Jump to ratings and reviews
Rate this book

දෙබෙදුම

Rate this book

144 pages, Paperback

Published May 1, 1995

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
3 (100%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
October 9, 2023
****1/2

1993 වසරේ උසස්ම සිංහල නව ප්‍රබන්ධයට හිමි ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනු මෙම නවකතාවේ පිටපතක් දිර්ඝ කාලයක් මා සතුව තිබිණි. මෑතක, සේරා ශ්‍රවණ පොත් යූ ටියුබ් අඩවියට ගිය කල ( මා කඳ අරණි, කෝමල මානවක, ගෙදර'වට සිතියම කියෙව්වේ ඒ ඔස්සේය), දෙබෙදුම ශ්‍රවණ පොත තිබෙනු දැක, උද්දාමයට පත්ව, පසු දින සිටම තනියෙම ගමනේ යෙදෙන අවස්ථාවලදී එම නවකතාව ශ්‍රවණය කිරීමට පටන් ගත්තෙමි.
පැහැදිලිව කිව හැක්කේ, කතුවරියගේ මා මෙතෙක් කියවා ඇති නවකතා පහ අතුරින් ( ගොනානො, මහාසාමි, සුවඳ සන්නිය, අත්තානි කණු අනෙක්වා ය), මෙය දෙවෙනි වනුයේ ඈගේ පමණක් ම නොව, මෑත කාලීන ව පළ වූ ශේෂ්ඨ නවකතාවක් වූ මහාසාමි ට පමණක් බවටයි. කතුවරිය නුවර කලාවියේ ඔලගමක පරම්පරා දෙකක් ආශ්‍රයෙන්, වෙනස්වීමේ ස්වභාවයත්, පෙර පරම්පරාව, වර්තමානයට වඩා විනයෙන් සපිරිය, සුපරික්ෂාකාරීය, ආදී මත කණ්ඩනය කිරීමත් ඔස්සේ අපූරු වියමනක් ගොතයි. ඇය ඉතාම ස්වභාවික ආකාරයට අපව එම ඔලගම් ආශ්‍රිත ඒ කටුක ජීවීත, ඔවුන්ගේ වත්පිලිවෙත්, කතා විලාශය, තුල පාඨකයා ජීවත් කරවයි. පරම්පරා දෙක සැසඳිමෙන්, අලුත් පරම්පරාව මුල් පරම්පරාවෙ ගතානුගතිකත්වයෙන් මිදෙන්න උත්සාහ දරණ අතරම, වටිනාකම් පද්ධති වශයෙන්, එහෙම සුවිශේෂි වෙනසක් නැති බවක් පෙන්වා දෙයි. මිනිස් සිත ස්වභාවිකව ම දුසිරිතට බර යැයි පෙන්වා දෙයි. සාම්ප්‍රදායික දරමිටි පූජාව ආදි මෑත අතීතයේ පවති පූජා ආදිය ගැන විස්තර කරන ඇය, එය යල් පැන යාම ගැන පෙන්වා දෙයි. අපට හමු වන සහෝදරා නම් මහ ඇත්තන්, තමන් ජීවත් ව සිටිද්දීම වේගයෙන් අවලංගු කාසියක් බවට පත් වන්නේ, ඔහු ක්‍රියා කල අන්දම අලුත් පරම්පරාව හොඳින් කියවීමට සමත් වූ නිසාත්, ඔහු ඔහුට බැරි කාලේ දෙන කකුළු උපදෙස්, පැමිණිලි, අලුත් පරම්පරාව කනකට නොගන්නා නිසාත් ය. මෙහි එන අවසන් පරිච්ඡේදයේ පිංචි නම් වු තම පුතුගේ ඇබේණිය, තම