Wild Ceylon By R L Spittle (1924)
පරිවර්තනය - වනගත ලංකා - ප්‍රේමචන්ද්‍ර අල්විස් (1999)
මෙම පොත ලංකාවේ වනවාසී මිනිසුන් හා ඔවුන්ගේ ජිවන රටා පිළිඹඳව සිදුකරනලද ඝවේෂණයක ප්‍රතිපලයකි.
ලංකාවේ වැද්දෝ ඉන්දියාවේ 'ගොන්ද්' ගෝත්‍රිකයන්ට බෙහෙවින් සමාන වේ. ඔවුන්ගේ ස්වරුපය විස්තර කරනුලබන්නේ; තීක්ෂණ ඇස් හා මලල ක්‍රීඩකයකුගේ බඳු නිදහස් ගමන් විලාසයක් ඇති කුඩා මිනිසුන් වීමත්, උර මත කුඩා පොරවක් දැරීමත්, අතේ දුනු හි තබා ගැනීමෙනුත් ය.
කෑම බහුල ඕනෑම මොහොතක මේ මිනිසුන් යහමින් අනුභව කරන නමුත් නීතියක් වශයෙන් ඔවුන් බලාපොරොත්තු වනුයේ දිනකට එක කෑම වේලකි.
අනාදිමත් කාලයක සිට වැද්දන්ගේ වාසභූමි ප්‍රදේශ බිංගොඩ, ගල්මැද්ද, සීතල වන්නිය, බින්තැන්න වේ. පැරණි වැද්දන්ගේ නීතියට අනුව මෙම ප්‍රදේශ පංගු හෙවත් කොටස් වලට බෙදී තිබුන අතර ස්වභාවික ගංගා, කඳු පංති වලින්ද "දුනු හත" කෙටුනු විශාල ගස් වලින්ද පංගු මායිම් සලකුණු කර ඇත. තමන්ගේ පංගු වල මායිම් ආරක්ෂා කරගැනීමත්, අනුන්ගේ පංගු ආක්‍රමණය නොකිරීමත්, දඩයම් තම පංගු වලට සිමා වීමත් වැද්දන් සිදුකළහ.
ඉපැරණි සම්ප්‍රදායට අයත් වැද්දන් කතුවරයා හට මෙම පොත ලියන සමයේ (1924) වුවද හමුවුයේ ඉතා කලාතුරකිනි. ගසකින් උගුලා තලාගන්නා ලද පොත්තක් එකම ඇඳුම වශයෙන් ඇතිව, හුදෙක් වනයෙන්ම යැපෙන එකම වැද්දෙක් වත් එම කාලයේ වුවද නොමැති විය.
වැද්දන්ගේ ස්වභාවික නිවහන ගල්ගෙවල් විය. වනය අවට ගම්වල වැසියන් සමඟ මුසුනොවී ඇත බැද්දේ ගල් ගෙවල් වල විසු වැද්දන් දැන් ජීවත්වීම සඳහා නිවාස සදා ගනිති. ඔවුන් ගල් ගෙවල් වලට යන්නේ කලාතුරකිනි.
සිංහල හෝ ද්‍රවිඩ ලේ මිශ්‍ර නොවුණු වැද්දකු සොයාගැනීමට නොහැකි තරම් දුර්ලභය. කතුවරයා ට අනුව මෙම පොත ලියන කාලයට (1924) වසර 15 පමණ ඉහතදී ඉපැරණි පවිත්‍ර වැදී සනහුරින් පැවත ආ වැද්දන් අහෝසි වී ඇත.
වැද්දන් ගැමියන්ගේ ජිවන ක්‍රමයට පොළඹවා ගැනීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ අවසානය ඉක්මන් විය හැක. ඔවුන් දඩයම් කරුවන් මෙන් හුදකලා කැලෑවල විසුවාක් මෙන් ඉදිරියටද ඔවුන්ගේ පාඩුවේ ජීවත්වීමට ඉඩදිය යුතුය. ස්පිට්ල්ට අනුව 1924 සිට දශක කිහිපයකින් "වැද්දා" යන්න හුදෙක් නාමයක් පමණක් වනු ඇත.
බඹර කැපීම වැද්දකු ගේ ජිවිතයේ වීර ක්‍රියාවකි. බඹර වද සාදනු ලබන්නේ ගිරි හෙල් වලය. එම ස්ථානයට ළඟා වීමට කන්ද මුදුනේ සිට වැල් ඉනිමඟක් සාදාගෙන එය දිගේ පහලට බැසිය යුතුය. වැල් ඉනිමගේ බැසිමේදී ඉන්මගේ උඩ කෙළවර තම මස්සිනා විසින් ආරක්ෂා කරනු ලබන්නේය. ඉනිමගේ පහලට බහින විට බඹර කපන්නා සහ මස්සිනා කන්දට අරක්ගත් යකුන්ට සහ නැ යකුන්ට කන්නලව් ගී ගායනයේ යෙදෙන්නේය.