Jump to ratings and reviews
Rate this book

මළ මිනිස්සු

Rate this book

Paperback

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (40%)
4 stars
3 (60%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Nanda Wanninayaka.
91 reviews24 followers
September 1, 2014
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක නිකොලායි ගොගොල් ඉපදුණේ 1802 අප්‍රේල් 01 වැනිදා යුක්‍රේනයේ පොල්කාවා පළාතේ සොරෝචින්ස්කි ගමේදීය. ඔහුගේ පියා ධනපතියකු වූ නිසා ගොගොල්ගේ ළමා කාලය සැප සම්පත් වලින් පිරී තිබුණි. මවගේ ආභාසය නිසා ගොගොල් පසු කලෙක දැඩි ආගම් භක්තියක් සහිත පුද්ගලයකු බවට පත්වී තම ලේඛක දිවියටද විශාල හානියක් කර ගත්තේය.

මම මළ මිනිස්සු (Dead Souls) කියෙව්වේ ඉතා කුඩා කාලයේය. කියවූ පොතේ අන්තිම පිටු කීපයද ගැලවී ගොසිනි. ඒ පිටු ටික කියවීමට තවමත් අවස්ථාවක් නොලදිමි.

ගොගොල් තමන්ගේ විශිෂ්ටතම නවකතාව වූ “මළ මිනිස්සු” නවකතාව ලියා පළ කළේ 1842දීය. මළ මිනිස්සු කෘතියට පාදක වූයේ මළ දාසයන් මිලයට ගන්න චිචිකෝව්ගේ කතාවයි. මළ දාසයන් මිලයට ගනු පිණිස චිචිකෝව් රුසියාව පුරා සංචාරය කරයි. මේ සංචාරය තුළින් එවකට සමස්ත රුසියානු සමාජයේ පැවැති ආර්ථික සමාජීය දේශපාලන ව්‍යූහයන් රචකයා කදිමට විස්තර කරයි.

මළ මිනිස්සු ලියා පලකිරීමත් සමඟම සමාජයේ ප්‍රශංසා ද ගැරහුම් ද එකසේ ඔහුට හිමි විය. පාලක පැළැන්තියේ ධනවතුන්ගෙන් ඔහුට විවිධ ගැරහීම් එල්ල විණි. මේ හා සමඟම ගොගොල් වටා ජනතාව රොද බඳින්නට පටන් ගති.

ගොගොල්ගේ ජනතාවාදී අදහස් විනාශ කිරීමට ඉටාගත් රුසියානු ධනවත්තු ඔහු හා මිත්‍රවී ක්‍රමයෙන් ඔහුගේ ප්‍රතිභා ශක්තිය විනාශකිරීමට සමත් වූහ. ඔවුන් පැමිණියේ ගොගොල්ගේ මිත්‍රයන් විලසිනි. ජනතාවදී කලාව කිසිම කමකට නැති එකක් යැයි ගොගොල්ට ඒත්තු ගැන්වීමට මේ කුහක මිතුරන්ට හැකිවිය.

පසු කලෙක උමතු ආගමික අන්තවාදියකුගේ විකාර දේශනාවන්ට රැවටී තුන් ඈඳුතු නවකතාවක් ලෙස සැලසුම් කළ මළ මිනිස්සු නවකතාවේ සම්පූර්ණ කළ දෙවැනි කොටස ගොගොල් පුළුස්සා දැමීය.
Displaying 1 - 1 of 1 review