Jump to ratings and reviews
Rate this book

අහම්බකාරක

Rate this book
මෙරට වලව් පැලැන්තියේ ශේෂවීමත් සමග නව දේශපාලන සංස්කෘතියක් ඉස්මතුවීමත්, පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඛේදනීය ඉරණමත්, නව වාමාංශික ව්‍යාපාරය; බිඳවැටෙමින් පවතින වලව් සංස්කෘතිය තුළම නව පරිණාමයකට ලක්වීමත් පිළිබිඹු කෙරෙන ආන්දෝලනාත්මක නවකතාවකි. -

349 pages, Paperback

First published September 1, 2015

12 people are currently reading
196 people want to read

About the author

Liyanage Amarakeerthi (W. A. Liyanage) received his primary and secondary education at rural schools in Kurunegala district entering the university of Colombo in 1990 where he received a BA. In 1998, Amarakeerthi went to the university of Wisconsin on a Fulbright Scholarship for his postgraduate studies. On completing an MA in Literature in 2000, he was funded by the university of Wisconsin for his doctoral work under Prof .Charles Hallisey. After obtaining his PhD in 2004 he moved to Cornell University on a teaching appointment where he also attended the School of Criticism and Theory at Cornell University.
He joined university of Peradeniya in 2008. During his postgraduate studies he was able to take a host courses in literature, literary theory, theories of drama, translation theory, theories of aesthetics, film Studies and so on. He has published more than 15 books of fiction, poetry and literary theory. He won national literary award for the ‘best' collection of short stories in 2000 and for the ‘best' novel in 2008. At Peradeniya he teaches courses in literary theory, translation Studies, postcolonial theory, theories of drama, and Aesthetics.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
58 (46%)
4 stars
45 (35%)
3 stars
19 (15%)
2 stars
4 (3%)
1 star
0 (0%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Charvi Janathri.
38 reviews10 followers
May 23, 2021
"A man never sees another in his truest form, and we try to interpret the other based on what we see and assume, and these interpretations are largely wrong"

The above is one of my favorite lines from this book, and reading this was a new experience for me. I could many times relate to the ideas and thoughts of the protagonist of the book, which was Bandula Balagalla. අහම්බකාරක in English means a series of co incidences that was never planned or achieved by putting in sleepless nights or effort, but events that just occurred. Reader is taken through the life of Bandula Balagalla, a rich Walawe man who lives with many inheritances to his name. He is a wealthy but intelligent man with an uncorrupted mind, mainly due to his education abroad, and is filled with ideas and patience beyond an ordinary man. These traits could largely be credited to his hobby of reading an unhealthy amount of books that has exposed him to many cultures and values. Hence his way of thinking is broad and empathetic.

Author writes this book, with two people in mind, one is someone who is got a good plan and executes them shrewdly and the other leaves everything to co incidences.
The former is Wijaya Wickramasinghe. His life and his plummeting to success was not a over night success nor a luck but his shrewd planning that he carried on for years, betraying many with lies; in another words we can say a life based on many fake ideals. Latter is the main protagonist who rise to the top with little effort from his side, and random occurrence of many incidents played a huge part to get him to where he is. His kindness and humility shields him from many harm, and his self happiness matters to him above all, which makes him oblivious to the rumors circulating around him and the corruption that goes around in his external world.

අහම්බකාරක opened my eyes to the real world, that goes around in our country, the political turmoil during the civil war, unfairness in our society, and how everything; thoughts, decisions, actions that goes on around us is entirely politically based.

Lots of issues we face in our country, the class hierarchy, how politicians save themselves , how connections with the politicians could take you to places, all of this is addressed in this book, cleverly interwoven through thrilling stories, made up with thrilling characters.

In the end, due to Bandula Balagalla's good heartedness, he gets cheated by his own best friend, yet he maintains a state of coolness, accept life for what it is, in the midst of every let down he face in his life.
On another note, I should appreciate the author's creativity and his fearlessness to publish a book of this sort.
Profile Image for Ruwangika Gunawardana.
3 reviews131 followers
June 1, 2016
තදින් හිතට වැදුණු පොතක් කියන්න පුළුවන්. සාම්ප්‍රදායික ධනවතාගෙන් බොහෝ වෙනස් චරිතයක් වන බන්දුල බලගල්ල කතාව මුල සිටම මගේ සිත් ගත්තා. ඔහුගේ චිත්ත ස්වභාවය මගේ ආකල්ප වලට දරන සමීප බව එයට හේතුව විය හැකියි. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයත්, පොදුවේ මිනිස් ස්වභාවයත් රචකයා හොඳින් චිත්‍රණය කර තිබෙනවා. සේන ගේ වාග් ප්‍රහාර හා කතාවේ දිගින් දිගටම යොදාගෙන ඇති ගොල්ෆ් වළල්ලේ උපමාව මගේ ප්‍රියතම අංග යැයි කිව හැකියි.
Profile Image for Wasana Udayangani.
7 reviews
December 7, 2025
වෙනස්ම වූ කතා පෙළක්...
පරිච්ඡේද පුරා ....
අලුත් මාතෘකා ද ගෙන...
නව කතාවක්...
අලුත්ම හැඩයකින්...

