Jump to ratings and reviews
Rate this book

කුර හඬෙකි වියැකෙන

Rate this book
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.

427 pages, Paperback

First published September 1, 2022

5 people are currently reading
15 people want to read

About the author

Nobert Ayagamage

3 books12 followers
නෝබට් අයගමගේ (Sinhala)

Nobert Ayagamage is a distinguished Sri Lankan author renowned for his compelling Sinhala-language novels that delve into the intricacies of human relationships and societal dynamics. His literary works are celebrated for their profound narratives and have garnered significant acclaim among readers and critics alike.

Ayagamage's storytelling is marked by its depth and authenticity, offering readers an immersive experience into the Sri Lankan social fabric. His contributions have significantly enriched contemporary Sinhala literature, making him a prominent figure in the literary community.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (30%)
4 stars
11 (42%)
3 stars
5 (19%)
2 stars
0 (0%)
1 star
2 (7%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
September 27, 2024
මා මෙම ලේඛකයාගේ 'කාල නදී ගලා බසී' කියවා ඇත්තේ 2015 වසරේ ජුනි මාසයේය (1). එහි ගුණාගුණ මේ ලිපිය අග යොමුවේ ඇත. කාල නදී ගලා බසී හි ධනාත්මක පක්ෂය කෙසේ වේවා, ඔහුගේ ඊළඟ නවකතාව වූ 'සුර අසුර යාමය' කියවීමට මා තෝරා නොගත්තේ ය. එහෙත්, 2022 වසර සඳහා 'ස්වර්ණ පුස්තක සම්මානය' සහ 'රාජ්‍ය සාහිත්‍ය සම්මානය' යන සම්මාන දෙකම ජය ගත් නවකතාවක්, එසේ සම්මාන දෙකක් දිනීමට කාරණා කිම යැයි සෙවීම සිංහල නවකතාව ගැන උනන්දු අයෙකුට මග හැරිය නොහැක්කකි. එය ය මේ නවකතාව කියවීමට හේතුව.

ලේඛකයා, පාඨකයා පොතෙහි රඳවා ගැනීමට සමත් ය. ඒ ඔහු කුහුල දනවන අයුරින් ලිවීමට සූර හෙයිනි. ඔහු කතා ගෙතීමට දක්ෂය. මෙම නවකතාව පාඨකයන්ගේ ඇගයුමට ලක්ව ඇත්තේ නම්, ඒ අයගමගේ ගොතා ඇති සාර්ථක කතාන්දරය නිසාය. ඊට පරිසර වර්ණනා, පෙර යුගයක සමාජ විස්තර එක්කාසු කල විට, සාර්ථක පාර්ශවයට බරැති නිර්මාණයක් බිහි වේ. කතුවරයා ශුංගාරය මතුවන අවස්ථා ද නොමසුරුව එක්කාසු කොට ඇතත්, එහි සාර්ථක අවස්ථා මෙන්ම, සල්ලාල කාමුක අහේනියක් අඟවන අවස්ථා ද ඇති හෙයින් කතුවරයාට සමහර සිදුවීම් ගැන ලියද්දී වෙනත් විදිහකට ලිවීමට තිබිණ. අප ට කිසිදා අත්නොවිඳිය හැකි තවලම් ජීවිතය, මීට වසර 80-90 ට පමණ පෙර අම්බලන්තොට ගඟේ වාඩිය ආශ්‍රිත ජීවන රටාව ආදිය සිනමාවක් නරඹනා සෙයින් අප ඉදිරියේ මැවීමට ඔහු සමත් ව ඇත. මේ විස්තර අනුව මෙම නිර්මාණය සාර්ථක එකක් වන්නට ඇති නේද ?

