Jump to ratings and reviews
Rate this book

දුප්පතුන් නැති ලෝකය

Rate this book

Unknown Binding

12 people are currently reading
106 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
19 (61%)
4 stars
7 (22%)
3 stars
4 (12%)
2 stars
1 (3%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
August 21, 2021
මේ ප්‍රයත්නය මේ වෙලාවේ ( එනම් 2021 අගෝස්තු හයවෙනි දින) ඇරඹීමට ආසන්නම හේතුව වන්නේ, පෙර දින රාත්‍රියේ මා සරච්චන්ද්‍රයන්ගේ "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" කෘතියේ එන, සේනානායකගේ කෙටිකතාවන් පිළිබඳ වූ පැසසුම් ය. මීට පෙර ද, කුලතිලක කුමාරසිංහ ලියූ සේනානායක ගේ කෙටිකතා ගැන විචාර ග්‍රන්ථයක් ආශ්‍රයෙන්, මෙම කෙටි කතා කියවීම ඇරඹුව ද, එම කර්තව්‍ය මග නැවතිනි. කුමාරසිංහගේ පොත ට වඩා, මේ කෙටිකතා කියවීමේ පෙළඹීමක් සරච්චන්ද්‍රගේ පිටු 4-5 විචාරයෙන් ලැබුනු බවකි මගේ අදහස. හැකි ඉක්මනින් ඔහු ගේ අනෙක් කෙටි කතා සංග්‍රහයන් ද කියවීමේ අදහසකින් මම පසුවන්නෙමි.

කෙටි කතා 15කින් සපිරි මෙම සංග්‍රහයේ ඒ ඒ කෙටි කතාව ගැන මගේ අදහස් කෙටියෙන් මෙසේය.

උදුරාගත් සපත්තුව: සරච්චන්ද්‍ර කියා තිබුනේ, සේනානායකගේ කෙටිකතාව තුල මෝපසො ආභාෂයක් ද, සමාජ ගැටළු වෙනුවට මිනිසුන්ගේ පෞද්ගලික ගැටුම් තුලින් මතුවෙන අවස්ථා ද ප්‍රධාන වන බවකි. මෙය මෙම කෙටි කතාවෙන් ම ඔප්පු වේ. මෙහි කතා නායකයාගේ පශ්චාත්තාපයේ ස්වභාවයත්, ඔහු එම තරුණ කාන්තාවගේ අභිලාෂයන් තේරුම් නොගත්තේ ද යන්න පාඨකයකු ට ඇති වන අදහස බව පැහැදිලිය. කෙටි කතාව අවසන තෙක් පාඨකයා කුහුලක පිහිටුවීම කතුවරයාගේ සමත්කමයි.

කවියාගේ බිරිඳ: කවියා ට ඇවැසි වූයේ ඔහුට අහිමි වූ තම බිරිඳ තමන් වෙත දැක් වූ ප්‍රේමයත්, රූපලාවන්‍යත් ලොවට කියා පෑමට ය. කිමට ඔහු ට නැති වුනේ එයයි - ඔහු ට අමරණීය කිරීමට උවමනා වූයේ එයයි. එනමුදු, වූයේ තමන් කවියෙකු ලෙසත් තම කාව්‍ය මහා කාව්‍යයක් බවට සැලකුන ද, ඔහු කියූ දේ අන් අය එලෙසින්ම ගෝචර නොවීමයි. එක් අතකින්, මෙය සාහිත්‍ය සේවනයේ එන එක් ප්‍රධාන ගැටළුවක්මැයි. ජී.බි. ඉතා සුනම්‍ය ලෙස මෙම වෙනස මතු කර ඇත.

