Jump to ratings and reviews
Rate this book

සුද්දිලාගේ කතාව

Rate this book

394 pages, Paperback

First published January 1, 1978

22 people are currently reading
274 people want to read

About the author

(English: Simon Navagattegama)

1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. වන්නිකරයේ බස් වහර නිර්මාණශීලී ලෙසින් තම ලේඛනයට යොදා ගත් නවගත්තේගමයන් ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘ඔහුගේ කතාව‘ 1961 දී පළ කරනු ලබන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස උගන්නා අවධියේදී ය. බටහිර සාහිත්‍යයේ ප්‍රචලිත ව තිබූ අධි යථාර්ථවාදී රීතිය සිංහල පාඨකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ නවගත්තේගමයන් ය. ඔහුගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නම් කෙටිකතා සංග්‍රහය බොහෝ විචාරකයන් හැඳින්වූයේ පශ්චාත් නූතනවාදී සංකල්පයේ මූලික ම අවස්ථාවක් ලෙසයි. සමකාලීන සමාජ සිදුවීම් පාදක කොට ගනිමින් 1992 දී නිර්මාණය කළ ‘භාවනාව‘ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර 1999 දී රචිත ‘සංසාරණ්‍ය අසබඩ’ නවකතාවට ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ’සුබ සහ යස’, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍ය අසබඩ, සාපේක්‍ෂණී, ක්‍ෂීර සාගරය කැලඹිණ, සුද්දිලාගේ කතාව, සාරදාගේ මංගල්‍යය, අර්ජුන කුමාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා, සාහිත්‍ය සමාජ වාදය හා කලා විචාරය ඔහු විසින් රචිත කෘති අතර වේ. 1980 දශකයේ අවසන් භාගයේ මෙරට ඇතිවූ දේශපාලන කැලැඹීම් හා අවිනිශ්චිතභාවයන් සිය නිර්මාණ කෙරෙහි අපූර්ව ලෙසින් යොදා ගත් නවගත්තේගමයන් 2005 ඔක්තෝබර් 11 වැනිදා දැයෙන් සමුගත්තේ ය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
27 (42%)
4 stars
21 (33%)
3 stars
6 (9%)
2 stars
3 (4%)
1 star
6 (9%)
Displaying 1 - 6 of 6 reviews
Profile Image for CD Athuraliya.
24 reviews9 followers
September 19, 2017
රමණයත් මරණයත් අතර මැදිවූ නොකියූ ගම ගැන කතාන්දරය.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
April 17, 2022
ජීවිතය, ජීවත්වීම, ආදරය, ලිංගිකත්වය, සමාජය, සමාජ සාධාරණත්වය සියල්ල දකින්නට ලැබෙන කතාවකි.
සුද්දී, සියලුම කැප කිරීම් කරනුයේ සැපවත් ජීවිතයක් ගත කිරීමටයි, ඇය රාගික අනියම් ආදරයකට ජීවිතය ට වඩා ආලය කරයි.
මුදලාලි යනු සෑම දෙයකම මුදල්මය වටිනාකමක් දකිනා, තම පැවැත්ම සහතික කරගන්නා ආත්මාර්ථකාමියෙකි.
සුද්දිගේ සැමියා වන රොමියෙල්, සමාජීය රැල්ලේ සැඩ පහරට ගසා ගොස් ගොඩ ඒමට උත්සාහ කරන රලු චරිතයකි.
මේ සියල්ලන්ම පෙන්වන්නේ එකම එක දෙයයි. තම ආසවන්, ඇලීම්, තණ්හාවන් නිසා සිදුවන විපාකයන් ය
Profile Image for Uditha Lakmal.
14 reviews
September 10, 2019
Here's a masterpiece from one of the greatest Sri Lankan writers. It beautifully depicts the true nature of Sri Lankan village life in 60s-70s. The writers ability to portray the characters and their personality is remarkable. In this story he tries to touch upon multiple aspects of human life, particularly in Sri Lankan villages, and politics of that time, making it a wonderful piece of art.
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
November 30, 2015
the time spent was worth. reveals great deal of inner feelings of common man. But I felt that the author has narrowed his book to a exiting detective story towards the end which led to corrode the spirit of the book which could have been converted into a Dostoyewsky kind of a book......
Displaying 1 - 6 of 6 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.