Jump to ratings and reviews
Rate this book

සත්‍යෝදය

Rate this book

Unknown Binding

11 people are currently reading
93 people want to read

About the author

Walpola Rahula

16 books117 followers
Walpola Rahula (1907–1997) was a Buddhist monk, scholar and writer. He is one of the Sri Lankan intellectuals of the 20th century. In 1964, he became the Professor of History and Religions at Northwestern University, thus becoming the first bhikkhu to hold a professorial chair in the Western world. He also once held the position of Vice-Chancellor at the then Vidyodaya University (currently known as the University of Sri Jayewardenepura). He has written extensively about Buddhism in English, French and Sinhalese. His book, What the Buddha Taught, is considered by many to be one of the best books written about Theravada Buddhism.

(from Wikipedia)

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
16 (69%)
4 stars
3 (13%)
3 stars
3 (13%)
2 stars
0 (0%)
1 star
1 (4%)
Displaying 1 - 4 of 4 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 6, 2022
සත්යෝදය - වල්පොල රාහුල හිමි - 1992

මෙම පොතේ අන්තර්ගත ලිපි ලියවෙනේ 1933-34 වසර වලදීය. එකල බෞද්ධ සමාජයේ සිදුවෙමින් පැවති අවිචාරවත් බුද්ධිගෝචර නොවූ වර්ධනයන් මෙන්ම ආත්ම ලාභය සඳහා ආගම භාවිතා කිරීම, උපත මත මිනිසා වර්ග කරමින් බෞද්ධ භික්ෂුන් කුලභේද පවත්වා ගැනීම ආදිය මෙම කෘතිය තුල විචාරයට ලක්වේ.
අප ජිවත් වන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සියල්ල අත්හල ස්ථානය වූ බෝධිය යටට ගොස් තමන් ලබාගැනීමට බලාපොරොත්තු වන සියල්ල ඉල්ලා සිටිමින් බෝධිපුජා පවත්වන සමාජයකය.

සමාජය වඩවඩාත් අවිචාරමත් වනවිට එහි බලපෑම සෑම අංශයක් කෙරෙහිම බලපානු ලබයි. ආගමික අංශයේ අතිශයින් අවිචාරමත් වන පුද්ගලයන් දේශපාලන තීන්දු ගැනීමේදී විචාරවත් පුද්ගලයන් වන්නේ නැත.

බුද්ධිගෝචර ලෙස සිතන්ට අසමත්, තම උත්සාහයෙන් දියුණුවීම පසෙක ලා විවිධ පුද පුජා වලින් විභාග සමත්වීමට, වියාපාර දියුණුකර ගැනීමට සිතන ජන සමාජයක් යනු විවිධ කුට පුද්ගලයන්ට අගනා වෙළඳ පොළකි.

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස්වීම සඳහා ක්‍රියාත්මකවූ ඉන්දියානු ජාතික වියාපාරයේ නායකයින් තම ජනයා ඥානනය කරන ලද්දේ අයහපතට එරෙහිව සටන් කිරීම සඳහාය. එහෙයින් අහයපත් වූ යටත් විජිත පාලකයන්ට එරෙහිවන අතරම යටත් විජිත පාලකයන්ගෙන් ලැබුන යහපත්දේ අගයකරන්නට ඔවුහු තම ජනයා පුහුණු කළහ. තම ජාතිය හා සංස්කෘතිය තුල පවත්නා අයහපත් පසුගාමී දෑ නිවැරදි කරගැනීමට උත්සාහ කළහ. ලංකාවේ නිදහස ලැබීම පිටුපස මෙබඳු සමාජ පසුගාමී තත්වයන් ගෙන් මිඳීමට කල උත්සාහයන් නැත. ඉංග්‍රීසින් අතින් ස්වදේශික පිරිසක් අතට බලය ලබාගැනීම සඳහා වූ උත්සාහයක් විනා සමාජ දුර්වලතා මඟහරවා ගැනීමේ වියාපාරයක් සිදුනොවිය.
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
August 28, 2020
1933-34 වර්ෂ වල මුලින් ලියැවී ඇති මෙම කෘතිය, බෞද්ධ ප්‍රජාව විසින් හිස් මුදුනෙන් පිළිගන්නා ඇදහිලි, චාරිත්‍ර සහ අනෙකුත් පිළිවෙත් බුද්ධ දර්ශනයේ කාචයට යොමු කර ඒවායේ (අ)ධර්මානුකුලත්වය විස්තර කරන වල්පොළ රාහුල හිමියන්, බුද්ධ ශ්‍රාවකයින් ට පමණක් සිමා නොවී පාඨකයාට ද විචක්ෂණ බුද්ධිය මෙහෙයවා සිතීමට උගැන්වීමට කල ඉතාමත් හොඳ ප්‍රයත්නයකි. ඕනෑම විශ්වාසයක් සහ පිළිගැනීමක් බුද්ධ දර්ශනයේ කෙලෙස විස්තර කර ඇත්ද හා මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිසද වැනි කරණා මගින් මැන, කලාම සුත්‍රයේ විස්තර කර ඇති ලෙස පිළිගැනීමට උන්වහන්සේ අවවාද කරයි. අවාසනාවකට මෙන් මෙම පොත සොයාගැනීම අපහසු වීමද, බුද්ධ දර්ශනය සහ සිංහල ජාතියේ පැවැත්ම පිළිබඳව සංවාද යන මෙවැනි යුගයක මෙවැනි පොත් පරිශීලනය නොකිරිමිද සමාජයට වෙන්නාවූ මහත් පාඩුවකි. වල්පොළ රාහුල හිමිගේ ශිෂ්‍ය භික්ෂුව වන ගල්කන්දේ ධම්මානන්ද හිමි රාහුල හිමි ගේ උරුමය අපහසුවෙන් හෝ ඉදිරියට ගෙනයාම අපට සුළු සතුටකි.
Profile Image for Harshana.
8 reviews
January 8, 2023
These are my key takeaways from this book:

