Jump to ratings and reviews
Rate this book

කන්දක් සේමා

Rate this book
Kandak Sema is written by Sumithra Rahubadda. A young Nupa marries an old Japanese farmer Masaya. After the marriage, her fantasy of life fall apart. She faces identity crisis as her young life wasted on old man. Her struggle to find life love and the style of writing makes you worth reading this book. Winner of Swarna Pustaka 2010.

270 pages, Paperback

First published September 1, 2009

35 people are currently reading
466 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
50 (32%)
4 stars
48 (31%)
3 stars
37 (24%)
2 stars
7 (4%)
1 star
11 (7%)
Displaying 1 - 10 of 10 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 12, 2022
කන්දක් සේමා- සුමිත්‍රා රාහුබද්ධ - 2009

මෙම නවකතාවෙන් විස්තර කෙරෙන්නේ අප සමාජයේ කාන්තාවකගේ ළමාවිය, යොවුන්විය, සහ විවාහ ජීවිතයේදී පුරුෂයන්ගේ රැවටීමෙන් සහ පෙළඹවීමෙන් අපයෝජනයට ලක්වන සිදුවීම් මාලාවකි.

ස්ත්‍රියක තම ළමා කාලයේදී තම ළඟ නෑ හිතවතුන්ගෙන්ද, යෞවන වියේදී ප්‍රේමවන්තයින් ගෙන්ද, විවාහ වියේදී විවිධ ආකර්ශනීය පුද්ගලයන්ගෙන්ද අපයෝජනයට ලක්වන්නේය.

මෙහිදී කාන්තාව තම පවුලෙන්, නෑ හිතවතුන්ගෙන්, සහ සමාජයෙන් අපකීර්තියට පත්වන අතර සම්බන්ධ වූ පුරුෂයා බොහෝවිට කොන්දේසි විරහිතව නිදහස්වේ.

බුදුන් වැඩසිටි කාලයේදී පටාචාරා, කිසාගෝතමී වැනි අසරණවූ ස්ත්‍රීන් හට පිහිටවීමට ස්ථානයන් තිබිණ. අවාසනාවකට අද දියුණු සමාජයේ මුදල් බලය නැති, සිවිල් සමාජයේ බලවත් නැති ස්ත්‍රියක් අසරණ වූ විට බොහෝවිට සිදුවන්නේ දිවිනසා ගැනීමයි. මෙම අභියෝගයට මුහුණ දීමටනම් ඇය කන්දක් සේ ස්ථාවර වියයුතුය.

මෙම සිදුවීම් මාලාව අප සමාජයේ බොහෝ කාලයක සිට ඇසෙන, දකින සිදුවීම් වල එකතුවකි. කන්දක් සේමා ශ්‍රී ලාංකීය සමාජය නිරුපනය කරන යතාර්ථවාදී නවකතාවකි.
Profile Image for Nilakshi Bandara.
146 reviews15 followers
September 18, 2019
කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි.මෙයට රාජ්‍ය සම්මාන පමණක් නොව විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන සේම පුස්තක සම්මානයද හිමිවිය.

කන්දක් සේමා කෘතිය 70 දශකයේ සන්සිදුවීම් ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.

කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර ඒ නම් නූපා සහ මසයා සං ය.මොවුන් දෙදෙනාගේද පරමාදර්ශී ප්‍රේමයක් සිතෙහි දක්නට ලැබේ, නුපාගේ පෙම්වතා පරමාදර්ශී චරිතයක් වන අතර නුපා යනු පරමාදර්ශී සිහිවටනයකි.යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභාන්ගත්වය කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත කන්දක් සේමා නව කතාව හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වයි.

නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 ගණන් වල තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වන නුපා විවාහයෙන් පසුව ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. එසේ යාමට හේතු වන්න පුරවා ලිංගික ක්‍රියාවලියක ට මුහුණ දී එහි අනිසි ප්‍රතිපලයක් ලෙසය. දුගී දුප්පත්බව හේතු කොටගෙන ප්‍රේමය සහ පිරිමියා හරහා තම ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින් 15 වැනි වියේදී 25හැවිරිදි ජයනාත හා හා ඇති කර ගනු ලබන ප්‍රේමනීය සන්සිදුවිම හේතුකොටගෙන ඇතිවන දරු ගැබ ගබ්සාවකට ලක් වේ. වත්මන් තරුන්‍යයේදී ආදරයට සෙනෙහසට මුලික ස්ථානය යොමු වන්නේ ලිංගිකත්වය ටය. නුපා යනු එකී තාරුණ්‍යය ගැබ් කරන්නාවූ සංකේතයයි.

