Nilu624 reviews52 followersFollowFollowOctober 11, 2025මෙය ඓතිහාසික නව කතාවකි. මෙහි සඳහන් ඉතිහාස කතාව අපි හොඳින් දන්නා මහසෙන් රජුගේ (මින්නේරි දෙවියෝ) දිවි පුවත නැවත කියවීමකි. විශේෂයෙන්ම ඔහුගේ වාරිමාර්ග ඉදිකිරීම් පිලිබඳව හිතට දැනෙන ආකාරයේ හේතු දැක්වීමක් කතාව තුල ඇත. අප දන්නා සමහර ඉතිහාස කාරණා වෙනත් දෘෂ්ඨි කෝණයකින් අපට පෙන්වයි.වසර තිහකට පමණ පෙර ඉගෙනුම ලැබූ ඉතිහාස පාඩමේ අමතකව ඇති තැන් නැවත මතක් කරගැනීමට ඉඩ හසර පෑදූ නිර්මාණයකි.පොත් මිතුරන්ට කියවීමට හොඳ පොතක් ලෙස නොපැකිලව නිර්දේශ කරමි.