ඒත්, ඉහත ධනාත්මක සාධක ගෙන එන සාර්ථකත්වය ඒ අයුරින් ම මුදුන්පත් කර ගැනීමට අයගමගේ සමත් ව නැත. 'කාල නදී ගලා බසී' විචාර ය කියවන්න - එහි සාදීරිස් තවෙකෙකුට නොදෙවෙනි වීරයෙකි. එවන් ගනයේ වීරත්වයක් නොපෙන්වන්නෙකු අයගමගේ නවකතාවක ප්‍රධාන චරිතයකට තවම ආගන්තුකය. ස්ත්‍රීන් සිත් දිනා ගන්නට සමත්, යුක්ති ගරුක, සටනෙහි සමත්, නිර්භීත - මෙවන් චරිත කොහේ සිටිත් ද? පැරණි කතාන්දර වල සිටිත්. මට වරෙක මෙම නවකතාව ජී. බී. සේනානායකගේ 'වරදත්ත' මතකයට නැඟීය. ඒ පෙර කලෙක විස්තර ලියා ඇති අපූරුව, ගමන් විස්තර ආදිය නිසාය. එහෙත්, එහි ඩිංගිරාල වැනි අසමසම වීරයන් සිටියේ නැත. වරෙක නිවැරදි, වරෙක වරදින, මිනිසුන්‍ ය එහි ප්‍රධාන චරිතයෝ. අනෙක 'කුර හඬෙකි වියැකෙන' හි අන් සැලකිය යුතු චරිත පෝෂණය කොට ඇති ප්‍රමාණය මදිය. තැන්නේ අප්පෝ ඉන් ප්‍රධානය - ඔහු සැම දා සෙවණැල්ලේ සේ ය. ඔහු සිතුම් පැතුම් ඇති මිනිසෙකු ලෙස මතු වන එකම අවස්ථාව ඔහු මුහුණ දුන් ඔහුගේ දෛවය තීන්දු කල අනතුර අවස්ථාවේදී පමණය. සමහර අවශේෂ විස්තර මගින් නවකතාව අනවශ්‍ය ලෙස දීර්ඝ ගන්වා ඇත. මෙලෙස නවකතාව දීර්ඝ කරලීම ගැන තව දුරටත් කතා කල යුතුය.

මා මෑතක කියවූ අතිසාර්ථකම නවකතාව, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' යි (4). දීර්ඝ නවකතාවක් වුව ද එහි අනවශ්‍ය එකම ඡේදයක් හෝ තිබුනේයැයි මට නොසිතිනි. ඊට සාපේක්ෂ ව මෙම නවකතාවත්, මීට පෙර මා කිය වූ ඉලයප්ආරච්චිගේ 'තිවංක කතාව' ත් අනවශ්‍ය ලෙස දිගු කොට ඇති නවකතාය. ඇත්තෙන් ම තිවංක කතාව මේ අර්ථයෙන්, කුර හඬෙකි වියැකෙන ට වඩා අන්තය (බලන්න 2). ඉලයප්ආරච්චි යනු වර්තමාන සාහිත්‍යය ට, බගන්දරා, රතු පලස වන් අතිසාර්ථක දීර්ඝ නවකතා අපට ලබා දුන් ලේඛකයෙකි. එහෙත්, තිවංක කතාව තුලින් ඔහු ඔහුගේ සිත් හි ඇති වන බොහෝ අදහස් වලට පාලනයකින් තොරව ඉඩ දී පාඨක කාලය සුළු කොට තකා ඇත. මෙම නවකතා කියවන සමහර අයවළුන් එසේ කියවන්නේ අන් දෙයකට යොමු කල හැකි කාලයක් කැප කරමිනි. නූතන ලෝකය හෑලි වෙනුවෙන් කාලය ඉඩ නොතබයි. අපගේ හිත මිතුරන් අතර ද දීර්ඝ කතාවට යොමු වෙන්නන් දුර කතන ඇමතුමක දී හෝ කෙටි කරලීමට උත්සක වන කාලයකි මේ. අප සමහරුන් කෙටි පණිවුඩ වලට යොමු වන්නේ මේ අභියෝගය නිසාය. එවන් වටපිටාවක, කිරිකාරයෙකුට 'වාසනාවක් පාත් වෙන' අවස්ථාවක් නවකතාවට අදාළ නොවන්නේ නම්, එ ගැන කියවීමෙන් නූතන පාඨකයෙකු ශුංගාර රසයක් විඳිතැයි සිතිය නොහැක.