ග්‍ර්‍රාම කාන්තාව: පෞරාණික භාෂවෙන්, ගද්‍ය කාව්‍යයක් මෙනෙහි කරනා අයුරෙන් ලියැවී ඇති මෙය, තමන් සමාජයට වඩා ඉහළ මට්ටමින් සිටියත්, සමාජයට වඩා පහළ තැනක සිටියත් ප්‍රතික්ෂේපයට ලක් වන අයුරු පෙන්වා දෙයි. මෙහි භද්‍රා තම තරුණ වියේ හා මහළු වියේ ගඟබඩ දි උපුලන්ගේ ප්‍රතිචාරය පමණක් පෙන්වා දෙයි.ඒ මැද කාල සීමාව ගැන නොකියයි. තරුණියක් ව සිට ගැහැනියකට පත්ව කෙමෙන් වැහැරෙන දීර්ඝ ගමනේ දී ඔවුහු ඇය ඉවසුවේ ද ? ඒ ඇය ව ඔවුන් හා සම ව දුටු හෙයින් ද ?

ප්‍රතිමා ශිල්පියා: පුරුෂයෙකු කෙතෙරම් ස්ත්‍රී රූපය කෙරෙඉ බැඳුනද, ඔහුට ලැබුනු ඒ සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවන බවත්, ඊටත් වඩා සුන්දරත්වයක් නිතර පතන බවත් පසක් කෙරෙනාකාර, මනරම් පෞරාණික භාෂාවට නෑ කම් කියනා බසකින් රචිත කෙටි කතාවකි.

රෝගී තරුණයා: මෙම කෙටිකතාවේ, රාජසිංහගේ සමාගම කෙතෙරම් අන් අය ප්‍රිය කල ද, ක්ෂය රෝගය වැළඳුනු කල අන් අය ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වෙයි. කලින් තම වාසස්ථානයෙන් නොයන්නැයි ඉල්ලු අය ම දැන් ඔහු කර අරී. ඔහු ව දකින්නේ මරණය රැගෙන එන්නකු ලෙසට ය. ඉතා කෙටි ජවනිකාවක් වන් මෙවන් කෙටි කතා මෙහැඩැති හෙමිංවේ ගේ කෙටිකතා මතකයට නගයි.

දුප්පතුන් නැති ලෝකය, පෙර දුප්පතුන් වූ අයවලුන්, ධනයෙන් ආඩ්‍ය වූ තරුණයා පෙර හැසිරුණු ආකාරයෙන් කෙළිදෙලෙන්, සුරාවෙන් හැසිරීම, දැන් එම තරුණයාට ඉවසිය නොහැකි වන්නේ ඇයි ? ඔහු ඒවා නිසරු ලෙස සිතුවත්, නව පොහොසතුන් ට ඒවා නිසරු නොවේ. එලෙසම ඔහු ඒවා නිසරු ලෙස නුදුටුවේ නම්, මහජනයා සුඛිත මුදිත තත්ත්වයට කිසි දින පත්වේද ?

රජමැදුරේ ගාන්ධර්වයා, ගුත්තිල මූසිල කතාව මුල් කොට ගෙන නැගූවකි. මෙහි එන තරුණ ගාන්ධර්වයා අසන්නන්ගේ තරුණ මදය ඉපදවීමට වයද්දී, වයෝවෘද ගාන්ධර්වයා ශෝකජනක වැයීමකින් තම අසරණ බව ප්‍රකාශ කරන්නාක් මෙනි. මෙය දෙආකාරයකින් විමසිය හැකිය; තරුණ ගාන්ධර්වයා සහ නිරිඳුන්, වයස්ගත ගාන්ධර්වයාගේ වර්තමාන තත්ත්වය වටහාගෙන තරඟයකට නොයෑම; නැතහොත්, රජමැදුරේ ගාන්ධර්වයා ම තම ඇති තතු වටහා ගෙන පසු බැස්ම - විටෙක මෙහි මුල් කතාව ලියැවෙන කාලයේ නොවිමසා ම වැඩිහිටියන්, වැඩිහිටියන් නිසාම ගරු කිරීමේ ප්‍රවණතාව ද සමාජ කියවීමක් ලෙස දැකිය හැක.

