Jump to ratings and reviews
Rate this book

ගිරය

Rate this book
පුණ්‍යකාන්ති විජේනායක විසින් රචිත 'ගිරය' යටත් විජිත පාලන සමයෙහි මෙරට බිහිවූ බටහිර අනුකාරක වලව් සමාජයේ පිරිහීමත්, ලංකාවට නිදහස ලැබීමෙන් පසු බිහි වූ අලුත් සමාජයත් අතර ගැටුම විස්තර කරන සමාජ නවකතාවකි. දිරාපත් වන වලව් සමාජය තුළ සැඟවී සිට බිහි වන නව සමාජයට ද්වේෂ කරමින් නොමැරී සිටීමට වෑයම් කරන ගැහැණු මිනිසුන් ගත කරන ගූඪ ජීවිත තුළට එබී බලන කතුවරිය, ගිරයකට අසු වූවක් මෙන් එවන් වලව්වකට අසු වන දිළිඳු උගත් තරුණියක එම වලව්ව බිඳ දැමීමට ගන්නා වෑයම, ඈ විසින් තබන ලද සටහන්වලින් විස්තර කරයි. දින සටහන් මඟින් පැවසෙන මෙම නවකතාව සිංහල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වනවා ඇත.

147 pages, Paperback

First published January 1, 1992

2 people are currently reading
43 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
5 (41%)
4 stars
4 (33%)
3 stars
0 (0%)
2 stars
2 (16%)
1 star
1 (8%)
Displaying 1 of 1 review
Profile Image for Nilakshi Bandara.
146 reviews16 followers
September 18, 2019
මිනිසාගේ උතුම් කාර්යයන් සඳහා ඊශ්වර දෙවියන් විසින් නිර්මාණය කළා යැයි සැලකෙන"ගිරය"වස් දොස් දුරු කර ශාන්තියක් ලබා දුන් ආයුධයක් සේම සමාජ ක්‍රම දෙකක දෙකඩ වීමේ සංකේතයක් ලෙස භාවිතා කරමින් ගිරය නව කතාවේ තේමාව උද්දීපනය කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් නව කතා කෙටි කතා කීපයක්ම රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකා පුන්‍යකන්ති විජේනායක කතුවරිය විසින් 1971 වර්ෂයේදී ඉංග්‍රීසි බසින් ලියන ලද "Giraya " සිරිල් සි පෙරේරා මහතා විසින් ගිරය නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කෘතිය මගින් පාරම්පරික වලව්වකට විවාහය සිදු කරන ලද සරසවි අධ්‍යාපනය ලැබූ දුප්පත් තරුණියක් එහිදී මුහුණ දෙන සිදුවීම් සමුදායත් ඇයගේ දිනපොත මගින් අනාවරණය කරන ආකාරයකින් මෙම නව කතාව රචනා කර ඇත.

මෙහිදී වැඩවසම් සමාජයේ ලක්ෂණ නුතන සමාජයට පරිවර්තනය වීම පමණක් නොව , මෙම නව කතාව රසවිඳීමේදී විවිධාකාරයෙන් පුරුෂාධිපත්‍ය ට සහ සමාජීය පිඩනයට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකුගේම භූමිකාවන් අපට කතුවරිය විසින් මුණ ගස්වනු ලබයි.මෙහිදී ලේඛිකාව මෙම විවිධ චරිත වල පතුලටම කිඳා බැස හෙළිදරව් කරන ආකාරය ප්‍රසංෂනිය වේ. වචනයෙන් විස්තර කරනවට වඩා උපමාරුපක මින් ලේඛිකාව මෙහි එන චරිත විස්තර කරයි.

"ලුසිහාමිගේ විරූපී වූ අඳුරු මුහුණ " අවුල්වූ අපිරිසිදු හිසකෙස් වලින් වැසුනේය.ඇ ගතින් මිටි වුවද ශක්තියෙන් කෘර විය.ලුසී හාමිගේ ඇටකටු වල කුළු හරකකුගේ ශක්තිය ඇත.ඈ එම ශක්තිය වලව්ව මැදින් දිව ගිය අහිංසක ළමයකුට විරුද්ධව පාවිච්චි කරයි.

