Jump to ratings and reviews
Rate this book

ප්‍රභානි

Rate this book

Paperback

1 person is currently reading
5 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (33%)
4 stars
2 (66%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Sendtorane.
4 reviews
September 24, 2017
බටුවන්ගල රාහුල හිමිගේ කියවූ පලමු පොතයි
මතුපිටින් පෙනෙනවාට වඩා ගැම්බුරු අරුතක් ඇත
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
May 9, 2020
බටුවන්ගල රාහුල හිමියන්ගේ රන්කරඬුව පොත කියවීමෙන් පසු ඇතිවූ පැහැදීම හේතුවෙන් ප්‍රභානි මිලදී ගත්තෙමි. ඒ මීට දෙවසරකට ආසන්න කාලයකට පෙරය. කොරෝනා වසංගතය හේතුවෙන් මා හට සිදු වූ එක් යහපත් දෙයක් නම් ප්‍රභානි පොත කියවීමට කාලයක් ලැබීමයි. එය අඳුරු වලාකුළක දකින්නට හැකි වූ රිදී පැල්ලමකි.

රාහුල හිමියන් මනස චිත්‍රණය කරන විලාසය මනරම්ය. එය කාන්තා චරිතයක මනස වීම ඊටත් වඩා විශේෂය. සත්‍ය වශයෙන්ම කාන්තා මනස ක්‍රියාකරනුයේ එයාකාරයෙන් යැයි විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාධක මෙතෙක් ගතකළ ජීවිත කාලය තුළ මට හමුවී නැත. එය නිවැරදිව අවබෝධ කර ගත හැකි එකදු පිරිමියෙකු හෝ මෙතෙක් බිහිව හෝ බිහි වීමට අවකාශ නැති බවද මම විශ්වාස කරමි.

එහෙත් කාන්තා මනස විචිත්‍ර ලෙස චිත්‍රණය කර ඇති බවට මා විශ්වාස කරන සන්නස්ගල ඇදුරන්ගේ නේත්‍රා කෘතියට පසු එයා ආකාරයේ නිර්මාණයක් මාගේ මතකප්‍රාප්තව ඇසුරු කරන පළමු වතාව මෙයයි. එහෙත් එය හා මෙය සම තත්වයේ ලා හෝ එම කියවීම් සම තත්ත්වයේ ලා සැලකීම සුදුසු නොවන බව මගේ අදහසයි. මේ ආරයන් දෙකම කාන්තා මනසෙහි එක් එක් ස්වභාවයන් එක් එක් පරිසර තත්ත්වයන්හිදී ප්‍රතික්‍රියා දක්වන ආකාරය හඳුනා ගැනීමට ගත් අගය කළ යුතු උත්සාහයක් ලෙස මම හඳුනාගමි.

ප්‍රභානි සෙමෙන් සෙමෙන් කියවීමට මට සතියකට වැඩි කාලයක් ගත විය. පැය වලින් ගත් විට එය සමහරවිට පැය දෙකක් තුනක් වන්නට ඇත. එහෙත් ඒ කල්ගෙවීම තුළ මා මනසින් විචිත්‍රණය කරගත් දසුන්වල නිමක් නැත. පුද්ගල රූපයන්හි සිට ඔවුන් ගමන්ගත් ඇසුරු කල පරිසරයන්හි විස්තරාත්මක කියවීම ඉන් එපිට ලෝකයක් මසිත තුළ මැවීය. එය රාහුල හිමියන්ගේ දක්ෂතාවය බව මම විශ්වාස කරමි.

මෙම පොත සරල කියවීමක් ලෙස නොගෙන අවශ්‍ය නම් අයෙකුට ජීවිතයේ තීරණාත්මක කියවීමක් බවට පත් කරගත හැකිය. මා එය එසේ පත් කර ගත්තෙකි. භාවනාව සහ යම් යම් ගුප්ත මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සැලකිය යුතු ලෙස නිශේධනාත්මක අදහස් දැරූ මම දැන් ඒ පිළිබඳ සැලකිය යුතු ලෙස විවෘත අදහසක් දරමි. එය රාහුල හිමියන් ප්‍රභානි හරහා මා තුළ ඇති කරන ලද වෙනසයි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.