පොත් පිස්සෙකුට තමනට සොයා ගැනීමට අපහසු පොතක් හමුවන අවස්ථාවක, එය මිල දී ගැනීම මගැරීම මහත් අනුවණකමක් ලෙස දකිනු ඇත. මා ද තරුණ වියේ, මෙවැනි අවස්ථාවක ට මුහුණ දීමට දී ඇත. අතේ මුදල් යහතින් නැති දවසක, සරසවියට ඇතුල් වූ විටෙක ( එවකට අද ලිපි ද්‍රව්‍ය පමණක් තිබෙන සරසවි සාප්පුවේ, පොත් ද විකිණීමට තිබිණ.), රුෂ්ඩි ගේ "midnight's children" කෘතිය මිල දී ගත්තේ එතකොට ද ගෙවා නිම කල නොහැකි ලෙස තිබූ ණය පතිනි. එකල මා පෙම්වතිය වූ (අද බිරිද) ගේ නොරිස්සුම් බැලුම් මා වෙත යොමු වුනේ, ඈ මගේ ආර්ථික දුෂ්කර තත්ත්වය හොඳින් දත් නිසාය. එය මා කියෙව්වේ ද ඊට වසර දහයකට නොඅඩු කාලයකට පසුව ය. මට මෙ සිද්ධිය මතක් උනේ තම බිරිඳට සාරියක් මිල දී ගනීම අතැර පොතක් මිලදී ගැනීම හෙතුවෙන්, බිරිඳ හා කලහයක ට ඉරණම් වූවෙකු ගේ විත්ති කියවීමේදී ය.

ඩිංගිරි මැණිකා නම්, අසතුටින් තම දියණිය හා බෑණා සමඟ දිවි ගෙවූ කතක ට තමනට හිතවත් මිතුරියක් කියා සිටියේ ගෙදර බැල්ල පමණි. ඒ තම ඥාතීන් ඇය ට කිසි දිනෙක මුදු මොළොක් වදනකින් සංග්‍රහ නොකිරීම හේතුවෙනි. මිතුරියන් දෙදෙන නම් වූ මෙම කෙටි කතාව, කෙනෙකුට ආදරයක් නැතුව ජීවිතය ගත කිරීමේ අපහසුව පෙන්වා දෙන්නකි.

සේනානායකගේ කෙටිකතාවේ එක් සුවිශේෂි ලක්ෂණයක් නම් ඉන් බොහෝ ඒවා හි එන ගුප්තබවයි. නිශාචරයා කෙටි කතාවේ ද මෙම ලක්ෂණය නොඅඩුව ඇත. නිශාචරයාගේ "රහස" එළිදරවු වීමෙන් අනතුරුව, ඔහු තම වාසස්තානය මාරු කරයි. අන්තර්වර්තිකයකු ට පිටස්තර සමාජයෙන් යම් අපහසුතාවක් ඇති වුවහොත් ඔහු නොඉවසනු බව, ඔවුන්ගේ ලක්ෂණයකි.

නැති දැනුමක් ගැන බේගල් ගෙතූවකු, ඔහුගේ ම ක්‍රමවේදය මගින් මෙල්ල කරලීම පිළිබඳ කෙටිකතාවකි, පණ්ඩිතයා මෙල්ල කිරීම. මෙවන් කෙටි කතා මතක් කරනුයේ ඕ. හෙන්‍රි ආදි රචකයනකි. මීට ආසන්න මාතෘකාවක් ගත් කෙටි කතාවක් ලෙසින් රැවුලේ රහස පෙන්විය හැක. එහෙත්, එහි එක ම වෙනස ව්‍යාජය පෙන්වා දෙන්නේ, එය භාවිතාවේ යෙදෙන්නාම මගින් වීමය; එය ද ඔවදනක් ලෙස ය. එය සමාජය එරෙහි කර්කශ විවේචනයකි.

