Jump to ratings and reviews
Rate this book

මහ බැද්දේ සුදු ගෝනා

Rate this book

199 pages, Paperback

First published January 1, 1951

24 people are currently reading
308 people want to read

About the author

R.L. Spittel

10 books37 followers
Richard Lionel Spittel, CMG, CBE, FRCS (commonly known as Dr. R. L. Spittel) (December 9, 1881 – September 3, 1969) was a Ceylonese Burgher physician and author. He was one of the foremost experts on the Vedda community.
An avid nature-lover, Dr Spittel made many trips to the jungles of Ceylon, gaining much knowledge of the flora and fauna and the aborigines of the island, the Veddas. His studies on the Veddas made him and expert on this little understood people. Based on his ethnographic studies, he authored several books that gained much fame during his lifetime. His works include novels, poetry and academic studies.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
115 (58%)
4 stars
51 (25%)
3 stars
20 (10%)
2 stars
4 (2%)
1 star
7 (3%)
Displaying 1 - 9 of 9 reviews
Profile Image for Gihan Uthpala.
1 review3 followers
Read
November 3, 2015
සුදු ගෝනා හා සුදු වැද්දා යන පොත් ද්විත්වයම මා පළමු වරට කියවූයේ ඉතා කුඩා කාලයේය(වයස අවුරුදු 12-13). එකල ඉතා අසාවෙන් රස විඳි මෙම කෘති නැවත් වරක් කියැවිමට උපන් කැමැත්තක් මෑතකදී ඇති වූයෙන්, කරන ලද කියැවීමේදී කුඩා කල නොතිබූ විවෘත භාවයකින් රචකයාගේ අභිලාශයන් දැක ගැනීමට හැකි වුනැයි සිතමි. මතුපිටින් සුදු වැද්දාගේ වීර ක්‍රියාන්විතත්, මෙම කතාවේ කියැවෙන කාල වකවානුවේ ලංකාවේ වෘක්ෂ ලතාදිය හා සතා සිව්පාවන් පිළිබඳවත්, වැද්දන්ගේ ජීවන ක්‍රියාවලියත් විස්තර කරන රචකයාගේ, යටි අරමුණක් ලෙස, සිංහල රාජ්කීයත්වයත්, ගැමි ජනතාවත් හෑල්ලුවට ලක් කොට පිටරැටියාගේ පෞරුෂය ඔසවා තැබීමට කරන ලද ප්‍රයත්නයක් මෙම කතාව තුළ ඇති බව දැන් මට හැඟෙයි. කෙසේ වෙතත් කතාව කියා තිබීමේ රසවත් බව අනුව මුල් රච්කයාටත්, පරිවර්තකයාටත් ලැබිය යුතු පැසසුම ලැබිය යුතුය.
Profile Image for Malsha.
89 reviews25 followers
September 2, 2014
4 ශ්‍රේණියේ දරුවකු පොතක් දුටු වනම සිත ඇදී යන්නේ කවරයේ ඇති රූප රාමුවටයි. සද්දන්ත ගෝනකු සහ වැදි වෙස් ගත් සුදු මිනිසකු සිටිනා පිට කවරයට සිත ඇදී ගොස් හමාර වූ විට කතාව නිතැතින්ම රසවත් එකක් විය යුතු බව ඇයගේ සිත කියයි. එසේ අහම්බෙන් මෙන් ප්‍රාථමික පුස්තකාලයෙන් සොයාගත් ආර්. එල්. ස්පිට්ල්ගේ සුදු ගෝනා මිහිරි අත්දැකීමක් විය. සුදු වැද්දා සහ සුදු ගෝනාගෙන් පසු විසල් පිටු තිබෙනා කුඩා අත් අකුරු රැගත් පොත් කියවීමට ආසක්ත වන ඇයට පසු කාලයේ හැඟෙන්නේ මෙම පොත තමන්ගේ ළමා වියෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් වුනු බවයි.
Profile Image for Dulanjalee Chandrasiri.
13 reviews8 followers
August 30, 2021
අපි මේ කොහිද යන්නේ..

අර මා කී විට ලඟට රනී.ඇළිගෝනා ඉන්නා වනේට.අපට එහෙ ගියා ම දිකුද්, දීයා,ටිකී හෙමත් හම්බ වෙන්ඩ පුලුවනි.

(මනුෂ්‍යයෙන් යනු පරිසරයේ තවත් එක් සත්ව කොට්ඨාශයක් පමණි,මිනිස්සුන් පරිසරයෙන් වෙන්ව ජීවත්වීමට පටන්ගත් දා සිට මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සනිටුහන් විය.)
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
June 2, 2024
Where the white Sambhur roams - R L Spittel (1957)
අනුවර්තනය; සුදු ගෝනා - ඒ පී ගුණරත්න (1964)

Wild White Boy - R L Spittel (1964)
අනුවර්තනය; සුදු වැද්දා - ප්‍රේමචන්ද්‍ර අල්විස් (2019)

17 වන සියවසේදී ඕලන්ද නැගෙනහිර ඉන්දියා නැවකින් හේග් නුවරසිට ලංකාවට පැමිණි ෆෙඩ්රික් ස්පිට්ල් සහ ඔහුගේ භාර්යාව ශිලියා ස්පිට්ල් තංගල්ලේ පොල් ඉඩමක පදිංචි වූහ. 1880 දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ දෙවැනි පුතා වූ රිචඩ් ලයනල් ස්පිට්ල් උපත ලැබීය.