සැමියට විරුද්ධව මාමණ්ඩිය ගේ පැමිණිලි කනකට නොගෙන, 'පළ නොකියා පලා බෙදයි'. සහෝදරා රෑ කළුවරේ මගට බහින්නේ කොහේ යන්නේදෝ යැයි සිතමින්, පිංචිට ඔහුට කතා කල ගෞරවයෙන් තොර විදිහ ගැන අදහා ගත නොහැකිව ය. මේ සියළු දේ සිදුවන්නේ, නුවර කලාවියට ආවේණික හත්දා වැහි, නියඟය, ලෙඩ රෝග, කුඹුරු-හේන් පාළුවන් ආදිය මතින් දිවි ගෙවෙනා අතරය. රටේ අන්තැන මුදලට, සහ පෞද්ගලිකත්වයට මුල් තැන දීමේ ප්‍රවණතාව, ඔලගම් වලට ද බෝ වීමට පරම්පරාවක කාලයක් ඇතැයි පෙන්වා දෙන කතුවරිය, වෙනස්වීම ඔස්සේ පිටගම්කාරයන් සමඟ ජනාකීර්ණ වෙද්දී මෙවන් දේ නොවැලැක්විය හැකි බවකි, පෙන්වා දෙන්නේ.
හේතුහාමි සහෝදරාට කියන්නා සේ,
"හැම දේම ටිකිං ටික වෙනස් වෙනව මහ ඇත්තෝ... රජ කාලෙ මෙහෙ මාලිගා තනල දිවිය විමාන වායෙ තිබ්බලු... ඊට පස්සෙ මෙව්ව කැළෑ ඔලිං වැහිල ඔළ ගං උනා... මහ ඇත්තොල ආයෙ එව්වෑ පදිංචි වෙල අස්සැද්දුව.. කෝටුව මලයල ආයෙත් මෙව්ව වෙනස් කොරාන... ඒව එහෙම්මෑ... ආරන්නෙ හාංදුරුවො කියන්නැහෙ හැමදේම වෙන්ස්සෙන එක ලෝකෙ සොබාවෙ කියාන නෙවෑ" (72-73 පිටු)
තැන් කිහිපයක සංජය හෙවත්, සහෝදරා ගේ මුණුබුරා සමඟ සිදුවන සංවාද හරහා යුග දෙකක වෙනස ගැන කතා කෙරෙයි. සහෝදරා ට වල් මී ගොන්නු හීලෑ කර භාවිතයට ගත් විදිහ උජාරුවෙන් කියද්දී, මුණුබුරා ටැක්ටරයේ කාර්‍යක්ෂමතාව ගැන තෝරා දෙයි; එදවස දොර ජනෙල නැති සරල ජීවිත ගැන කතා කරද්දී, එකල අපිරිසිඳු, අපිලිවෙළ ජීවිතත් සතා සීපාවේ උවදුරු ගැනත් පෙන්වා දෙයි. ඇත්තෙන්ම අතීත වන්දනවාත්, ඒ ගැන වූ සාංකාවේත්, ඇති දොස අපූරුවට පෙන්වා දෙයි. සංජයගේ උස ගැන වෙසෙසින් කතාවෙන අවස්ථාවක, පෙර පරම්පරාවන් වෙසෙසින් මන්දපෝෂණය නිසා ම එතරම් පිරිපුන් දේහ ඇත්තන් නොවූ බවට ඉඟි කරයි. ( මෙය මුළු මහත් ලංකාව යම් අයුරකින් අදාළ බව සිතමි. )
කතුවරිය මේ සියළු සැසඳීම් කරන්නේ සහෝදරාගේ පරම්පරාවේ, සහ ඊට පසු පරම්පරාවේ ( 70 දශකය යැයි සිතිය හැක) දෛනික ජීවිතය, එහි ගැටීම්, ප්‍රශ්ණ ආදිය පෙන්වන ගමං ඉතා ස්වභාවික ආරකට ය. එයයි මේ නවකතාවේ සාර්ථකත්වයට හේතූ වී ඇත්තේ.
කිසිදු පැකිලීමකින් තොරව කියවීමට නිර්දේශ කරනා නවකතාවකි.

Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.