වෙසක් කූඩුව කෙටිකතාවේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු හතේ දරුවෙකුගේ දෘෂ්ඨි කොණයෙන් එය ලියැවී තිබීම බවය. එහෙත් මට නම් සිතුනේ සේනානායක සත් අවුරුදු දරුවෙකුගේ දෘෂ්ඨි කොණයෙන් කෙටි කතාව ලිවීමට උත්සාහ දරූව ද, එ වියැති දරුවෙකුට නොගැලපෙන තරම් විස්තරයන් එහි ඇතුලත් බවකි. නංගී සමඟ වන ගැටුම් සහ අයියා වීරයෙකු ලෙස පෙනීම මේ බව තීව්‍ර කල ද, මෙතරම් විස්තර සඳහන් කරලීම මගින් එම දෘෂ්ටිකෝණය පිළිබඳ මට නම් ඇති කලේ අවිශ්වාසයකි. වෙසෙසින් කූඩුව ගිනි ගැනීමේ සිද්ධිය විස්තර කරලීම මීට හේතු විය.

බිරිඳ නම් වූ කෙටිකතාව, වඩා පරිසමාප්ත කෙටි කතාවකැයි හැඟුණි. රූපක භාවිතය ( මිදුල මුල්ලේ කුණු රොඩු ගිනි ලෑම - මුලින් දුම විතරක් තිබී පසුව, ගිනි දැල් කිහිපයක් මතුව, එය ළඟ තිබූ මල් පිපුණු කටරොඩු වැලක් දැවීමට තරම් පැන නැගෙතැයි කතා නායකයා සිතයි. කතානායකයා ට තම බිරිඳ ට තිබූ පෙර ඇඳුනුම්කමක් ගැන කුකුසක් ද වද දෙයි. ඒ ඔස්සේ ඇය ව වර්තමානයේ මැනීමට ද ඔහු පෙළඹේ.

මල් දම් දෙක නම් වූ කෙටි කතාව, ලජ්ජාශීලි පුද්ගලයෙකුට හදිසියේ කරන්නට සිදු වූ වගකීමක් හේතුවෙන් ඇති වූ අපහසුතාවක් මුල් කොට ගත් කෙටි කතාවකි. මෙහි කතා නායකයා ඒ අපහසුතාවට පත් වූ මිතුරා මගහරිනා සේම, එහි මතකයක් රැඳුණු තොප්පියක් පැළඳීම ද, එදාම අතරින ලදී.

අහඹු ලෙස සිදු තවත් දෙයකි. එනම්, මෑතක රසවත් කෙටිකතා සංග්‍රහයක් සහ සම්මානනීය නවකතාවක් ප්‍රධාන කල ලේඛිකාවකගෙ කෙටිකතා කිහිපයක අත්පි ටපත් කියවීමේ අවකාශය ලදිමි. ඉන් ද පළමු වරට මට කියවන්නට ලැබුනේ, එම කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනයයි. එම පරිවර්තනය මට දොස්තොයෙව්ස්කි මතකයට නැගීය. දෙවෙනි කෙටිකතාව මුල් සිංහලින් ම කියවන විට, මෙම සංග්‍රහය ද නැවත කියවීම අරඹා තිබුනේ පෙර කී සරච්චන්ද්‍ර හා බැඳි කාරණාව උඩය. එවිට ය මට වඩාත් තහවුරු වූයේ, පෙර කී ලේඛිකාව ගේ කෙටිකතා වඩාත් ලංවන්නේ ජි.බී. සේනානායක ගේ නිර්මාණ වලට බව. එම ලේඛිකාව තම නිර්මාණ පිළිබඳ යම් යම් අරමුණු බෙදා ගත් අතර, එම අරමුණු හා සේනානායකගේ ලිවිමේ ශෛලිය ද සහ-සම්බන්ධයක් ඇති තැන් තිබිණි.



ශ්‍රේණිය: ***** ( මෙය අද දිනට වඩා, මෙය මුලින් නිකුත් වූ 1945 වසර ට සාපේක්ෂව ඇගයීමට යත්න දැරුවෙමි; අදට සාපේක්ෂව ද මීට තරු හතරක් පිරිනැමීමට පසු බට නොවෙමි )
මුල් ප්‍රකාශනය: 1945; මෙම මුද්‍රණය 16 වෙනි මුද්‍රණය (1997), තරංග ප්‍රකාශකයෝ
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.