ආර් එල් ස්පිට්ල් කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ කොළඹ වයිද්‍ය විද්‍යාලයෙන් අද්යාපනය සම්පුර්ණ කර කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වයිද්ය වරයකු ලෙසට සේවය කළේය.

ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ප්‍රාදේශීය ඉංජිනේරුවෙකුගෙන් වැද්දන් පිළිඹඳ තොරතුරු දැනගැනීමෙන් පසු ඔවුන් සොයා වන වැදීමේ ප්‍රතිඵලයක් ලෙසට ඔහු වැදී ජනතාවගේ "සුදු හුරා" බවට පත්විය.

16 වන සියවස පාදක කරගෙන ප්‍රබන්ධනය කරනලද මෙම නවකතාවේ කතා නායකයා වන හැන්ස් වයස 14 දී පාසැලේ ලැබූ අමිහිරි අත්දැකීමක් නිසා හේග් නුවරට පැමිණ වෙළෙඳ නැවක සේවයට බැඳී ලංකාවට යාමට අවස්තාව උදාකර ගත්තේය. ඉන්දියන් සාගරයේදී කුනාටුවකට හසුවීමෙන් නැව විනාශවිය. ලංකා වෙරළේ අතරමං වූ හැන්ස් තනිවම වනයේ අත්දැකීම් ලබාගනිමින් සහ වනසතුන් අද්‍යනය කරමින් තම ආහාර සපයා ගනිමින් වනයේ ජීවත්වීමට ඉගනගත්තේය. පසුව ඔහු වැද්දන්ගේ ඇසුරට වැටී ඔවුන්ගේ විශ්වාසය දිනාගත් මිතුරෙකු විය. මෙම නවකතාවට පාදක වූ සමයේ කන්ද උඩරට සිංහල රාජ්‍යයක්ද මුහුදුබඩ පෘතුගීසි හා ලන්දේසි බල ප්‍රදේශ පැවති සමයක් විය. කන්ද උඩරට පාලකයා තීක්ෂණ බුද්ධියකින් යුත් බලවත් සිංහල රජෙකු විය. පෘතුගීසි සහ ලන්දේසි හමුදා නිලධාරීන් ඔහු හට සේවය කළේය. රජතුමා හට පෘතුගීසි භාෂාව කතාකිරීමේ දැනුමක් තිබුන අතර ඔහු පරිනත පාලකයකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතා පැවැත්විය.

ලංකාවේ වනාන්තර සහ එහි වෙසෙන ජීවින් සහ වැදී පරපුර පිළිඹඳව කෙරුණ ගවේෂණාත්මක සාහිත්‍ය ඉතාම සීමිත වේ. ස්පිට්ල් ගේ මෙම සාහිත්‍ය ප්‍රබන්ධ දශක 8 කට වැඩි කාලයක් පුරා ලාංකීය පාඨක ප්‍රජාවේ අවධානය ලංකාවේ වනාන්තර, වන ජීවින් හා වැදී පරපුර වෙත බැඳ තබාගැනීමට උපකාර විය.
ශල්‍ය වයිදය වරයකු වූ ස්පිට්ල් ඉදිකළ නිවස කොළඹ බවුද්ධාලෝක මාවතේ පිහිටි "විචර්ලි" විය. නගරයේ සියලු සැප පහසුකම් තිබියදී වැදී ජනතාව කෙරෙහි කැපවෙමින් ඔවුන් වෙසෙන දුෂ්කර වන දුර්ඝ වල ජීවිතය ගෙවාදමමින් ස්පිට්ල් කල සේවය ලංකිය ප්‍රජාව සැම කාලයේදීම අගය කලයුතුවේ.

ස්ප්ට්ල් සහ ලෙනාඩ් වුල්ෆ් ගෙන් පසුව ලංකාවේ වනාන්තර සහ ඒ ආශ්‍රිත ප්‍රජාව පිළිඹඳව ගැඹුරින් අධ්‍යනය වූ සාහිත්‍යයක් අප සතුව නොමැති තරම් වේ.
2 reviews1 follower
April 13, 2020
කොහොමද කියවන්නෙ මේක.. pdf ගන්න විදියක් නැද්ද.
This entire review has been hidden because of spoilers.
Profile Image for Minol .
19 reviews
October 4, 2023
This is a book that I enjoyed a lot. Learnt a lot on ancient srilanka's wildlife, people, society, food and also the wadi tribe in srilanka. Wonderful book.
Profile Image for GIMHANA  SANKALPA .
86 reviews
October 6, 2023
There is a good book I had read.
This entire review has been hidden because of spoilers.
23 reviews
May 25, 2020
One of my favourite childhood memories is my father reading this story to me. I remember that this book being the book that turned me into a reader. The world of Hans and the weddas and the wild forest still makes an impact on me to this date.
Displaying 1 - 9 of 9 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.