Dilly247 reviews16 followersFollowFollowNovember 28, 2016කෙටිකතා කියවීම මෑතකදී මා පටන්ගත් කටයුත්තකි. එය රස වැටුණු පසු නැවැත්විය නොහැකි ක්‍රියාවලියකි. එබැවින් කෙටිකතා පොත් සොය සොයා කියවීම මේ දිනවල සිදු කරමි..සමර විජේසිංහ මා හඳුනාගත්තේ ඔහුගේ කවි වලිනි. එකල එක්තරා සමූහයකට හෙතෙම කවි ලීවේය. පසු කලෙක ඔහුගේ ඡායාරූපයක් දකින තුරුම මා සිතා සිටියේ ඔහු බොහෝ තරුණ පුද්ගලයෙක් බවයි. ඔහුගේ වචන එතරම් තරුණය. ජීව ගුණයෙන් සපිරිය.මේ මා ඔහුගේ කෙටිකතා කියවන පළමු අවස්ථාවයි. මෙහි කෙටිකතා 9ක් ඇතුළත් වේ. ඔහුට සුපුරුදු සරල එහෙත් කාව්‍යමය භාෂාවෙන් එය ලියවී ඇත.උද්ධෘත කිහිපයක් පහත දක්වමි.."ඉන්දියාවෙ ගෑණු තමන්ගෙ ස්වාමියා මැරුණම සති පූජාව පවත්වනව. තමාගෙ කැමැත්තෙන්ම ස්වාමියගෙ දර සෑයට පැනල ටික වෙලාවකින් පිච්චිලා ඉවර වෙනව. ඒ ගෑණු දන්නව ස්වාමියෙක් නැතුව ජීවත් වෙනකොට දිගටම පිච්චෙනව කියල. අපේ සති පූජාව වෙනස්. අපි ඉතුරු ජීවිතය පුරා ම, හිතවත් පිරිමින්ගෙ ඇස්වලින්, වචනවලින් පිටවෙන ගින්දරට පිච්චෙමින් දිගටම සති පූජාව පවත්වනව."චූල ගායිකාව- පිටුව 15කෙටිකතා කියවාගෙන යන විට හැඟෙන ගිය කරුණක් වන්නේ කාන්තාව කෙරෙහි ඔහුගේ දැක්මයි. නිරන්තර පීඩාවට පත්වන කාන්තාව කෙරෙහි අනුකම්පාවක් ඔහුගේ කතා තුළින් පෙනෙයි.."කාර්‍යාලයේ වෙනත් තරුණ ගැහැණු ළමයින්ද සිටියි. ඔවුන් එවේලෙහි පොලිතීන් කවරයෙන් ඉවතට ගත් අය මෙන් සෝබමානව සිටිති. ඔවුන්ට අව්ව අහිතකරය. වැස්සත් අහිතකරය. දූවිලි පොදක් වාතයෙහි තිබුණහොත් වහා ලේන්සුවෙන් නහය වසා ගනිති. ඇය එසේ නැත. අව්වටත් ඔරොත්තු දෙයි. වැස්සට දියවෙන්නේ නැත. අව්වට පිච්චෙන්නේ නැත."සුදු කළු සහ අළු - පිටුව 50ඔහුගේ කෙටිකතා සරල බසකින් ලියවී ඇති නමුත් එහි ගැඹුරු අදහසක් දක්නට ලැබෙයි. එය කියවීම් ප්‍රියතාවයක් ඇති කරන්නේ සරල එහෙත් කාව්‍යාත්මක භාෂාවයි. එහෙත් යලි යලිත් කියවීමට පොළඹවන්නේ එහි ඇති ගැඹුරයි..."වාහනයක් නොමැති විට සම්පූර්ණයෙන්ම තම ශරීර පෞරුෂය විසින් පමණක් ම ගැහැණු ළමයෙකු ආකර්ෂණය කරගත යුතුය. වාහනයක් සහිත වූ විට වාහනයේ පෞරුෂය ද තම පෞරුෂයට එකතු වන හෙයින් ගැහැණු ළමයෙකු පිළිබඳ කාර්‍යය ඉතා පහසුවෙන් ජයගත හැකිය."වාහනය : පිටුව 79ඔහුගේ කෙටිකතා බොහොමයක් ලියවෙන්නේ ආත්ම කථනයක් පරිදිය. එය බොහෝවිට ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙයි. එබැවින් එය අවංක බවේ සලකුණක් යැයි කියවන්නාට හැඟෙයි.ඔහු සියලු වයස් වල මිනිසුන් සිතන පතන විදිය තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තෙකු බව මේ පොත කියවාගෙන යාමේදී වැටහෙයි. එමෙන්ම එසේ සිතන පතන ආකාරය සෘජුව කියාපෑමට නොපැකිලෙයි. එය කියවන්නාට නැවුම් අත්දැකීමකි."මම වගේ පෙනුමක් තියෙන කෙල්ලෙකුට ජයන්ත ආදරේ කරයිද කියල හිතන්න තරම් ඔළුවක් මට තිබුණෙ නෑ. තිබුණ වුනත් ඒ වයසෙ හැම කෙල්ලෙක් වගේම පාවිච්චි කලේ නෑ ."ඔහුගේ කෙටිකතා, කෙටිකතා වලට ප්‍රියතාවයක් දක්වන අයට නැවුම් අත්දැකීමක් වනු ඇත.owned-books