Jump to ratings and reviews
Rate this book

නික්තියාමෝස් සහ නොනිදන විද්‍යාඥයාගේ කතාන්දරය

Rate this book

224 pages, Paperback

First published January 1, 2014

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (57%)
4 stars
3 (42%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
79 reviews
June 26, 2017
නික්තියාමෝස් ගැන මම දැන ගත්තෙ පොත් කියවන අයගෙන්.
පුංචිකාලෙ (විතරක්ම නෙමෙයි) කියවපු ලස්සන රැසියන් පරිවර්තන මතක් වුණා. ඒ බව තව අය කියපු මතකයකුත් තියෙනවා. අවුරැදු 10-12 විතර ඉලක්ක කර ලියා ඇති මුත් වයස් සීමාවක් නැතිව රස විඳින්න හැකි පොතක්.
පන පිහිටවල ලියපු වර්නනා, කිසිම තාලයක් නැති කවි, ළමයින්ට පුරැදු කතා කරන බස සහ කතුවරයගෙ මනෝ ලෝකෙන් ගෙනැත් එයාම ඇඳපු පින්තූර. මේ ඔක්කොම හරි පදමට වැටිලා.
මම කොහේ හරි කියෙව්වා කතුතුමා බොහොම කාලයක් අරගෙන, විශේෂ කටු සටහන් පොතකුත් හදලා ඊටත් පස්සෙයි පොත ලිවුවෙ කියලා.
පොත පුරා ගොඩක් අළුත් වචන, අමුතු නම්ගම්. හැබැයි ඒවා කතාවත් එක්ක ලස්සනට එකතු වෙනව. මොන ලමයද ආස නැත්තෙ හයියෙන් අමුතු වචන කියන්න. ඩැවිඩින්ඩෝර්! ඉරියාස් බට්ලෝ! ඒ මදිවට අම්මල එච්චර කැමති නැති විහිලු, විහිලු වචන (නරක ඒවා නෙමෙයි :-).
තව පොඩි කොලු පැටවු කැමති ගහ ගන්න සීන්, සෙවල සත්තු ගැන එහෙම දිග විස්තර. කෑම කකා පොත් කියවන මට සමහර තැන් උඩින් පැනල යන්න හිතුණා.

අම්මලගෙ අනුග්‍රහය පොතට ලැබෙනව ඒකෙ දැනෙන නොදැනෙන ගානට දීල තියෙන යහ උපදෙස් නිසා. පොතේ කතාවට යටවෙලා කියවන ළමයින්ට ඒ උපදෙස් "බණ කියනව" වගේ දැනෙන්නෙ නැහැ.

හොඳම විතරක් කියල බැහැනෙ විචාරයක. මට මේක කියවද්දි ඉතාම ප්‍රසිද්ද පොතක් මතක් වුණා. පිනෝකියෝ. විශේෂයෙන් ඒකෙ හිටිය කතා කරන පළඟැටියාවත් අර සල්ලි පැළ කරන්න උපදෙස් දෙන නරියාවත්. පොතේ ගලා යෑමටත් අර නරි සිද්දිය පොඩ්ඩක් ගැලපුන නැති බවයි මට නම් හිතුනෙ.

මම කියවපු මුද්‍රණයේ පුංචි මුද්‍රණ දොස් කීපයක් තිබුණා. කතාවට නං හානියක් දැණුනෙ නැහැ, ඒත් හදා ගත්තොත් තවත් හොඳයිනෙ.

කාලෙකින් පොතකට තරැ හතරක් දුන්නා.

කතුවරයා අපේ රටේ දරැවන්ට තව පොත් ටිකක් ලියා දේවි කියලා හිතනවා.
Displaying 1 of 1 review