Jump to ratings and reviews
Rate this book

සංසාරාරණ්‍යය අසබඩ

Rate this book
දෙගොඩ තලා බස්නා
ගංගා සැඩ පහර හරහා
එක්තරා ආගන්තුකයෙක්
එම ගම්මානයට සම්ප්‍රාප්ත විය.
පළමුකොට ම ඔහු දර්ශනය වුයේ
ආරණ්‍යයෙහි හාමුදුරුවන්ට ය.

කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය.
අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ
සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ.
යුගාන්තයක පරම්පරාවක දරුගැබක්
කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි
පිළිසිඳ ගත්තේය.

574 pages, Paperback

First published January 1, 1998

Loading...
Loading...

About the author

(English: Simon Navagattegama)

1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. වන්නිකරයේ බස් වහර නිර්මාණශීලී ලෙසින් තම ලේඛනයට යොදා ගත් නවගත්තේගමයන් ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘ඔහුගේ කතාව‘ 1961 දී පළ කරනු ලබන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස උගන්නා අවධියේදී ය. බටහිර සාහිත්‍යයේ ප්‍රචලිත ව තිබූ අධි යථාර්ථවාදී රීතිය සිංහල පාඨකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ නවගත්තේගමයන් ය. ඔහුගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නම් කෙටිකතා සංග්‍රහය බොහෝ විචාරකයන් හැඳින්වූයේ පශ්චාත් නූතනවාදී සංකල්පයේ මූලික ම අවස්ථාවක් ලෙසයි. සමකාලීන සමාජ සිදුවීම් පාදක කොට ගනිමින් 1992 දී නිර්මාණය කළ ‘භාවනාව‘ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර 1999 දී රචිත ‘සංසාරණ්‍ය අසබඩ’ නවකතාවට ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ’සුබ සහ යස’, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍ය අසබඩ, සාපේක්‍ෂණී, ක්‍ෂීර සාගරය කැලඹිණ, සුද්දිලාගේ කතාව, සාරදාගේ මංගල්‍යය, අර්ජුන කුමාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා, සාහිත්‍ය සමාජ වාදය හා කලා විචාරය ඔහු විසින් රචිත කෘති අතර වේ. 1980 දශකයේ අවසන් භාගයේ මෙරට ඇතිවූ දේශපාලන කැලැඹීම් හා අවිනිශ්චිතභාවයන් සිය නිර්මාණ කෙරෙහි අපූර්ව ලෙසින් යොදා ගත් නවගත්තේගමයන් 2005 ඔක්තෝබර් 11 වැනිදා දැයෙන් සමුගත්තේ ය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
14 (48%)
4 stars
9 (31%)
3 stars
5 (17%)
2 stars
1 (3%)
1 star
0 (0%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
September 5, 2020
මෙය නවගත්තේගම ගේ නවකතා අතුරින් මා කියවූ පළමු වැන්න ද, මෙම නවකතාවේ මාගේ පළමුවැනි කියැවීම ද වේ. කුහුලක් ජනනය වන සේ කතෘ මවන කතාවේ පසුබිම, සිදුවීම් සහ චරිත නිසා නවකතාව කියවීමට ප්‍රසන්නය: ඇතැම් ස්ථාන වලදී කියවීම නතර කරගැනීමට පවා අපහසුය. නුමුත් යම් යම් වූ විශේෂ ස්ථාන වල කතෘ ත්‍රිපිටකයෙන් ධර්මයෙන්, අටුවා ටීකාවෙන් සහ පාළියෙන් කරනා උපුටා ගැනීම් නිසා, කතාව කියවගෙන යෑමට බාධාවක් නොවුනද, මුල් කියැවීමේදී ම මුළුමනින්ම නවකතාව රස විඳීමට අපොහොසත් වුනා යැයි මා සිතමි.
Displaying 1 - 1 of 1 review