ධනවත් මුදලිවරයකුගේ පුතෙකු වූ සැමියාගේ,දුරාචාරය නිසා වලව්වේ හාමු සමාජයෙන් පලිගනිමින් සිය ජීවිතය ගෙවා දමයි. සැමියාගේ විකෘති ගතිපැවතුම්,ආදරය සෙනෙහස නොලැබීම,එකම දරුවාට නොසැලකීම සහ වත්මන් සමාජ පැවැත්මට ගැටළුවක් වූ සමලිංගික සම්බන්ධතා නිසා පිඩා විඳින කාමිණි,මවගේ පවුල් අභිමානය නිසා විවාහය පමා කරමින් කලකිරීමට පත්වන මානෙල් , ජිවිත කාලය පුරා වලව්වට බැලමෙහෙවර කරන ලුසී හාමි මෙම කතාවෙන් නිරුපණය කරන විවිධ භූමිකාවන් වේ.කාමර දෙකක වෙන්ව වාසය කරන ලාල් , කාමිණි සහ දරුවා සමාජයේ දැකිය හැකි විශාල පවුල් ඝට්ටනයක් නිරුපණය කරයි.තමා යන එන තැන් පිලිබඳ කිසිවක් බිරිඳට නොපවසන පිරිමින් ඇසුර ප්‍රිය කරන , නිර්දෝෂී බිරිඳට අභූත චෝදනා එල්ල කරමින් මානසිකව පිඩා කරන , බිරිඳ සහ දරුවා පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන, මවගේ ඇසුරෙහි ජිවත්වන චරිත ප්‍රසිද්ධියේ නැතත් අද සමාජයේ පවා දැකිය හැකිය. පවුලේ අභිමානය හෝ ලැජ්ජාව නිසා මේවා සමාජයට හෙළි නොවන සැඟවුණු චරිතයන්ය .

" ලොකුට පුලුවන්ද කූඩුව බඳින්න ?මම කුඩුවට සුදු වෙසක් කඩදාසි අලවන්නම්.එතකොට අපේ කූඩුව සුදු වලාකුලක් වගේ ලස්සනට පෙනේවි "

.වලව්වේ තාප්ප වලට සහ නැන්දම්මාගේ සහ සැමියාගේ පීඩනයෙන් හෙම්බත්වුන කාමීනිගේ නිදහස සොයා යාමේ අරගලය මින් නිරුපණය කරයි. මිනිසා නිදහස කෙතරම් ප්‍රිය කරයිද? එය නැතිවූ තැන කෙතරම් සිහින මවයිද ? පාවෙන වලාවක් සේ ඉබාගාතේ යාමට නොව පහන් කුඩුවක් මෙන් පවුල , නිවාස ලස්සන කිරීමට , ආලෝකමත් කිරීමට එම නිදහස ඇයට ලබා දිය යුතුය.

1970 - 1971වර්ෂ වල ශ්‍රී ලංකාවේ ඇතිවූ කැරැල්ල විශේෂයෙන්ම තරුණ පරපුරට බලපෑ සාධකයක් වූ අතර එහි යම් ප්‍රතිගාමී ලක්ෂණද කාමිණිගේ චරිතයෙන් ඉස්මතු වී පෙනේ .එමෙන්ම 1965 - 1970 අතර කාලසීමාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිංහල මාධ්‍යයට පරිවර්තනය වීම හේතුවෙන්උගත් පරම්පරාවට සන්නිවේදන අංශයෙන් ද දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවිය,අගනුවර අධ්‍යාපනය ලැබූ ලාල් ඔහුගේ සොයුරිය සහ වලව්වේ හාමු ඉංග්‍රීසි කතා කරන ඉහල ධනපති පන්තියට අයත් වූවන් වන අතර කාමිණි ට ඔවුන් සමග ඉංග්‍රීසි කතා කිරීමේදී යම් අපහසුතාවයන් ඇති වේ.මෙම සිද්ධිය ඉංග්‍රීසි ලේඛක ජේ එස් තිස්සනායගම් මහතාගේ " Misunderstanding" කෙටි කතාව සිහිපත් කරවයි.

"හිරු එළිය ලබා ගැනීමේ අශාවෙන් බලාපොරෝත්තු රහිත සටනක යෙදී සිටින, අකුල් අස්සේ තැනින් තැන තවමත් ඉතිරිවී තිබෙන රෝස පඳුරු වල මල් පිපේ. වත්තෙන් පෝෂණය වූ ඒ මල්පැල,ඒ ජිවය ලේසියෙන් අත්හැර නොදමයි.මෙය
මෙලෙසින්ම වලව්වට බද්ධවූ කාමිණි තමාගේ අනාගතය දැක ගැනීමට දරන උත්සාහයේ සංකේතයකි .

අවසානයේදී ඇය තමාගේ සහ දරුවාගේ ජීවිතය පිලිබඳ ගන්නා තීරණය කුමක්ද ?ගිරය සත්‍යයෙන්ම ඔබ විසින් කියවිය යුතු සමාජ ගවේශණාත්මක සංසිද්ධින්ගෙන් හෙබි නව කතාවකි.
Displaying 1 of 1 review