මෙම නවකතාව රසවත් ය. කතාන්දරයක් ලෙස වඩාත් රසවත් ය. එහෙත් මෙම කෘතිය අප රට ප්‍රධන සම්මාන දෙකක් ම ජයග්‍රහණය කරලීමට සමත් වූවේ, එම වසරේ අන් නිර්මාණ එතරම් සාර්ථක නැති නිසා ද ? මට තව 2022 ප්‍රකාශ වූ නවකතා රැසක් කියවීමට ඉතිර ව ඇත. දැනට කියවා ඇති නවකතාවලින් රස වඩාත් රස වින්දේ ගිරිජා ය(3). ගිරිජා ද යම් වීරත්වයක් පෙන් වූ අසමාන චරිතයක් වුව ද, පාලනයකින් තොර කේන්තිය ආදි ලක්ෂණ මගින් ඇයට යම් විශ්වාසනීයත්වයක් ලබා දී තිබුණි - අරත් එහි ප්‍රධාන ආඛ්‍යායනට අදාළ නොවෙන සුළු විස්තර නැති තරම් ය. ඒ අර්ථයෙන් අවම වශයෙන් ගිරිජා මීට වඩා, තරමක් හෝ ඉදිරියෙන් ඇති බවකි, අපගේ සාමාන්‍ය පාඨකයකු ලෙස තක්සේරුව.

ශ්‍රේණිය: ***1/2
2022 ප්‍රකාශ වූ තෝරා ගත් නවක්තා කියවීම - 4


(1) - කාල නදී ගලා බසී: https://me-and-err.blogspot.com/2015/...
(2) - තිවංක කතාව: https://me-and-err.blogspot.com/2024/...
(3) - ගිරිජා: https://me-and-err.blogspot.com/2024/...
(4) - නිම්නාගේ ඉතිහාසය: https://me-and-err.blogspot.com/2020/...
Profile Image for Ramindu Thivanka.
249 reviews5 followers
January 31, 2025
රචකයාගේ කතාව අනුව මෙම සිද්ධි සමුදාය න් ලාංකීය ඉතිහාසයේ 19 ශත වර්ෂයේ මුල් කාලයේ විය හැකිය.

තවලම ක් සහ එහි තවලම් නායකයා මුල් කර ගෙන කතාව ගලා ගියද, මෙම කතාවේ ලාංකීය සමාජ විපර්යාසය න්, විෂමතා සහ එහි ගැටලු ගැනද රචකයා කතා කිරීමට අමතක කර නැත. සිංහල රාජධානිය බිදවැටීම, නින්දගම් අයිති කරුවන් ගේ අණසක , අසාධාරණ කම් මෙන්ම ඔවුනගේ කඩාවැටීම ද, ඒවාට හේතුද ඔහු කතා කරයි.

එකල කුල ස්ත්‍රීය, මෙන්ම පහත්කුල කාන්තාව ද මුහුණ දෙන අභියෝග, අවාසනාව එක සමාන නොවුන ද ඔවුන් දෙදෙනාම දුකෙහිම ගිලී සිටීම, එකල කුමන කුලයක සිටියද කාන්තාව විඳින දුක සහ ඇයට හිමි තැන වෙනසක් නැත. ඇගේ සිතැඟි ඇයට අයිති නැත.

සමාජ අසාධාරණකම්, ජඩ කම් බහුල කලක වුවද, මනුස්සකම්, ලෙන්ගතුකම, එඩිතර කම පිරුණ මිනිස්සුන් තවමත් සිටින ඔවුන් ලෝකය සමබර කරන බව තවලම් නායක ඩිංගිරාල ගෙන් ඔහු සංකේත කරයි.

රචකයා, බාවිතා කර ඇති උපමා, උපමේය, සහ අලංකාරය න් සිත් ගන්නා සුලු වුවද, ඇතැම් තැන්හි කතාවට අදාල නොවන දේ ගැනද විස්තර කිරීම ගැන කුඩා පසුතැවිල්ල ක් ඇති විය.
Profile Image for Vi.
151 reviews5 followers
October 2, 2024
Didn't have patience for all the digressions.
2 reviews
June 18, 2025
I don’t understand why it received those awards. The character development was lacking, and the story lacked a proper flow. It felt like a collection of incidents. many of the descriptions were factually incorrect.
Profile Image for Ruvi Perera.
170 reviews1 follower
April 9, 2024
Wow what a read! Felt like travelling back through the time. It's like the novel Colombo by Mohan Raj Madawala but without the hyper realistic parts.