නිගතාවේ වයසක මිනිසුන් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද එහිදී ඔවුනට අත්විඳීමට ලැබෙන ෂිනනෝ ගංගාව පිටාර ගැලීමයි.මෙයට හේතුව වුනේ එහි පිහිටි විසල් කන්දයි. එය බාධකයක් ලෙසින් පැන නැගුනු අතර එය මුහුද ට ගලාගෙන යාමට බාධකයක් ලෙස ගොඩ නැගුණි.මේ කන්ද කැපීමට අවශ්‍ය වූ අතර පිරිමින් එම කන්ද කපන අතරතුර පස් කරමත තබාගෙන කාන්තාවන් කිලෝමීටර් ගණන් දුර දුක්විඳිමින් යාමට නිගතාවේ කාන්තාවන්ට සිදුවිය

.මේ හේතුකොට ගෙන මෙම කතුන් නිගතාව අතහැර තෝකියෝ නුවර පැමිණ එහි පුරුෂයින් සොයාගෙන විවහා වුහ.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට ගෙන ගියහ.මෙම සිදුවීමට මුහුණ දුන් බොහෝ කාන්තාවන් ලාබාල වයස් සීමාවල පසුවූවන් වේ.
කන්දක් සේමා කතාවට මුළ පාදක වුයේ මෙම කතාවයි.

ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු සහ මුහුණ දෙන අපවාද පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වී ඇත. විදේශයන්ගේ සේවයට යන ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන් හෙලන දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්න්දදුනන රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන් අතරමන් වන ආකාරය අපිට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීම් වේ.

බටහිර සංස්කෘතියේ දක්නට ලැබෙන ඒක පුද්ගල බව, එකිනෙකා ප්‍රර්ථනා කරන නිදහස පතන මිනිසුන්ට දේශීය මිනිසුන්ගේ අන්යෝන්ය සම්බන්ධතාවය, ආදරය සෙනෙහස පිලිබඳ හැඟීමක් දැනෙන්නේ නැත.ඒ බව හොඳින්ම වැටහෙන්න පිටු අංක 56 ඇති

මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.

සුමිත්‍රා රාහුබද්දයන් කතාව පුරාවටම සරල භාෂා අඛ්යානයක් භාවිතා කරන අතර සොබා දහමේ දකිනට ලැබෙන සිදුවීම් මෙහිදී සිදුවන සංසිදුවීම් පාඨකයා වෙත ලං කිරීමට භාවිතා කරයි.නුපා විසින් ඇයගේ ජපන් සැමියාගේ නිවසට ඇතුලත් විමේදීම ඇයගේ සිතෙවූ බලාපොරොත්තු සියල්ලම ගඟේ ගසාගෙන ඉනි මෙන් කඩා වැටේ.එය සුමිත්‍රා රාහුබද්ධයන් විසින් නිර්මාණය කරන්නේ

"පිටු 193 දී දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "

මෙම කතාව ඔස්සේ විවාහය පිළිබඳව සමාජ යථාර්තවාදී කියවීමක් දක්නට ලැබේ. විවාහය යනු සමාජ යුතුකම් ඉටු කරමින් පරම්පරාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය ලෙස මිනිසුන් සලකන අතර,ඒ සඳහා අයිතිය ලබා දෙනු ලබන ලියවිල්ල අතීතයේදී වැදගත් නුවුවත් වර්තමානයේදී වැදගත්ම සාධකයක් ලෙස සැලකේ.මෙම ලක්ෂණය මනාව පෙන්නුම් කරන්නේ තාත්තාගේ සහ පොඩි ප්‍රේමා ගේ විවාහයයි. විවාහයේ විවිධ ප්‍රබෙධයන් දක්නට ලැබෙන අතර ආගම් අතර , එකම ජාතින් සහ කුලයන් අතර වන විවාහ ලෙස වර්ගීකරණයට ලක් කෙරේ.මෙම කතාවේ අන්තර්ගතය වන්නේ අන්තර් වාර්ගික විවාහයක් පිලිබඳවය.එනම් ජාතින් දෙකක් අතර වන විවාහයයි.

