Jump to ratings and reviews
Rate this book

කාල නදී ගලා බසී

Rate this book

436 pages, Paperback

First published July 1, 2013

4 people are currently reading
59 people want to read

About the author

Nobert Ayagamage

3 books12 followers
නෝබට් අයගමගේ (Sinhala)

Nobert Ayagamage is a distinguished Sri Lankan author renowned for his compelling Sinhala-language novels that delve into the intricacies of human relationships and societal dynamics. His literary works are celebrated for their profound narratives and have garnered significant acclaim among readers and critics alike.

Ayagamage's storytelling is marked by its depth and authenticity, offering readers an immersive experience into the Sri Lankan social fabric. His contributions have significantly enriched contemporary Sinhala literature, making him a prominent figure in the literary community.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
28 (58%)
4 stars
16 (33%)
3 stars
4 (8%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
August 4, 2024
කාලනදී ගලා බසී - නෝබට් අයගමගේ (2013)

මෙම නවකතාව මම මුල්වරට කියවුයේ මීට වසර 8 කට පමණ පෙරය. එම කියවීම ඉතාමත් ආකර්ශනීය අත්දැකීමක් වූ බැවින් එය ඉතා කැමැත්තෙන් එක දිගට කියවාගෙන ගියෙමි. නමුත් එය මෙවර කියවීමේදී මා හට එම ආකර්ශනීය හැඟීම හෝ කියවීමේ උත්තේජනය නොලැබිණ.

මෙම ප්‍රබන්ධකරණයේ ඇති අධියතර්තවාදී ස්වභාවය නිරුපනය කරමින් විස්තර කෙරෙන ගැමි ප්‍රජාවේ විශ්වාසය දිනාගෙන සිදුකෙරෙන ශාන්තිකර්ම, තොවිල් පවිල්, මන්ත්‍ර ගුරුකම් පිළිඹඳ විස්තර කියවීමේදී නීරස බවක් ඇතිකරයි.

නවකතාව ලංකාවේ සිංහල රජ පරපුරේ අවසාන සමයේ රාජ උදහසට ලක්වූ ඇහැලේපොල අධිකාරම්ගේ පවුල රාජ නියෝගයකින් කෘර ලෙසට ඝාතනය කරනු ලැබීම සහ ඇහැලේපොල අධිකාරම් කළු ගඟ දිගේ පාරුවක නැගී රත්නපුර සිට කොළඹ බලා රහසිහතව පැනයාමෙන් අරඹනු ලබයි. එසේ පලායාමේදී ඔහු සුද්දන් හට තෑගි පිණිස විශාල වස්තු සම්භාරයක් රැගෙන ගිය අතර ඔහුව ආරක්ෂා සහිතව ගෙන ගිය පාරු කරුවන් හට තිළිණ ලෙසට වටිනා තෑගි (රන්, රිදී, මුතු, මැණික් සහිත) පිරිනමන ලදී.

පාරුකරුවන් ලැබූ තිලින සොරා ගැනීමට ඔවුන්ගේ පිල් දෙකක පරම්පරා තුනක ජිවිත 13 බිලිගනිමින් ශත වර්ෂ එකහමාරක් පුරා හඹා යාමක් සිදුවිය. ඇහැලේපොල නිලමේගෙන් තිලින වූ මෙම වස්තුවේ අවසාන හිමිකරු වුයේ පාරු කණ්ඩායමේ නායක තන්ඩලේ විය.

තන්ඩලේ ගේ මරණින් පසු මෙම නවකතාවේ කතා නායකයා වන සාදිරිස් හට අහම්බෙන් මෙම වස්තුව හිමිවේ. නවකතාව පුරා විස්තර කෙරෙනුයේ ඉතා ලාබාල වියේ දීම පාරු කණ්ඩායමට එක්වන සාදිරිස් තම පාරු ජීවිතය එහි නායකත්වය දක්වා හැඩගස්වා ගන්නා අයුරු සහ ඇහැලේපොල ගේ තිළිණය සොර සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගන්න ආකාරයත්ය.

පෘතුගීසි, ලන්දේසි සමයන් හි දී විදේශීය ආක්‍රමණිකයෝ ප්‍රවර්ධනය කරනලද වාරිමාර්ග ඔස්සේ සිදුකල පාරු මගින් භාණ්ඩ ප්‍රවාහනය අප රටේ බොහෝ කාලයක් පැවතින. මෙම නවකතාවේ විස්තර කෙරෙන කළුගඟ දිගේ යාත්‍රා කෙරුණ පාරු මගින් භාණ්ඩ ප්‍රවාහනය රත්නපුර සිට කළුතර දක්වා සිදුවිය. රත්නපුරින් කෝපි , රබර්, ගම්මිරිස් වැනි ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය සිදුවූ අතර, කළුතරින් රෙදිපිළි, දුම්කොළ, කරවල, මත්පැන් වැනි ද්‍රව්‍ය සබරගමුවට ප්‍රවාහනය විය.

දුම්රිය සහ මහාමාර්ග ඉදිවීමෙන් පසුව පාරු කර්මාන්තය අභාවයට ගියේය.

කළුගඟ දිගේ ගෙවෙන පාරු කරුවන්ගේ අවදානම් සහගත රැකියාව සහ ඔවුන් ලබන බිහිසුණු අත්දැකීම් කියවන්නා හට ඉතා ආකර්ශනීය වේ.

මෙම නවකතාව පාරු කරුවන්ගේ ජිවිත වලට අමතරව යටත් විජිත සමයේ අපරටේ කඳුකරයේ වනාන්තර සහ වන සතුන් විනාශකරමින් සිදුවූ වෙළඳ බෝග වගාව, එමගින් සිදුවූ සාමාජිය සහ ආර්ථික විපර්යාසයන්, එයින් බිහිවුණු ලාංකීය ධනපති පන්තිය පිළිඹඳ හැදෑරීමක් සිදුකරනු ලබයි.

මෙම නවකතාවේ විස්තර කෙරෙන කළුගඟ දෙපස ස්වභාවික පිහිටීම, දිය ඇලි , වැසි වනාන්තර පිළිඹඳ පරිසර වර්ණනාව ජැක්සන් ඇන්තනි විසින් ඉදිරිපත්කරන ලද "කළුගඟ දිගේ' රුපවාහිනි වාර්තා වැඩසටහන සිහියට නගනු ලබයි.
Profile Image for Aranya.
12 reviews1 follower
December 10, 2022
One of my favourite books. I absolutely loved the way how the author has developed chatacters. Like a river. This book stole an entire month even after finishing the book.
6 reviews
August 19, 2017
නො නවත්වා එක දිගට කියවාගෙන යා හැකි නවකතාවකි. කෘතියේ අවසාන භාගයේදී ආරම්භයට සාපේක්ෂ ව කතාව ඉක්මනින් ගලා යන බවක් හැඟෙයි.
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.