Jump to ratings and reviews
Rate this book

මයිසීලියම

Rate this book
ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස!


මහා කුණාටුවකට අර අදින මොහොතක්!

අඳුරු, සීතල, නිශ්චල රාත්‍රියක් සසල කළ හෝරාවක්!

එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ
අරමුණින් යුතුවය.

මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද?

ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි.

ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි.

DLD රූපලාවණ්‍ය සමාගමේ නිෂ්පාදන භාවිත කරන්නන් දිනෙන් දින සුන්දර වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වෙයි.

මේ පැටලුණු මයිසීලියමේ කෙළවර සොයාගත හැකි වේද?

256 pages, Paperback

Published March 16, 2025

About the author

Keshan Hareshu

4 books8 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
1 (100%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Ann.
5 reviews2 followers
December 30, 2025
My Rating: ⭐️⭐️⭐️🌟

2025 මාර්තු මස ප්‍රකාශයට පත් 'මයිසීලියම' කෙශාන් හරේෂුගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධයකි. මෙය 2022දී විද්‍යා ප්‍රබන්ධ වෙනුවෙන් රජත සම්මානය ලබා ගත් ඔහුගේ සය වන නිර්මාණයයි. මෙය ද හරේෂුගේ විශිෂ්ඨ විද්‍යා ප්‍රබන්ධයක් වුවත් මගේ හැඟීම නම් එය ග්ලැසේරා, නිදන විල තරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් නොවන බවයි.

එහි කතාව නම් මෙසේය.

දරුවන්ගේ පැවරුම් පරික්ෂා කරමින් සිටි කැන්ටබරි කනිෂ්ඨ පාසලේ මනෝ විද්‍යා උපදේශකවරියක ලෙස කටයුතු කළ ජෙසිකාගේ නෙත් අමුතු සිතුවමක් මත නැවතෙයි.

"අංක දහසය සනිටුහන් කළ තැපැල් පෙට්ටිය... කොළ පැහැති තණ බිස්ස... දෙමහල් නිවස... එහි වූ විවෘත ජනේලය... ඒ මත...!"

සිතුවම ඔස්සේ ඇදී යන ඇය මේපල් මාවතේ 16 වන නිවසේ වෙසෙන එමා සහ ෆ්ලෝරා වයිට්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නට විය. නමුත් සිය සැමියාගේ මරණයෙන් අනතුරුව දියණිය සමඟ මිචිගන් පැමිණි එමා සිතුවමේ තේරුම නොදන්නීය.

ඇය සිය අසල්වැසියන්ගේ අමුතු හැසිරීම පිළිබඳව වද වෙමින් සිටියාය.

"ඔයා දන්නවද... ඔයාලා එන්න කලින් ඔයාලගේ ගෙදර හිටපු කෙනා එකපාරටම අතුරුදන් වුණා. හරිම අපරාධයක් ඒක."

ලුක් කැන්ටබරි විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. නමුත්, කුණාටු පිරී රැයක ඔහු එකවරම අතුරුදන් වන්නේ සටහනක් ඉතිරි නොකරමිනි.

"අපිට ඔයාව ඕන වෙනවා ලුක්. මේ වැඩේ ඉවර කරගන්න ඔයාව ඕනේමයි."

ඒ රැයේ ලුක් සොයා පැමිණියේ කවුද? ෆ්ලෝරා ඇඳි සිතුවමේ තේරුම කුමක්ද? එමාගේ අසල්වැසියන්ගේ අමුතු හැසිරීමේ තේරුම කුමක්ද?

කොළ-දුඹුරු පස් අතර රැඳුනු මයිසීලියම කුමක්ද?
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.