මුදල් මත යැපෙන සමාජයේ ධනේශ්වර පන්තිය විසින් දිළිඳු පන්තිකයින් පාගා දමන්නට තැත් කරයි.නුපාගේ කතාව මගින් ප්නේන්නුම් කරන්නේද මෙම සමාජ යථාර්තයයි.ඇයගේ දිළිඳු බව මෙන්ම අඩු අධ්‍යාපන මට්ටම මෙම ධනේශ්වර පන්තියේ අතකොළුවක් බවට පත්වීම මෙහිදී කතුවරිය විසින් සමාජයට පෙන්නුම් කරන ලද සුවිශේෂී කරුණයි.තම විදෙස්ගත සැමියාගේ මුහුණ පවා නොදකිමින්ම විවාහයට පත්වීමට සිදුවන්නේ මෙම හේතු මුලය නිසාය.

ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය අතර දෝලනය වෙමින් තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු ගලාගෙන යන මෙම නව කතාව සාර්ථක නව කතාවක් ලෙස පැවසිය හැකිය.
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
May 17, 2019
Whilst admitting the possibility, I feel like the main female character is over-victimized. However, it provides a good reflection on the need of ‘love’ women constantly seek, and how different women deals with this need differently.
Profile Image for Nilu.
622 reviews51 followers
December 26, 2023
"උපන් දරුවටත් නූපන් දරුවටත් අම්මා කෙනෙකුගේ හිතේ වෙනසක් නැහැ පුතේ"

ආ‌සියානු සංස්කෘති දෙකක් මැද අතරමං ව තමාව සො‌යා ගැනීමට ගිය යුවතියට , තව දුරටත් අතරමංවී දිවි ගෙවීමට සිදුවීම ඉතා ඛේදජනකය.

බො‌හෝ‌ දේ ගැන සිතීමට පො‌ළඹවන සුලු අගනා කෘතියකි.

මිලට ගෙන වසර දහතුනකට පසුව හෝ‌ කියවා අවසන් කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි.
Profile Image for Hansi.
11 reviews
May 14, 2021
Felt like main character keeps saying the same over and over again throughout the story.. kinda like over victimizing..
Profile Image for Chamodi Waidyathilaka.
83 reviews7 followers
January 10, 2023
කන්දක් සේමා- සුමිත්‍රා රාහුබද්ධ
Kandak Sema - by Sumitrā Rāhubaddha———-
*worth reading——-The winner of ‘2010 swarna pustaka’; the highest literary prize in Sri Lanka.___The story revolves around a Sri Lankan young girl called Nupa and her marriage to an old Japanese man called Masaya. Nupa is from a poor and not educated family background, which her parents weren’t even married legally until their children become adults. Her family background is a total mess. And her childhood was full of troubles. Because of her messy family situations even as a child Nupa became the target of many men who are seeking temporary lust. At age 17 Nupa failed to protect herself. Her youth feelings took over her. She ended up aborting her unborn child secretly without even her family’s knowledge. In order to escape from this depressing life, she agreed to marry an old Japanese man. She thought of going to Japan might change her life but all her fantasies scrambled down when she realised the hidden truth behind her old not well known Japanese husband._____
I see Nupa as a young fragile woman, who desperately seeks for love and affection and protection from a man. There were many times she patiently waits for her old husband to notice her, where she treated him kindly. But his heart belonged to someone else. Nupa became lost and melted anytime in-front of a love and affection. ‘Kandak sema’ reveals the dark sides of a society, dark sides of family bonds and relationships, patience, kindness and overcoming struggles as a woman .____
#book#bookphotography#bookstagram#bookworm#srilankanbooks#srilankanbookblogger#igreads#igbooks#bibliophile #literature#bookaddict #bookholic#bookhaul#booklover#bookporn#readingbooks#amreading#currentlyreading#booklover#booksofinstagram#bookblogger#bookcommunity #sinhalabooks#bookreview.
Profile Image for Buddi.
21 reviews
March 3, 2014
One of the best writings of 2010. Story of a young woman Nupa and her struggle to find life marring to old Japanese man. Story is reach sensitiveness of woman's expression of love. Must read ...
Profile Image for Vi.
153 reviews5 followers
November 10, 2020
So good! I don't know why I missed these books for so long!
Profile Image for Sameera Nanayakkara.
69 reviews1 follower
September 11, 2025
"නුඹ දුර්වලයි. මාත් දුර්වලයි. නුඹ බලවත්, මාත් බලවත්.'

මම පුරුද්දට සිංහල නවකතා පොත් කියවන්නෙක් නෙමේ. අහම්බෙන් අත ගැටුණු ' කන්දක් සේමා ' කියවන්නට සිත්ලුවේ වෙනස් ආරක පොතක් කියවන්නට හිතුණු නිසයි.

