Dilly291 reviews16 followersFollowFollowJuly 21, 2016පොඩිකාලෙ අපි බය වෙලා හිටියෙ සන්නාසියන්ට. ළමයි පැහැරගෙන ගිහින් කරවල වාඩි වලට අරන් යන මිනිස්සුන්ට. නිධන් හාරන්න බිල්ලට දෙන්න තුන් කුළුඳුල් ළමයි පැහැරගෙන යන මිනිස්සුන්ට. ඉතින් ඒ බය වෙලා හිටපු කාලෙදිම අපිට කියවන්න ලැබුණොත් එහෙම කරවල වාඩියකට අරන් ගියාට පස්සෙ බේරිලා එන ළමයි ගැන කතාවක්? කොච්චර කැමති වෙයිද අපි ඒ කතාවට?ඒත් මේ පොතට අපි ගොඩක් අය කැමති වුණේ ඒ නිසාම නෙවෙයි නේද? පුංචි සරල විද්යා පරීක්ෂණ, තේරුම් ගන්න ලේසි විදියට පැහැදිලි කරල තියෙන විදිය. ඒ නිසාමයි අපි ගොඩක් අය මේ පොතට කැමති වුණේ. වයර් කෑලි දෙකක් අමුණල බල්බ් එකක් පත්තු කරන එක ලොකු වැඩක් වෙලා තිබ්බ කාලෙ මේ පොත හරියට පරමාදර්ශයක් වගෙයි. නෙල්ලි කැලේ වීරයෝ, සෝමපුර වීරයෝ, බස්තියන්ගේ සොහොන වගේ පොත් ගොඩක් කියවන්න පටන් ගැන්ම වුණේ මේ පොත. සමහර අයගෙ පොත් කියවීමෙ පටන් ගැන්ම වෙන්නත් පුළුවන් මේක.ඒ නිසා අදටත් කිසිම කම්මැලිකමකින් තොරව කියවලා ඉවර කරන්න පුළුවන් පොතක් මේ...owned-books
Anjali Uthpala 110 reviews2 followersFollowFollowJanuary 14, 2026එච්. ජී. ජයසුමන මහතා විසින් රචනා කරන ලද පාළු දූපත නම් ග්රන්තය ගුනසේන ප්රකාශකයන් විසින් ප්රකාශයට පත් කර ඇත. මෙම ග්රන්තය රාජ්යසම්මාන දිනූ විද්යා නවකතාවකී.මෙම කතාව නන්දන සහ නිමල් යන චරිත දෙක වටා ගෙති ඇත. ඔවුන් දෙදෙනාට මුහුන දෙන්නට සිදූවන අත්දැකිම් යොවුන් වියේ වීරත්වය , ත්රාසය හා කුතුහලය කැටි කර ගනිමින් ඉදිරිපත් කිරිමට කතුවරයා සමත් වී ඇත. එසේම මෙම නවකතාව තුල 6, 7, 8 ශ්රේණී වල ඉගෙනුම ලබන සිසුන්ගේ විද්යා දැනුමට අවශ්ය කරන ඇතැම් කරුනු කාරනා සරලව පාඨකයාට පැහැදිලි කර දීමටත් කතුවරයා සමත්ව තිබේ කර්තෘ - එච්. ජි. ජයසුමන මහතාප්රකාශන - ගුණසේන ප්රකශනපිටු -139
Heshan Rathnayake1 reviewFollowFollowMarch 10, 2021මම මේ පොත කියව්වේ 3හෝ4 වසරෙදි... ඇත්තෙන්ම මේ පොත පාඨකයෙක් ලෙස මගේ දිවියේ හැරවුම් ලක්ෂයක් ඇති කළා කිව්වොත් වඩාත් නිවැරදියි.