Jump to ratings and reviews
Rate this book

ඉටි කුටිය විනිවිදිමි

Rate this book
සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.

ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.

ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.

ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.

නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.

263 pages, Paperback

First published January 1, 2025

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
2 (66%)
3 stars
1 (33%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Nilu.
635 reviews52 followers
August 22, 2026
ඉටි කුටිය විනිවිදිමි
කර්තෘ - චමිල් හර්ෂණ එදිරිසිංහ

ඉංග්‍රීසියෙන් “Hive Mind” යනුවෙන් යෙදුමක් තිබේ.

එයට විවිධ තේරුම් ගණනාවක් ඇත.
විද්‍යා ප්‍රබන්ධකරණයේදී එම යෙදුම බොහෝ විට භාවිතා වනුයේ ‘පරචිත්ත විජානන ඥානය ‘ යන සංකල්පය සඳහාය.

බෞද්ධ වටපිටාවක හැදුනු වැඩුනු අයෙක් නම් “පරචිත්ත විජානන ඥානය “ යනු බුදු හිමි ඇතුලු රහතන් වහන්සේලා ප්‍රගුණ කරගත් උසස් මනස් මට්ටමක් යයි දැනීමක් තිබේ.

“Hive” යන වචනය දුටු විට එක් වරම සිහියට එන්නේ මී මැස්සන් සහ මී වදයයි.


ඉහත සඳහන් කරුණු එකිනෙකට ගැලපෙන්නේ කෙසේද, එම සංකල්ප එකතු කොට රසවත් කතාවක් ගොඩ නැගිය හැකිද. එසේ කතාවක් ගොඩ නගන කතුවරයෙකුගේ පරිකල්පන හැකියාව කෙතරම්ද යන ප්‍රශ්ණ වලට පිළිතුරු ඇවැසි නම් නොපමාවම චමිල් හර්ෂණ වසර ගණනාවක් තිස්සේ වෙහෙසව හෙමි හෙමින් ලියා අවසන් කළ මේ අපූරු නව කතාව කියවන්න.

නව කතාවේ ආඛයානය අරේඛී ආකෘතියකි. අතීත, මෑත අතීත, වර්තමාන යන වසර කිහිපයක සිදුවීම් බිඳෙන් බිඳ අප හමුවේ තබන කතුවරයාට පාඨක කුතුහලය නිරන්තරයෙන්ම කතාව තුල තබා ගැනීමට හැකිවී ඇත.

ආඛ්‍යාන සහ ආකෘති හරඹ නැතිනම් මතුපිට කතාවේ වැඩි අපූර්වත්වයක් නැත. එය සාමාන්‍ය “හොඳ සහ නරක" නැතහොත් "කලු සුදු චරිත ඇති තවත් එක් සමාජ කියවීමක් වනු ඇත.
එම නිසා මේ කතාවේ සාර්ථකත්වයෙන් වැඩි කොටසක් එය ලියා ඇති ආකෘතියට බැර විය යුතුය.

මම සිත් සේ රස විඳි මේ කතාව මගේ පොත් මිතුරන් සියලු දෙනාටම කියවන ලෙස යෝජනා කරමි.
Profile Image for Haritha.
9 reviews1 follower
July 22, 2026
කාලය සහ අවකාශය අතර දෝලනය වන මිනිස් සිතේ ප්‍රබලත්වය ගැන කියැවෙන නවකතාවක්...
Displaying 1 - 2 of 2 reviews