Jump to ratings and reviews
Rate this book

රේණු - මීමැස්සියකගේ වික්‍රම

Rate this book
සුමනවීර රාජපක්ෂයන් විසින් රචිත රේණු- මී මැස්සියකගේ වික්‍රම් කෘතියට තේමාව කරගෙන ඇත්තේ පරිසරයයි. කාලෝචිත මාතෘකාවක් වන පරිසරය කෙරෙහි ළමා ඇල්ම සහ ප්‍රබෝධය වැඩි කරවන අයුරින් පහසුවෙන් කියවා තේරුම්ගත හැකි පරිදි සරල භාෂාවෙන් ලියා ඇති මෙම කෘතිය ළමා සාහිත්‍යයට වැඩදායි එකක් වනු ඇත.

1960 දී රජයේ භාෂා පර්වර්තක විභාගයෙන් සමත්ව භාෂා පර්වර්තකයකු වශයෙන් සේවය කළ ඔහු, 1974 දී මහ භාණ්ඩාගාරයේ ප්‍රධාන භාෂා පර්වර්තකව සිටිය දී පාර්ලිමේන්තුවේ සහන ක්ෂණික කතා පර්වර්තක තනතුරට පත්වීමක් ලැබ විශ්‍රාම යන තෙක්ම එහි සේවය කළේය.

සුමනවීර රාජපක්ෂයන්ගේ සහජ කුසලතා දන්නා හඳුනන්නන් ඉමහත් අභිලාෂයෙන් බලා සිටින්නේ ඔහුගේ පාර්ලිමේන්තු සේවයේ මතක සටහන් ග්‍රන්ථාරූඪ කරනු දැකීමටය.

සුමනවීර රාජපක්ෂයන් වැනි කෘතහස්ත ලේඛකයන් ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසීම අප ළමා පරපුර ලත් භාග්‍යයක් කොට සලකමු. ඔහු ළමා සාහිත්‍යයට දායාද කරන මෙම කුලුඳුල් කෘතිය ළමා පාඨකයන් අතර ප්‍රියමනාපයට පත්වෙමින් තම පර්සරය හා අවට ලෝකය පිළිබඳ දැනුම හා චින්තනය පුබුදුව -විකසිත කරමින් ළමා සාහිත්‍ය කෙත සරු කෙරෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

අධිනීතිඥ සී.ඩබ්ලිව්. පන්නි හිටපු පාර්ලිමේන්තු සහකාර ලේක

189 pages, Paperback

First published January 1, 1912

Loading...
Loading...

About the author

Waldemar Bonsels

122 books14 followers
Waldemar Bonsels was a German writer of children's books.

Though he wrote only one children's book in the strict sense, Die Biene Maja (Maya the Bee), another work of his, People in the Sky (Himmelsvolk) -- even if not a children's book per se -- has a much deeper mystical layer showing the unity of all creation and its relationship to God. There are a number of novels and shorter stories dealing with love as Eros and on the higher level of divine love in the spirit of romanticism (Eros und die Evangelien, Menschenwege, Narren und Helden, etc.), with the relationship between man and nature in a simple life unchanged by modern civilization (Anjekind, etc.) and also including a historical novel from the time of Jesus (Der Grieche Dositos). He travelled extensively in Europe and Asia. Voyage in India (Indienfahrt) is the fruit of one of these travels.

His famous work Die Biene Maja (Maya the Bee) also served the basis for a Croatian opera for children written by Bruno Bjelinski, making Bonsels work known to an international audience, and was adapted as a children's cartoon series by German TV.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (100%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Anjali Uthpala .
98 reviews1 follower
July 15, 2026
රේණු මීමැස්සියකගේ වික්‍රම
මි මැස්සියක් වෙලා ඉපදුනා කියලා හැමදාම මී වදය විතරක් හදන්න ඔනද ?

.
.
.

කුමුදු මල මද පවනේ සැලුනු වොට එහි පෙත්තක දාරය මදක් නැමි ඇති අයුරු ඈ දුටුවාය. මිනිසෙකුගෙ වැනි ඉතා කුඩා සුදෝ සුදු අතක් , සිනිදු සුකොමල සිගිතී ඇගිලි වලින් එහි එල්ලී සිටිනූ ඇයට දිස් විය. ඉතා කුඩා පියකරු හිසක් කුමුදු මලෙන් ඉහලට එසවිනි. ඉනික්බිතව , සුදු වතින් සැරසුනූ මට සිලිටි දිලිසෙන සිගිති සිරුරක්.. මිනිස් ස්වරූපයේ ඉතා කුඩා ආකෘතියක් , මලෙන් පිටතට ආවේය
124 පිටුව

වොල්ඩිමා බෙන්සල් විසින් රචනා කරන ලද maya - the adventure of the bee නම් කෘතියක චාර්ලට් රොම්ෆ්‍රි ක්‍රිට් ගේ ඉන්ග්‍රිසී පරිවතනය මෙලෙසින් සුමනසිරි රාජපක්ශ මහතා විසින් සින්හලයට අනුවාදනය කර ඇත.

ඇත්තටම එක් මි මැසි ජනපදයක උපත ලබපු රේණු ට තමන්ගේ මි මැසී ජනපදයේ තමන්ව බලා ගත්ත මී ඇසී ආයා වරිය ලොමය ගැන ඈට කියලා දුන්න කතා අහලා ඇයට ලෝකය බලන්න කැමැත්තක් ඇතී වෙනවා. ඒ ඇතිවන කැමැත්ත දෙවරක් නොහිතා ක්‍රියාත්මක කරන ඇයට කුමන අන්දමේ අද්දැකිම් වලට මුහුන දෙන්නට සිදු වෙවීද ?

මේ පුන්චි රේනුගේ කතාව cartoon film එකක් විදිහටත් ගොඩ නැගිලා තියනවා Maya the Bee Movie කියල ඒ කතාව සින්හල භාශාවෙන් හඩකවලා රුපවාහිනියේ විකාශනය වෙලා පවා තියනවා. හැබැයී කාර්තුන් එකෙ අන්තර්ගත නොවන කරුනූ රාශියක් පොතේ අපිට දකින්න පුලුවන් . ඒ වගේම චිත්තරූප මැවෙන ආකාරයෙන් පොත සින්හලයට අනුවාදනයත් වෙලා තියනවා.

ඇත්තටම මෙ පොත ඔනම වයස් කාන්ඩයක ඒ කියන්නෙ පාසල් යන වයසේ ඉදන් ඉන්න ඔන වයසක කෙනෙක්ට කියවලා රස විදින්න පුලුවන් හරිම ලස්සන කතාවක් විදිහට දක්වන්න පුලුවන් . ස්වභාව ධර්මය තුල සිදුවන ලස්සන අලංකාර සිදුවීම් හරිම අපුරූ විදිහට ඉදිරිපත් කරලා තියනවා . ඒ වගෙම මේ පොත හරහා ස්වභාව ධර්මය පිලිබද දැනුමක් වගේම ඒ පිලිබද ආදරයක් දරුවන්ගේ හිතේ ඇති කරන්නටත් පුලුවන්

ඉතාම සරල බස් වහරකින් ලියවී ඇති නිසා එක දිගට කියවා අවසන් කරන්න පුලුවන් හරිම ලස්සන පොතක් විදිහටත් මේ පොත දක්වන්න පුලුවන් .

ප්‍රකාශන - සුරස ප්‍රකාශන.
පිටු - 189
Displaying 1 of 1 review