Jump to ratings and reviews

දකින්න වෙනස්ව ජීවිතය

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

292 pages, Paperback

First published January 1, 2018

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (100%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Prasad Polwatte.
Author 7 books14 followers
March 1, 2025
Tiny Changesk, Remarkable results
Atomic Habits By James Clear
පරිවර්තනය: දකින්න වෙනස්ව ජීවිතය - නිරන්ජන් චාමින්ද කරුණාතිලක (2024)

මෙම පොතේ පිටපත් මිලියන 10 පමණ අලවිවී ඇති අතර ලොවපුරා මිලියන ගණනක සාර්ථක කරගැනීමට ඉවහල්වී ඇත.

කතුවරයා මෙම කෘතියෙන් හෙලිකරනුයේ සියුම් පුරුදු වර්ධනය කරගැනීමෙන් ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවන බවය.

කතුවරයා පාසැල් වියේ බේස්බෝල් ක්‍රීඩාව කිරීමේදී බේස්බෝල් පිත්ත මුහුණේ වැදීමෙන් නාසය බිඳී හිස්කබල තුලට කාවැදීම නිසා මරණිය තුවාල ලැබූ අයෙකු විය. සුවවීමෙන් වසර 6 කට පසු ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බේස්බෝල් ක්‍රීඩකයා බවට පත්විය. එම වසරේ විශ්වවිද්‍යාලයේ ඉහලම අද්යාපන සම්මානය වූ ජනාධිපති පදක්කම් ලාභියයද විය.

සියලුම විශාල දේවල් කුඩා ආරම්භයකින් ඇතිවේ. සැම පුරුද්දකම බීජය තනි කුඩා තීරණයකි.
1970 දශකයේ බලශක්ති සහ තෙල් තහනම ලොව පුරා නගරවාසීන්ගේ විදුලිබිල අධික විය. ඇම්ස්ටදාම් නගරයේ තදාසන්න ප්‍රදේශයක සම ප්‍රමාණයේ නිවාස වල විදුලිබිල සමාන වුවත් සමහර නිවෙස්වල එය 30% අඩු විය. විදුලි මීටරය ප්‍රධාන පිවිසුම් කොටසේ තිබු නිවෙස් වඩා අඩු විදුලි ප්‍රමානයක් භාවිතාකල බව හෙළිවිය. තමා භාවිතාකරන බලශක්ති ප්‍රමාණය පැහැදිලිව පෙනෙනවිට ඔවුහු බලශක්ති භාවිතාකිරීමේ හැසිරීම් රථාව වෙනස්කලහ.

උට්ඨාන විර්යය, ධය්ර්ය, සහ අධිෂ්ඨානය සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය නමුත් මෙම ගුණාංග වැඩිදියුණු කිරීමේ මාර්ගය වන්නේ ඔබ වඩාත් විනයගරුක පුද්ගලයකු වීමට ප්‍රර්ථනා කිරීමෙන් නොව විනයගරුක පරිසරයක් නිර්මාණය කිරීමෙනි.

දුම්පානයට ඇබ්බැහි වුවන්ට, කළුපැහැ ගැන්වූ පෙනහැලි චයාරුප පෙන්වීමෙන් ඔවුන් කාංසා තත්වයට පත්වී එයින් මිදීමට තවත් දුම්වැටි දල්වාගනිති. එබැවින් ඉඟි පිළිඹඳව කල්පනාකාරී වියයුතුය.
අප මුලින්ම හුරුවන පුරුදු අප තෝරාගත් ඒවා නොවේ. ඒවා අප අනුකරණය කරන්නෙමු. විවිධ සංස්කෘතීන් සහ කණ්ඩායම්වලට තමන්ගේම අපේක්ෂාවන් සහ සම්මානයන් තිබේ. එනම් තමා විවාහ වියයුත්තේ කවදාද, දරුවන් කීදෙනෙකු සිටියයුතුද, කවර නිවාඩු සමරියයුතුද, දරුවාගේ උපන්දිනයට කොපමණ මුදලක් වැයකළ යුතුද යනුවෙනි.

ඔබට වුවමනා කරනුයේ පුරුද්දෙන් ලබාදෙන ප්‍රතිපලයයි. පුරුද්ද දුෂ්කරවූ තරමට ඔබ අපේක්ෂිත අවසාන ප්‍රතිපලය අතර දුරස්තබව වැඩිවේ. ඔබට හොඳ පුරුදු වඩාත් පහසු කරගත හැකිනම් ඔබ ඒවා අනුගමනය කිරීමට වැඩි ඉඩක් තිබේ.

පුරුදු යනු අධිවේගී මාර්ගයක පිවිසුම් දොරටු වැනිය. ඒවා ඔබව අධිවේගී මාර්ගයකරා ගෙනයන අතර ඔබට එය දැනෙන්නටත් පෙර ඊළඟ හැසිරීම කරා වේගයෙන් රැගෙන යයි.

කිසිම ව්‍යායාමයක් නොකර සිටීමට වඩා පුෂ්-අප් එකක් කිරීම හොඳය, සංගීත භාණ්ඩ පුහුණු නොකිරීමට වඩා මිනිත්තුවක් ගිටාරය පුරුදුවිම හොඳය, පොත් නොකියවා සිටීමට වඩා එක මිනිත්තුවක් කියවීම හොඳය.
Displaying 1 - 1 of 1 review