Anjali Uthpala 110 reviews2 followersFollowFollowAugust 2, 2026ගංදියේ විරුවෝඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් ඉන්න අතරේ එක පාරටම ඔයාලා ඉන්න දිහාවට ලොකූ ගංවතුරක් එනවා.. ඔයාලා මොකද කරන්නේ එතකොට. අද මම කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. මම අද කියන්න යන්නේ ගංදියේ විරුවෝ කියන පොත ගැන. මේ පොත්‍රෙ ඉන්ග්‍රිසි නම තමා Heroes එතකොට මේ පොත රචනා කරලා තියෙන්නේ Allan Baillie කියන කතුවරයා විසින්. එතකොට මේ පොත සුදත් රොහාන් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරලා තියනවා . ඒ වගේම තමා හෙළදිව ප්‍රකාශකයන් විසින් මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියනවා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර ආශ්‍රිතව ගලාගෙන යන හොව්ස්ක්බරි ගංගාව ගලා බසින නිම්නය හා ඒ ආශ්‍රිත කදූ වැටිය. ඉතින් හදීසියේම ඒ පැත්තේ තියන පාසලක ළමයින්ට ලොකු අනතුරු රාශියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. එයාලාට මුන දෙන්න වෙන ඒ කරදරයෙන් බේරෙන්න එයාලාට මොනවා කරන්න වෙයිද ? ඒ වගේම තමා මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නේ පැම් , බාර්නි , ඩාර්සී කියන ළමුන් තිදෙනා. ඒ වගේම තමා මට ලැබුන ට්ජොටතුරු අනුව මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1986 වර්ශයේ ඇති වුන මහා ගංවතුරක්මේ කතාවේ රචනා ශෛලිය ගැන බැලුවොත් මේ පොත රචනා වෙලා තියෙන්නේ අපිට කලාතුරකින් දකින්න හම්බ වෙන වෙනස්ම රචනා ශෛලියකින්. මම එහෙම කියන්න හෙතුව තමා ටැම් , බාර්නි , ඩාර්සී කියන තුන්දෙනාට ඒ ඒ අයටම අදාල වුන වෙන වෙමම පරිච්ජේද් වලින් කතාව ඉදිරිපත් වෙලා තියනවා. ඒ ගැන තවත් සරලව කිවොත් පැම් ගේ දෘශ්ඨිකෝණයෙන් යාට අත්දකින්න සිදුවෙන දෙවල් වලට එක පරිච්ජේදය ක් වෙන් වෙලා තියනව. ඒ වගේම තමා බාර්නි හා ඩාර්සී දෙන්නටත් ඒ වගේම ඒ ඒ අයගේ දෘශ්ඨිකොනයෙන් කතාව ඉදිරිපත් කරන්න අවස්තාව ලැබිලා තියනවා. මේ රචනා ශෛලිය අපිට කතාව පිරාවටම දැක ගන්න පුලුවන් . මේ නිසාම කිසිම කම්මැළි කමක් නැතිව කතාව ඇතුලේ ජිවත් වෙනවා වගේ අපිට මේ කතාව රස විදලා ඉවර කරන්න පුලුවන් . ඒ වගේම තමා පරිවර්තනය තුලදී පවා අපීව ඒ පරිසරය තුලම ජිවත් කරන්න පරිවර්තනය සිදුකල සුදත් රොහාන් මහතා සමත් වෙලා තියනවා කිවොත් නිවැරදී.මේ කතාව අවසානය වෙනකොට තමන්ගේ දක්ශකම , නිර්භිතකම , ස්ථානෝචිතව වැඩ කිරිම වගේ දෙවල් නිසා තමන්ට ලැබෙන අභියෝග ජය ගන්න විදිහ අපිට දකින්න පුලුවන් . ත්‍රාසජනක , තව yong fiction ශානර වල කතා කියවන්න කැමති අය අනිවාර්යයෙන් ම කියවලා රස විදින්නම ඔන පොතක් විදිහට තමා මම මේ පොත දකින්නේ