Dilly245 reviews17 followersFollowFollowNovember 17, 2025පියාසර සමය කියන්නේ මට කියවන්න අදහසක් තිබුණ පොතක් නෙවෙයි. කතුවරයාගේ කලින් පොතක් කාලෙකට කලින් කියවලා, ඒ පොත මගින් නවත්තල දාලයි තිබූණේ. ඒත් 2025 වසර සඳහා පියාසර සමය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ස්වර්ණ පුස්තක සම්මානය යන සම්මාන දෙකම දිනාගත්තා. ඒ වගේම විද්‍යෝදය සාහිත්‍ය සම්මානයේ අවසන් වටයටත්, ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහාත් නිර්දේශ වී තිබුණා. ඒ නිසා පියාසර සමය කියවන්න මේ සම්මාන සහ නිර්දේශ වලින් බලපෑමක් වුණා කිව්වොත් නිවැරදියි. මම පියාසර සමය කියවන්න පටන් ගත්තේ එපමණ බලාපොරොත්තු නැතුව. ඒත් එය කියවාගෙන යන්න මම හිතපු තරම් නම් අපහසුවක් වුණේ නැහැ. කතාව නිශ්චිත කාල රාමුවක ගලාගෙන යන්නෙ නැහැ. විටෙක අතීතයෙන් කොටසකුත් විටෙක වර්තමානයෙන් කොටසකුත් වශයෙන් තමයි කතාව අපිට දැනගන්න ලැබෙන්නේ.අරගල සමයේ අරගලයට නායකත්වය දුන්න තරුණ නායකයෙක් ඔහුට එල්ල වූ දේශපාලනික බලපෑම් නිසා ලංකාව අතහැර කැනඩාව බලා යනවා. ඔහුට එහිදී අධ්‍යාපනය හැදැරීමට කැනඩාව බලා ගොස් සිටින ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිඳ මුණ ගැහෙනවා. ඔවුන් දෙදෙනාගේ කතාව, ඔවුන් දෙදෙනාට සම්බන්ධ තව තවත් චරිත වල කතාව පියාසර සමය තුලදී අපට මුණ ගැසෙනවා,මම මේ කතාවෙ වැඩියෙන්ම කැමති වුණේ කතාවෙ අවසානයට. අවසානය ඒ විදියට වෙන්නෙ නැතුව වෙනස් විදියකට වුණා නම් මම හිතන්නේ ඒක තවත් එක කතාවක් විතරක් වෙන්න තිබුණා. ඒත් මේ අවසානය තියෙන විදියට මේ පොත විශේෂ වෙන්න හැම වෙනසක් ම සිදු වෙනවා. (The ending makes all the difference).කතාව ගලාගෙන යන්නේ හරිම හෙමින්. එක් එක් චරිත වලට ස්තර කිහිපයකින් යුක්ත වන විදියටයි ලියලා තියෙන්නේ. කතාවෙ එක් එක් ස්ථාන වලදී මේ එක් එක් ස්තරය දිග හැරෙන ජාතියේ සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. එය මේ නවකතාවෙ ඉතාම සාධනීය ලක්ෂණයක් විදියටයි මම දකින්නේ.මම මේ පොත මිලට ගත්තෙ පොත් ප්‍රදර්ශනය පැවැත්වුණාටත් පසුව සරසවි පොත් හලෙන්. පොත අයිති වෙන්නේ තුන් වෙනි මුද්‍රණයට. ඒ තරම් මුද්‍රණ වාර සංඛ්‍යාවක් ගිහින් වුණත්, මුද්‍රණ දෝෂ නිවැරදි කරල නැහැ. ඒක ප්‍රකාශකයාගේ අඩුපාඩුවක් විදියට මම දකිනවා. මම හිතන්නේ පියාසර සමය කියන්නේ සිංහල පාඨකයා මඟ හැර නොගත යුතු නවකතාවක්. 2025 වසරේ හොඳම නවකතාව මෙය යැයි කියන්නට සංසන්දනය කළ හැකි තරම් නවකතා මම කියවා නැහැ. ඒ වුණත් මම හිතන්නේ මේක අනිවාර්යයෙන්ම කියවිය යුතු නවකතාවක් කියලයි.
