පාරම්පරික ශ්‍රී ලාංකික ජීවිතය පුපුරා යන ක්‍රම කිහිපයකි. මින් සමහරක් දෘශ්‍යමානය. සමහරක් අදෘශ්‍යමානය. ඉඩකඩම් හා වස්තුව දූ දරුවන් අතරේ බෙදී යෑම, ජීවන අවශ්‍යතා අධික වීම ආදී කරුණු හේතුකොට ගෙන සිදුවන විපර්යාසයන් ඒ තරම් අප්‍රත්‍යක්ෂ නොවේ.
සමහරු තම හැදීම හා අධ්‍යාපනය අනුව පැරණි සාරධර්ම ගරු කරමින් දෙමාපිය සහෝදර සහෝදරියනට සැළකීමට සැරසුණද නූතන සමාජයේ පෙනෙන නොපෙනෙන බලවේග නිසා ඔවුන් ගරු කරන එම පුරුෂාර්ථ සාධනය කරගැනීමට නුපුළුවන.
මේ සියල්ලටම මැදි වූ ගැමි පවුලක කතාන්දරය මේ පුංචිරාළ නවකතාවෙන් කියැවේ.