Jump to ratings and reviews
Rate this book

මරකත පිළිලය

Rate this book
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගි ආ දරුණු අපරාධකරුවෙක්...
පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්...
නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්...
රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද?
ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයයන්ගේ නාමයෙන් අධිස්වභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍ය සොයා යා යුතුය.

495 pages, Paperback

Published May 1, 2021

1 person is currently reading

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (66%)
4 stars
2 (33%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Ann.
5 reviews2 followers
March 15, 2025
පාසල් සිසුවෙකු ලෙස ලේඛන දිවියට එකතු වන්නට සිහින දුටු නෙතිඳු වරාපිටිය සිය කුළුදුල් නිර්මාණය වන "මරකත පිළිලය" ග්‍රන්ථය සමඟ ලේඛන දිවිය අරඹද්දී ඔහු සරසවි සිසුවෙකි. ලේඛකයෙකුගේ කුළුදුල් නිර්මාණය දැයි සිතීමට හෝ නොහැකි තරම් "මරකත පිළිලය" විශිෂ්ට ගණයේ නිර්මාණයක් බව මගේ හැඟීමයි.

"හැඟීම්වලින් තොරව මනුෂ්‍යයින්ට පවතින්න බෑ කියලා කියනවා. අමූලික බොරු!
හැඟීම් තමයි අපව අප තුළම සිර කරන්නේ."

සිටුතුමා හෙවත් රිචර්ඩ් ශේමස් ඔස්බෝන් සිය ලිපිගොනුවේ එලෙස සටහනක් තැබුවේය. ඔස්බෝන් මිනිසාගේ සීමා වලින් ඔබ්බට සිතූ අයෙකි, මනුෂ්‍යත්වයට එහා සිතූ අයෙකි, මනුෂ්‍යත්වය අභිබවා ගිය අයෙකි.

"සොබාදහමේ අපි පනින්න හොඳ නැති සීමා මායිම් තියෙනවා ඔස්බෝන්. නමුත් අවාසනාවකට තමුසේ දැන් ඒ සීමා පහුකරලා ගොඩක් දුර ගිහින් ඉවරයි."

ෂෙරින්ෆර්ඩ් පොලීසියේ රහස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් ටයිලර්, ඔස්බෝන් හැඳින ගත්තේ ඔහු සිටුතුමා වන්නටත් ප්‍රථමය. එනම් ඔහුගේ පළමු ක්‍රියාවට ද ප්‍රථමයෙන්ය. නමුත් එම දහතුන් හැවිරිදි දරුවා වැඩෙත්ම සිටුතුමා වේයැයි ටයිලර් මඳක් හෝ නොසිතන්නට ඇත.

ඔස්බෝන් මරණය පරදන්නේ ෂෙරින්ෆර්ඩ් නගරය විමුක්තියේ රැය කරා ගෙන යාමේ අපේක්ෂාවෙනි. ඒ වෙනුවෙන් ඔහු ප්ලාස්කුවක බහාලූ ඖෂධය නම් රසායනික ද්‍රව්‍යයක් නගරයේ යම් පිරිසක් වෙත හඳුන්වා දෙයි.

"මේ ඖෂධය අවසානයේ කරන්නේ ඒකයි. එය ඔබට විකල්ප දෙකක් දෙනවා. එක: තමුන්ගේ භීතියට මුහුණ දී පරිපූර්ණත්වයට පත් වෙන්න. දෙක: තමන්ගේ ජීවිතය ඉවරයක් කරගන්න."

"මරකත පිළිලයේ" වීරයා ක්‍රිස් ටයිලර් වුවත් පෞද්ගලිකව මගේ සිත් ගත් චරිතය වූයේ ඩේවිඩ් සහ හාපර්ය. ටයිලර්ගේ චරිතයට වීරත්වය ආරුඪ වීම පමණ ඉක්මවා ඇතැයි දැනුනි.

විටෙක, සිටුතුමාගේ ඖෂධය සියල්ලන්ටම ලැබිය යුතුය. නමුත් ඒ එහි පළමු අරමුණ වෙනුවෙන් පමණි.
Profile Image for Ashan Withana.
2 reviews
January 1, 2026
Rating: ★★★½ (3.5/5)
An impressive debut, showcasing the author’s potential and storytelling talent. However, it occasionally feels as though the author is deliberately attempting to recreate the dynamic between Holmes and Moriarty, which makes parts of the story feel a bit derivative. I also wish the setting had been more local—given that it’s an original work, a familiar backdrop could have made it even more relatable and engaging.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.