Nilu621 reviews51 followersFollowFollowOctober 25, 2025අරගලයට උර දුන් තරුණ විප්ලවවාදියකු වූ චමත්, එසමයෙහි ඇති වූ දේශපාලනික විපර්යාසයන් සහ ජීවිත තර්ජන මත ශ්‍රී ලංකාව අතහැර දේශපාලනික සරණාගතයෙකු ලෙස කැනඩාවට පලා යයි.අරගල මර්ධණ කර්තව්‍යයේ යෙදී සිටි ආණ්ඩු පක්ෂයේ කුප්‍රකට දේශපාලකයකුගේ ජනතාවාදී ,උගත්, සහ වැදගත් බිරිඳ වූ මිලංකා ද ශ්‍රී ලංකා භූමිය අතහැර වැඩිදුර අධ්‍යාපනය සඳහා කැනඩාවට ගොස් ජීවත් වන්නේද මෙම කාලය තුලදීය.තුන්වන ලෝකයේ ගිනිගත් රටකින් මිදී , පලමු ලෝකයේ සමාජ ස්තර දෙකක ජීවත් වන මෙම දෙදෙනා අහම්බයකින් හමුවීම සහ ඔවුන්ගේ එම සංක්‍රාන්ති සමය මෙම නවකතාවේ ප්‍රධාන ආඛ්‍යානයයි.ප්‍රධාන චරිත දෙකට අමතරව, මිලංකා ගේ මව , මිලංකා ගේ සැමියා, චමත් ගේ දෙමව්පියන් , චමත් ගේ පැරණි පෙම්වතිය සහ තව සුලු චරිත කිහිපයකගේ අතීත සහ වර්තමාන කතා, ඒවාට අයත් රටවල් , කාල වකවානු, යනාදී සියලු දෙයින්ම කතුවරයා පාඨකයාව විවිධ දේශපාලන මති මතාන්තර සහ යුගයන් දෙස නොයෙක් දෘෂ්ඨි කෝණ වලින් විමසන්නට පොලඹවයි. එය මෙම කතාව වියමනේදී මා දුටු වැදගත්ම ලක්ෂණයයි.අතරින් පතර ඇතිවූ කාල පරාසයන්හි විෂමතා වැනි අඩුපාඩු හැරෙන්නට මට වෙන කිසිවක් දොසක් ලෙස දක්නට ලැබුනේ නැත.ප්‍රධාන සහ උප ප්‍රධාණ චරිත ගලා ගිය මන්දගාමී ආකාරයට පිටු හාරසියයක් වනතුරු හිත යටින් බැන බැන පොත කියවූ මට , එය එසේ ලිවීමට හේතුව අවසන් පරිච්ඡේද කිහිපයේ වැටහුණි. එම පරිච්ඡේද කිහිපය ජීවිතයේ අවිනිශ්චිත බව ඉතා හොඳින් හුවා දක්වන ලිවීමකි.කතාව විවෘත අවසානයකින් සමාප්ත වෙන්නේ පාඨකයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි. අවසානය ඔබව මුරකාමිගේ ඇතුලාන්තය විමසන චරිත වලින් සැදුන නවකතාවක් මතකයට නඟනු නොඅනුමානය.ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත සියලු පොත් කියවා අවසන, එම පොත් පහෙන් සම්මාණයට සුදුසුම පොත මෙය යයි මද අමනාප සිතින් වුවද සැක නැතිව පවසමි.
Thilina Yapa26 reviews1 followerFollowFollowNovember 23, 2025ආරම්භය තරමක් මන්දගාමීව පොත අතට නොගන්නා තරමටම ලං වූවත්, තරමක් දුරදී කතාවට ආශක්ත වීමි. එහෙත් සමහර අවශේෂ කරුණු විස්තර කිරීම් පුද්ගලිකව මටනම් දිගු වැඩි යැයි සිතුනි. අවසානය එක්වරම සියල්ල කඩා වැටීමක් නිසාත්, ලඟදී සිදුවූ දේ වාර්තාමය ස්වරූපයක් තිබූ නිසාත් පුද්ගලිකව මෙය මට තරු තුනකි.