Jump to ratings and reviews

පරිකර්ම

263 pages, Paperback

First published January 1, 2024

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (14%)
4 stars
2 (28%)
3 stars
3 (42%)
2 stars
1 (14%)
1 star
0 (0%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Nilu.
639 reviews52 followers
October 4, 2025

කතාව අයත් වන්නේ වික්ටෝ‌රියා රැජිණ බ්‍රිතාන්‍ය කිරුළ හො‌බවන අවධියේ සිටය. ප්‍රධාන කතා නායකයා සහ නායිකාව ඇ‌තුලු බො‌හො‌මයක් චරිත බ්‍රිතාන්‍ය ජාතිකයින් වේ. පරිවර්තිත නවකතාවක් දෝ‌යි සැක සිතෙන ආ‌කාරයට සුනේත්‍රා තම විස්මයජනක පරිකල්පනය උපයෝ‌ගී කරගෙන කතාව ගො‌ඩනගා ඇ‌ත.

ඉතිහාස කරුණු ගැන , වෙසෙසින්ම ලංකාව සහ ඉන්දියාව ඉංග්‍රිසි යටත් විජිතයක්ව තිබූ කාලය ගැන උනන්දු අයෙකුට කතාව තවත් රසවත් වනු ඇ‌ත. ඉතිහාස කාරණා වලට අකමැති අයට සමහර විට කතාව නීරස වන්නටත් ඉඩ ඇ‌ත.

ඉතිහාස කාරණා පසුබිම් වූවත් ඇ‌ගේ ලිවීමේ විශේෂත්වය කතාවේ චරිත ගො‌ඩනැඟීමයි. එම චරිත හිතන පතන ආ‌කාරය, ඔවුන්ගේ සියුම් සංවේදනා ඇ‌ය හො‌ඳින් විග්‍රහ කර ඇ‌ත.

සුනේත්‍රා මැතිණියගේ වෙළෙඳ ලකුණ වන මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මික කාරණා කතා රසයට බාධාවක් නො‌වන ලෙස සැලකිල්ලෙන් වියමන් කර ඇ‌ත.

කුඩා දො‌සක් ලෙස දකින්නේ නවකතාවේ අවසන් පරිච්ඡේද කිහිපය හැල්මේ දිව යාමයි. කතාවේ මුල් කො‌ටසට සාපේක්ෂව අවසානය කඩිනම් බව පැහැදිලිව වැටහෙන කරුණකි.

කෙසේ වෙතත් මගේ රසවින්දනයට එය බාධාවක් වූයේ නැත. මම මේ පො‌ත ඉතා සතුටින් හා සැලකිල්ලෙන් කියවා රස වින්දෙමි. ස්වර්ණ පුස්ථක අවසන් වටය නියෝ‌ජනය කිරීමට ඉතාමත් සුදුසු පො‌තක් යයි නො‌පැකිලව කිව හැක.

මගේ සහෘද පො‌ත් මිතුරන්ටද මෙය කියවීමට ආ‌රාධනා කරමි.

සුනේත්‍රා මැතිණියගේ අනාගත ලිවීම් කටයුතු වලට ඉත සිතින් සුබ පතමි.


Displaying 1 - 1 of 1 review