කතාව අරඹුමේදීම ගබ්සාවක් සහ ඒ වෙනුවෙන් තම ආත්මය මරා ගන්නා ගැහැණියකගේ අභ්‍යන්තර විලාපය වට කොට ලියවුණු නිසා පොත කියවා අවසන් කෙරුමට මම මටම ප්‍රතිඥා දී ගත්තා.

මම කොන්දේසි රහිතව ගබ්සාව හෙලා දකිනවා. මගේ මුළු වෘත්තිය ජීවිතයම මා සේවය කළේ ප්‍රසව හා නාරිවේදය වාට්ටු වල වීමත්, කළලයක විකසනය හා දරු ප්‍රසුතියෙ ඇති විශ්මය මා දෛනිකව අත්විදීමත්, මගේ දියණියන් දෙදෙනා අපගේ පවුල තුළ ලබන හා පෙරලා මටත් මගේ බිරිඳටත් ලබා දෙන ආදරයත් නිසා වෙන්නට ඇති මම මෙතරම් ගබ්සාවට වෛර කරන්නේ.

නව යොවුන් තරුණියක් සමාජ සීමාවන් හා දුගීකම හමුවේ සිය ගත සිත සොයන ආදරය, රැකවරණය හා ලිංගික තෘප්තිය සොයමින් පිළිතුරු යැයි සිතා තෝරාගන්න හැම තිරණයකම අවසානයේ තවත් ප්‍රශ්න පත්තරයක් ලැබුමට අවාසනාවන්ත වන 'නුපා' ගෙ කතාව විටෙක සංවේද ජනකයි,විටෙක කුතුහලය ජනකයි, විටෙක ශෝක ජනකයි.

කතාවේ හමුවන චරිත වල ලොකු නැවුම් බවක් නැතත්, ගැහැණිය දුර්වලයි, පුරුෂාධිපත්‍ය හමුවේ තැලී පොඩිවන සමාජ සම්මතය ඒ අයුරින්ම ඉදිරියට ගෙනැවිත් තිබුණත් කතාව කියවා අවසන් වූ විට කතාවේ විකාශනය ගැනත්, කතාව පෙළගස්වා තිබූ ආකාරය ගැනත් යොදාගෙන තිබූ භාෂා විලාශය ගැනත් පොදුවේ හිතේ ඇති වුණේ ප්‍රසන්න හැගීමක්.

මයිකල් ඔන්ඩච්චි ගේ 'The English Patient ' කෘතියේ මම මුලින් දුටුව ඇස් පිල්ලක් ගහන සැණින් එක දහසකින් තවත් අදහසකට පනින රටාවක් නොමැති වාක්‍ය ඛණ්ඩ හෝ තනි හෝ වචන අල්පයක වාක්‍යය රටාව මෙම පොත තුළද දක්නට ලැබේ. නොසන්සුන් සිතක බුර බුරා නැගෙන සිතුවිලි පාඨකයාට පෙන්වීමට මෙය කදිම යොදා ගැනීමකි.

තව කෙනෙකුත් හවුල් කරගෙන පොත ලිව්වා වගේ හැගෙන්නේ විටෙක කතා කරන භාෂාවෙන් ලියෑවෙන කතාව තවත් විටෙක බොහෝ විධිමත් ලිඛිත බසින් ලියවී ඇති නිසායි. සංයමයක් නැති තැනක් නොතැනක් නැති විරාම ලක්ෂණ කාගේ දෝෂක්ද උත්තර නැති ප්‍රශ්නයක්.
(සිංහල පොත් ප්‍රකාශකයන් සහ සෝදුපත් පිරික්සන උදවිය තමා ලබන වැටුප වෙනුවෙන් සාධාරණ ඉටු කෙරුමට වග බලා නොගත්තොත් සිංහල සාහිත්‍යය පරිහානියට යාම තවත් ඉක්මන් වනූ ඇත.) අවසානයේ සම්මාන කොපමන ලැබුවත් පොතෙහි ගුණාත්මක බව රැක ගැනීමට කතුවරිය එතරම් උත්සහ දරා නැති බවක් මට හැඟෙන්නේ.

රැ වැටුණු වලේ දවාලෙත් වැටෙන නූපා අපිට අපේ හැගීම් ගැනත් අපි ජීවත් වෙන සමාජය ගැනත් හිතන්නට නම් බොහෝ දේ ඉතුරු කරනවා.
Displaying 1 - 10 of 10 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.