Jump to ratings and reviews
Rate this book

බැද්දේ කුලවමිය

Rate this book
හැම දිනක ම මා එතනින් හොර රහසේ පිටවී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායක් ඊට ඉස්මතෙන් නැගී සිටින තුරු පෙළත් අමුතුම බසකින් අප අමතන ඇත්නම් ඇළේ කඩිනම් ගමනක් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි.

291 pages, Paperback

First published September 1, 2003

1 person is currently reading
18 people want to read

About the author

Rupa Sriyani Ekanayake

8 books9 followers
රූපා ශ්‍රියානි ඒකනායක (Sinhala)

Rupa Sriyani Ekanayake started her writing career in 1999 by writing "Sausiri Sapiri Saudia” based on her experiences in Saudi Arabia where she accompanied her husband who was on a diplomatic posting, and served as a teacher.

In the year 2000, she wrote five children's books based on Jathaka stories ( the stories of Lord Buddah's previous births). The five books were: "Miulu Nuwara Pandiwaru" ; "Katusu Kare Raththaran", "Pinguththara; Kalana Mithuru" and "Aggala Liyamana". Her next book, "Dehshanuragaya" ( Patriotism) , published in 2002 , was a collection of short stories based mainly on her experiences as an officer of the Sri Lanka Administrative Service. She wrote two novels , Vijayai Kuweni and Senkadagala Maha Biso, in 2003 and 2005, respectively , both were based on the pathetic lives of two queens of Sri Lanka who had suffered for merely being heirs to the throne of the country. Her novel, "Tharu Bambasara" which was written in 2006, was nominated for the "Swarna Pusthaka Sammana" awarded by the Sri Lanka Book Publishers Association, annually.Rupa Sriyani Ekanayake launched her latest novel, Dutmi Nethin Kasup Nirind , in 2009, which depicts the aesthetic qualities of the life of King Kasyapa who built one of the nation's main heritages , Sigiriya, the lion rock.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
9 (32%)
4 stars
11 (39%)
3 stars
5 (17%)
2 stars
2 (7%)
1 star
1 (3%)
Displaying 1 of 1 review
Profile Image for Deepika Fernando.
51 reviews7 followers
October 25, 2023
ස්ත්‍රීන් වූ කලී change agents ලාය. ‘මැරුණත් වෙනස් වෙන්නේ නැති ‘ පිරිමි වෙනස් කිරීමට ඔවුන්ට හැකිය. කිසිදා තේරුම් ගත නොහැකි චරිත තේරුම් ගැනීමට ඔවුන් හපන්ය. ඊටත් වඩා ඔවුන් දක්ෂ වන්නේ ඉවසීමටය. නින්දා අපහාස තමාට නොවේ යයි සිතා සැනසීමටය.
මෙහි කතානායිකාව බැද්දේ සිට නගරයට සංක්‍රමණය වන කුලවමියකි. නමුත් ඇයගේ ස්වාමියාගේ ධනවත් පවුලේ සාමාජිකයන් විසින් ඇය නොසලකා හරිනු ලැබේ. සියල්ල කෙටි කාලයකටය. කුලවමිය ඉතා දක්ෂ change agent කෙනෙකි. ඇය සියල්ල උඩු යටිකුරු කරයි.
කතාවේ ආරම්භය එතරම් රසවත් නොවුණත් ටික දුරක් ගිය පසු කතාව රසවත් වේ. චරිත ලෙයින් මසින් පෝෂණය වේ. චරිත වල සැඟවුණු දුක් දෝමනස්සයන් හෙමිහිට එළි දැක්වේ.
කතුවරිය ඉන්පසු මිනිසා නමැති ඒ අරුම පුදුම සත්වයාගේ සිතුවිලි විවිධාකාර වූ තරාදි වලින් කිරා මැන බැලීමට කියවන්නා පොළඹ වයි.. ඒ කතුවරියගේ දක්ෂතාවයි. කවි කඳවුරේ සුනේත්‍රා කලාක් මෙන් රූපා ශ්‍රියානි එම අපූරු අවස්තාව අපට ලබා දෙන්නේ එක් පරිච්චේදයක් එක් චරිතයක් ලවා කියවීමෙනි. එකම සිද්ධිය දෙදෙනෙක් විසින් දකිනා ආකාරය කතුරිය කියවන්නාට ඉදිරිපත් කරයි. ඒ නිසා මුලදී ගැටළුකාරී බවක් දැනුනද පසුව එය පහවී යයි.
අද කාලයේ දාහක් ප්‍රශ්න වලට එකම විසඳුම හොඳ සන්නිවේදනයේ අඩු කම බව කෘතිය පුරා දිවෙන එක් වැදගත් තේමාවක් බව මගේ හැගීමයි. කෘතිය පුරා දිවෙන සමාජයීය, ලිංගික, පවුල් ප්‍රශ්න සියල්ලටම විසඳුම ඇත්තේ එතැනයි. මිනිසාට මිනිසත් ගුණ නොමැති සමාජයක ජීවත් වීම අපහසුය.

මරණ මංචකයේ සිටද මිනිසා ආදරය කරුණාව සොයන්නේ එහෙයිනි.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.