Jump to ratings and reviews
Rate this book

සංසක්කාරී

Rate this book

256 pages, Paperback

First published January 1, 2021

1 person is currently reading
6 people want to read

About the author

Manohari Jayalath

6 books8 followers
මනෝහරි ජයලත් (Sinhala)

Manohari Jayalath is a celebrated Sri Lankan author known for her compelling storytelling and rich narratives. She has written several acclaimed novels, including "ගිරිජා" (Girija) which won the award for the best novel of 2022 at the Vidyodaya Literary Awards. Her works often explore deep human emotions and societal issues, resonating with a wide audience. Some of her other notable books include "මැට්ටි", "සංසක්කාරී", and "පැණි ලුණු දෙහි". Jayalath's contributions to Sri Lankan literature have earned her a dedicated readership and critical acclaim.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (16%)
4 stars
4 (66%)
3 stars
1 (16%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Nilu.
622 reviews51 followers
September 8, 2023
4.5 Stars

"ඩිංඟිත්ති" ගැන මුලින්ම ආ‌රංචි වූයේ 2021 වසරේ ඔක්තෝ‌බර් මාසයේදීය.
ඇ‌ගේ කතාව මා සතු කරගැනීමට හැකි වූයේ 2022 වසරේ අප්‍රේල් මාසයේදීය.
සතු කර ගත් කතා පො‌ත නිදහසේ කියවීමට ඉඩ ලද්දේ 2023 වසරේ සැප්තැම්බර් මාසයේදීය.
මේ පො‌ත කතුවරියගේ කුලුඳුල් නව කතාවයි.
මම ඒ‌ කුලුඳුල් පො‌ත කියවීමට ගත කල කාලය තුල ඇ‌ය තව නව කතා දෙකක් ලියා ප්‍රකාශයට පත් කර තිබිණි.

සංසක්කාරි අයත් වන්නේ ඓ‌තිහාසික ප්‍රබන්ධ ෂානරයටයි. මෙහි පසුබිම වනුයේ කන්ද උඩරට රාජධානියේ බිඳ වැටීමයි.
අප බො‌හෝ‌ විට ඒ‌ පසුබිමේ කතාන්තර කියවා ඇ‌ත්තේ රජුගේ දෘෂ්ඨි කෝ‌ණයෙන්, එසේ නැතිනම් ඔහුගේ බිසවකගේ හෝ‌ දෝ‌ලියකගේ දෘෂ්ඨි කෝ‌ණයෙන්, එසේත් නැතිනම් රජු සමඟ එරෙහි වූ සිංහල වංසක්කාරයකුගේ දෘෂ්ඨි කෝ‌ණයෙන් යනාදී වශයෙනි.

සංසක්කාරි කෘතියෙහි විශේෂත්වය නම්, එහි කතා නායිකාව රෙදි අපුල්ලන්නියක් වීමය.
පාඨකයන් වන අප උඩරට රාජධානියේ බිඳ වැටීම දකින්නේ මෙම රදා කුලයේ උපන් , යාන්තම් යො‌වුන් වියට පා තැබූ දැරිවියගේ ඇ‌සිනි.

කතුවරිය මනා සංයමයකින් එම දැරියගේ චරිතය ගො‌ඩ නඟා ඇ‌ත. ඇ‌ගේ සිතුවිලි සියල්ලම ඉතා රසවත්ව පෙල ගස්වා ඇ‌ත. මුලු පො‌තම එම වකවානුවේ භාවිතා කළා යැයි උපකල්පනය කළ හැකි බස් වහරකින් ලියා නිමවා ඇ‌ත.
අවසන් වරට එසේ ලියා ඇ‌ති පො‌තක් රස වින්දේ සේපාලි මායාදුන්නගේ මහාසාමී කෘතිය කියවීමෙනි.

සංසක්කාරි ගේ කතාව රස ගුලාවකි. අතට ගත් විට කියවලා අහවර වී මිස ඉවත ලන්නට සිත් නො‌දේ. “ඩිංගිත්ති” නම් අපූරුම අපූරු , හෘදයාංගමව ආ‌දරය කළ හැකි චරිතයකි. කතාවේ යටි පෙලින් කුල පීඩනය සහ වංශක්කාරයින්ගේ කුහක හැසිරීම් කදිමට ලියවී ඇ‌ත.

මෙම කෘතිය, ඉතිහාසයේ පො‌ත් වල ලියැවුන වීරයන්ට, පරාජිතයින්ට අමතරව , ප්‍රශංසා නො‌ලද තවත් මිනිසුන් කො‌ටසක් ජීවත් වූ බව පසක් කරවන පො‌තකි.

කුලුඳුල් නවකතාවක් මෙතරම් විශිෂ්ඨව ලිවීම පිළිබඳව කතුවරියට තුති පුදමි. නො‌පමාව ඇ‌ගේ අනිත් කෘතිද කියවීමට ඉටා ගත්තෙමි.

මිතුරු පො‌ත් කාවුන්ට මෙය ඉහළින්ම නිර්දේශ කරමි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.