස්වෙච්චාවෙන් උසාවියට ඉදිරිපත්වී තමා ජනවර්ජන ලෙස ඔප්පුකර ජනමෑතිව් නිදහස්කර තමන් සිරගතවුයේය.ඉතා ශක්තිමත් පුද්ගලයකුවු ජනවර්ජන සිරෙන් පෑන කිසා බෙරාගෙන ඈයගේ පියාලෙස රෑක බලාගෙන නිසි වයසෙදී ඈයගේ පෙම්වතාට විවාහ කරදුන්නේය. ඉතා සෑර පොලිස් නිලදාරියකුවු ජන්තුගෙන් කිසිම වරදකරුවකුට සමාවක් නොලෑබුනේය. නමුත් ජනවර්ජන ජන්තුව මරනින් බෙරාගෑනීම නිසා ඔහුට දඬුවම් කිරීමෙ අවස්තාව පෑහෑරහෑරීමට සිදුවුයේය. මෙයින් සිතතෑවුන ජන්තු සියදිවි නසාගත්තේය.මෙම කතාව ලොව ප්‍රචලිතවීමට හේතුව එහි ඈති චරිත ස්වභාවයන් වියහෑක, එවා සර්වකාලීන වේ. බිස්කු තුමා, මන්ජුල වෑනි ශාන්තුවරයන් හමු නොවන නමුත් ජන්තු වෑනි නපුරු පුද්ගලයන් අපේ සෑබෑ ජීවිතයේද හමුවේ. කෙතරම් සාධාරනව ජීවත්වීමට යත්නදෑරුවත් ජනවර්ජනගේ ජීවිතය පුරාවටම ඔහුව බිලිගෑනීමට ජන්තු සෑරිසෑරුවේය. අප බොහොමයකගේ ජීවිතවල මෙවෑනි දුශ්ථයන් නිසා අත්විඳි පීඩාකාරී අත්දෑකීම් තිබීමටද පුලුවන.
Rasan Samarasinghe9 reviews12 followersFollowFollowMay 26, 2024Don’t judge others. You have no idea what their journey is about.