අහම්බයක් නොව....
අප ජීවිතය .....
නමුදු....
කතාව කියන්නාට....
එය එසේය......

බොහෝ කතා මැද.....
ගලා ගිය....
*අහම්බකාරක*
ලියනගේ අමරකීර්තිගේ....
පෑන් තුඩෙන්....
ලිය වූ හැටි.....
හරි අපූරුය....

වාසු
Profile Image for Dinesha Jayasena.
1 review
January 9, 2020
අහම්බෙන් මේ අහම්බකාරක පොත ලැබුණි. අමුතු පොතක්. පොත කියැවීමි. එය හාස්‍ය ශෛලියකි. මුල සිට අගටම නිසොල්ලාසයකි. සම්භාව්‍ය ‍රැවටිල්ලකි.. විමතිය නම්, කතෘගේ සටහන නම් අවසාන පිටු දෙකින් මෙතෙක් වේලා පාඨකයන් රවටා ඇති කඩතුරාවද ඉවත් කර ඔවුන් නොයෙක් චරිත විසින් රඟන් මුලා කිරීම් දැනගතිම් යන සුලු මොහොතකට ලබන සියුම් ආත්ම වින්දනය සුණුවිසුණු කර දමන ආකාරයයි.
Profile Image for Ruvi Perera.
170 reviews1 follower
July 11, 2024
It was an okay read. I wasn't a huge fan of the book to be honest. This story is about a person who pretends he can't talk (mute) and a rich gentleman who is trying to get his voice back. It was a quick read but I did not get the wow factor.
This entire review has been hidden because of spoilers.
Profile Image for Thilina Yapa.
26 reviews1 follower
June 30, 2017
අහම්බයෙන් පමණක් පොතක් කියැවූ මට.. මේ පොත මහ රෑ නිදි නොමැතිව අවදිව කියැවීමට බල කර සිටි වග පමණක් කිව යුතුය.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
July 23, 2017
පාරම්පරික වලව් පැලැන්තිය නියෝජනය කරන, ඒ හා ගෙතුන වාමාංශික දේශපාලනය හා ලුම්පන් පන්තියේ ඝට්ටනය මනාව පෙන්නුම් කරයි.
Profile Image for Sha Danthanarayana.
8 reviews4 followers
October 17, 2017
සංකීර්ණ මිනිස් සබඳතා සහ ආශාවන් මෙන්ම ඒවා සාක්ෂාත් කරගැනීමට මිනිසුන්ට යා හැකි උපරිම අන්තය කියාපාන අතරේ කළු නොවුනු සුදුද නොවුනු මිනිස් සමූහයක අහම්බයන් ගොන්නක් කැටිකරගත් නවකතාවක්
Profile Image for Dilly.
245 reviews17 followers
August 5, 2016
"අහම්බයක් නොවන අහම්බකාරක"
මේ මා මෙවර ස්වර්ණ පුස්තක දෙවැනි වටයට තේරුණු පොත් අතරෙන් කියවන තුන්වැන්නයි.
බැලූ බැල්මට බන්දුල බලගල්ල චරිතය ගැන ගෙතුණු කතාවක් යැයි හැඟුණද අවසානයේ වැටහී යන පරිදි ඔහු ගැන පමණක් නොව අන් සියලු චරිත පිළිබඳව විස්තරාත්මක විවරණයක් ඉදිරිපත් කෙරෙන කතාවකි.
ගතානුගතික නවකතාවක් සේ ඇරඹෙන නවකතාව ඉදිරියට ගලා යන්නෙ විටෙක ඉතාම හෙමින් යැයි මට විටෙක සිතුන මුත් කතාවේ අවසන් භාගයට එළඹි විට එවැනි වේගයකින් කතාව ගලා යා යුත්තේ මන්දැයි මනාව වැටහේ. බන්දුල බලගල්ල ගේ චරිතය තුළින් අන් සියලු චරිත කෙරෙහි අනුකම්පා කිරීමට සලස්වා අවසානයේ රැවටී ඇත්තේ තමාම බව දැනගත් විට ඇතිවන ආත්මානුකම්පාව අන් සියල්ලටම වඩා බලවත් ය.
කියවා අවසානයේ හිතේ ඇතිවන්නේ සාර්ථක නවකථාවක් අවසානයේ හිතේ ඇතිවන තෘප්තියයි.
මෙය "කුරුලු හදවතට" වඩා ඉහළින් තැබිය හැකි වුවත් "අටවක පුත්තු" මගින් අප හමුවට ගෙන ආ ඒ යාථාර්තයදැයි කිව නොහැකි එහෙත් අවසානයේ යථාර්ථය යැයි අවබෝධ කරවන කතා සංකල්පයට වඩා පහළ යැයි මට හැඟේ.
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.