Naleendra Weerapitiya309 reviews36 followersFollowFollowApril 16, 2024ඩුඕ වනාහි සුරත් ලියා ඇති තෙවෙනි නවකතාව මෙන්ම මා මෙතෙක් කියවූ ඔහුගේ තෙවෙනි නවකතාවයි. මෙම නවකතාවේ වෙසෙසින් කාන්තාවන් තමන්ගේ කැමැත්ත පරිදි තෝරාගැනීම්, ජීවත් වීම්, සහ ඊට ඇති අයිතියත්, ඊට සාම්ප්‍රදායික සමාජයෙන් ඇති බාධාවන් පිළිබඳවත් අප කතුවරයා තම අවදානය යොමු කර ඇත. ඒ සඳහා ආසන්න පරම්පරා දෙකක බැලු බැල්මට අසම්බන්ධ කාන්තා චරිත දෙකක් , සමාජ-දේශපාලන පසුබිම් දෙකක් ආශ්‍රයෙන් භාවිතා කොට ඇත. සුරත් ගේ සූර ලිවීමේ ශෛලියෙන් මුල් පිටුවේ සිට ම පාඨකයා රඳවා ගැනීමේ හැකියාව ඔහු නැවත වරක් ප්‍රදර්ශනය කොට ඇත.ඉහත සියල්ල නවකතාවේ ධනාත්මක පක්ෂයය. ඇත්තෙන්ම නවකතාවේ මධ්‍යය ලක්ෂය පසුකරන තෙක් ම පාහේ නවකතාව රසවත්ව. ඉන් පසුව ලේඛකයා, පාඨකයාව තව දුරටත් රඳවා ගැනීමට වෑයම් දරන්නාක් සේය. පිටු 312ක් පුරා කියනා කතාව, 240කින් පමණ කීමට හැකි දෝයි පාඨකයාට හැඟවෙන සුළුය. චේතන් භගාත් ගේ එකදු නවකතාවක්වත් කියවා නොතිබුනත් ( ඔහුගේ නවකතා තුනක් මා සතුය ), 3 Idiots චිත්‍රපටිය සම්පූර්ණයෙන් ම පාහේ නරඹා ඇති හෙයින් ඉන් හෝ ( එහි නවකතාවෙන් හෝ ?) යම් ආභාෂයක් ලබා ඇත්දැයි සිතෙන සුළුය. අවසන් පරිච්ඡේදයේ මෙතෙක් තිබූ අසම්බන්ධතා සම්බන්ධකිරීම් තරමක් හදිසිය. මාවෝ හමුවන්නේ අවිශ්වාසනීය ලෙසටය. ජනප්‍රිය හිංදි චිත්‍රපටියක් නිර්මාණයට සුදුසු කතා වස්තුවක් රැගත් ය. එවන් චිත්‍රපටියක් සාර්ථක වීමේ විභවයක් ද පවති. එහෙත් නවකතාවක් ලෙස එය අන්තිම 40% පමණ තරමක් ආයාසකාරි දිග හැරීමක්‍ය -වෙසෙසින් සාරා ගේ කතාව කෘතීම ලෙස දිග්ගස්සා ඇති බව පාඨකයාට සිතෙන සුළුය. අවසන කිමට ඇත්තේ, කතුවරයාගේ තවමත් මාස්ටර්පිස් එක 'තී හා තා' බවය. සමහරවිට ඔහු ට එහි එන චරිත වඩා ආසන්න නිසා වඩා සාර්ථකව සහ ස්වභාවිකව ගොඩනැඟීමට අවකාශ තිබෙන්න ට ඇත. මෙය යම් තරමකින් රසවිඳිය හැකි ජනප්‍රිය ප්‍රබන්ධයකි බව සත්‍යයකි. එනමුදු, එක්තරා සම්මානයක අවසන් වටයට තේරීම මගින්, 2022 වසරේ ප්‍රකාශ වූ නවකතා වල සාර්ථකත්වය ගැනද පාඨකයාට සැක පහළ කරවන සුළුය.ශ්‍රේණිය: ***ස්වර්ණ පුස්තක සම්මාන 2022 - අවසන් වටයට නිර්දේශිතගොඩගේ සම්මාන 2022 - හොඳම නවකතාවට නිර්දේශිත2022 ප්‍රකාශ වූ නවකතා කියවීම - 02
Prasad PolwatteAuthor 5 books14 followersFollowFollowApril 27, 2024ඩුඕ - සුරත් ද මැල් (2022)ඉන්දියාවේ සහ ලංකාවේ සුලබව සිදුවන කාන්තා ලිංගික හිංසනය සහ එයට නිසි රැකවරණය දීමට අපොහොසත් වන පවතින නිතිය සහ පොලීසියද, මාධ්‍ය විසින් කරන පදනම් විරහිත ප්‍රචාරනය විසින් ලිංගිකව හිංසනයට ලක්වූ තැනැත්තිය නැවත නැවතත් දුෂණයට පත්කරනු ලබන්නේය.මෙම නවකතාවේ ප්‍රධාන චරිත දෙකක් වන සාරා සහ උමා ලිංගික හිංසනයට ලක්වන්නෝ වෙති. සාරා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ඉහල මද්යම පන්තියේ පවුලකට අයත් නිතිවිද්යාල ශිෂ්‍යාවකි. උමා කෑගල්ල නගරයේ මද්යම පන්තියට අයත් පවුලක දියණියකි.මේ දෙදෙනාම ඉන්දියාවේ සහ ලංකාවේ පවතින පුරුෂ මුලික සමාජය විසින් අපයෝජනයට ලක්වේ. ඔවුන් හට පොලිසියේ, නීතියේ හෝ සමාජයේ රැකවරණය නොලැබේ. අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණය නිසා සමාජයෙන් සැඟවී සිටීමට සිදුවේ.