1) "ජගදුපකෘතිරෙව බුද්ධපූජාල තදපකෘතිස්තව ලෝකනාථල පීඩාග" - "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."

2) විහාර පන්සල් කොපමණ තිබුණත්, ඒ හේතුවෙන් ශාසනයේ දියුණුවක් නැත. එකම විහාරයක් හෝ පන්සලක් නැතත්, යම් දිනක මනුෂ්‍යයා තුළ ගුණධර්මයෝ වෙත්නම්, එදා ශාසනය ජීවමානව පවතියි.

3) "අනුමත්තේනපි පුඤ්ඤෙනල අත්ථො මය්හං න විජ්ජති" යි තමන් වහන්සේට කිසිත් පිනකින් අර්ථයක් නැතැයි වදාළසේක. ශේෂ්ඨ පුරුෂයාට වුවමනා කරන්නේ පින නොව ක්‍රියාවයි. තමාගේ පිනට ගිජුවීම හීන අදහසකි.

4) මිනිසෙක් කුසගිනි නිවීමට සෑහෙන ආහාරයක් ලැබ වළඳයිග ඉතින් ඔහු ‘මගේ කුසගිනි නිවේවා‘ කියා ප්‍රාර්ථනා කරන්නටත් ඕනෑද නැත. ගොවියෙක් නිසි පරිදි කුඹුරක් පිළියෙළ කොට වී වපුරයි. ඔහු වැඩකල අන්දමට අස්වැන්න ලැබෙනවා ඇතයි 'අස්වැන්න ලැබේවා‘ කියා ඔහු ප්‍රාර්ථනා කරතොත් එය කොතරම් නුවුමනා වැඩක්ද. එමෙන්ම නිවන්දැ කීමට තරම් සිත දියුණුවීනම්ල ඒ සිතට නොවැරදීම නිවන් අවබෝධ වෙනවා ඇත. එය වැළැක්විය නොහැක. ඒ ගැන ප්‍රාර්ථනාවක්කොහෙත් ම වුවමනා නොවෙයි.

5) කාලාමයෙනි යමක් පැවසූ පමණින් එය භාර නොගනිව්: පරම්පරාවේ පැවැත එන නිසාවත්: එය එසේය යන ආරංචියෙන්වත්: ආගමික පොත්පත්වල තිබුනු පමණින්වත් තර්කය නිසා හෝ න්‍යායය නිසාවත්: මේ කාරනය කියා තිබෙන හැටි මැනැවැයි සිතාවත්: තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත්: මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්: මේ තැනැත්තා මාගේ ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනිල මේ අයහපතැයි යම් දිනෙක තොපටම වැටහුනොත් එදින එය අතහැර දමව්: එසේම යහපතැයි තොපටම වැටහුනොත් එය පිළිපදිව්.

6) ‘නක්ඛත්තං පතිමානෙන්තංල අත්ථො බාලං උපච්චගාථ
අත්ථො අත්ථස්ස නක්ඛත්තංල කිං කරිස්සන්ති තාරකා‘
- නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කිමක් කෙරෙද්ද?

7) බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීමල ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමල සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
1 review
November 22, 2016
This book is mostly written to disprove some of the traditional Buddhist customs (Theravada) using materialistic logic and personal interpretations. Inner understandings of the author or teachings from the ancient Buddhist texts (e.g. Pali canon) of major Buddhist traditions (Theravada or Mahayana) are not used in this book to back the author's opinions. Writing style of the author may be highly appealing to the modern logical thinker who is lazy to practice meditation. It is better not to read this book alone and shape the lifestyles without reading the detailed criticisms.
Displaying 1 - 4 of 4 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.