So basically this story is about an aristocratic family in Sri Lanka in the 18th century (?). Their power struggles and how it affected the servants in the household. Quite a read! Couldn't put the book down once I started reading. Very interesting book!
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
October 17, 2023
කුර හඬේකි වියැකෙන - නෝබට් අයගමගේ (2022)

ඉතා පහසුවෙන් එකදිගට කියවා රසවින්දියහැකි නකතාවකි.

අපරටේ මහාමාර්ඝ පද්දතිය ස්ථාපිත වීමට පෙර භාණ්ඩ ප්‍රවාහනය බහුතරවම සිදුවුයේ තවලම් මගිනි. එය රටේ වැසි වනාන්තර හා ස්වභාවධර්මය ආරක්ෂාවී තිබු කාලයකි. තවලම්වල ගමනාගමනය සඳහා මහාමාර්ග නොතිබුණි,

නොදන්නා අතීතයක සිට තවලමක් ගව් යොදුන් දුර ගමන්කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත්පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මරබිය, නොතකා, ලෙඩදුක් නොසලකමින්, කඳු හෙල්, ගංගා පසුකරමින් දෙපයේ වීර්යයෙන් ඇවිද එති. රුදුරු වනසතුන් හා ගැටෙති. නපුරු විසකුරු සතුනට ගොදුරුවෙති. ඔවුන් ආපසු යන ගමනේදීද ඒඹඳුම දුකක් අත්විඳි යුතුය. බොහෝවිට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදේත්, අතුරෙත් යන ගමනක් වැනිය.

මෙම නවකතාවට වස්තුබීජ වී ඇත්තේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වූ මුල් අවදියයි. ඉංග්‍රීසින් තම වැවිලි කර්මාන්තය නගාසිටුවීමට කඳුකර වනාන්තර එළිකිරීම ආරම්භවූ කාලවකවානුවයි.

තවද මෙම නවකතාවේ තම පුද්ගලික වරප්‍රසාද ලබාගැනීමට සුද්දන්ට පක්ෂපාත රදල පවුල්ද පිළිඹඳව ද, සිංහල රාජ්‍ය පාලනය නැතිවීම නිසා බලතල හීනවී දුඛිත තත්වයට පත්වුණ රදලයන් පිළිඹඳවද විස්තරවී ඇත.

මෙම කතාවේ සිංහල රජ පාලන සමයේ සිට පැවතෙන රදල වලව්ව සහ එයින් යැපෙන ප්‍රවේනි දාස පරපුරත්, තමන්ගේ යැපීම සඳහා තම ස්වාමියා කෙරෙහි පවත්වන අසීමාන්තික ගව්රවයත්, ඔවුන්ගේ තාඩන පීඩන ඉවසා සිටීමට සිදුවීමත්, රදලයන් විසින් සුරාකනුලබන ග්‍රාමීය ජනතාවගේ දුඛිත ජිවනක්‍රමයත් ඉතා සංවේදී අයුරින් ප්‍රබන්ද කරණයට ලක්කර ඇත.
Profile Image for Alex.
246 reviews47 followers
March 10, 2025
අවසානය තෙක්ම පාඨකයා ග්‍රහණයට හසු කරගන්නා මෙම කෘතිය 2023 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ලබා ගැනීම පුදුමයට කරුණක් නොවේ. අධිරාජ්‍ය පාලනයත් සමඟ දිරාපත් වන මහනුවර වලව් සහ ඒ හා බැඳි මිනිසුන් මෙහි තේමා වී තිබේ. වලව්වේ සිදු වන සිද්ධ් දාමය සහ තවලම යන මග සමාන්තරව ලියා ඇති ආකාරය අපුරුය.
කතුවරයා චිත්‍රපටයක ජවනිකා මෙන් මනා අවබෝධයකින්, ප්‍රවේශමෙන් පෙළ ගස්වා ඇති පරිච්ඡේද නිසා කියැවීමටද ඉතාමත් පහසුය.

සමස්තයක් ලෙස තැන්න වලව්වට අත් වූ ඉරණම පිළිබඳව අවසානයක් ලබා දුන්නත්, මෙහි ප්‍රධාන චරිතය වූ තවලම් රාල සහ මැණිකේට පැහැදිලි අවසානයක් ලබා නොදුන් නිසා මා හට සුළු අමනාපයක් තිබේ.
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.