Jump to ratings and reviews
Rate this book

පුරුදු පාර

Rate this book
Travel in Ceylon.

411 pages, Paperback

First published January 1, 1940

7 people want to read

About the author

W.T. Keble

2 books2 followers
William Thomas Keble M.A. (Oxford) was the founder of S. Thomas' Preparatory School, an eminent British scholar, author, educationalist, and an alumnus of Keble College, Oxford, which is named after his maternal great-uncle John Keble. He arrived in Ceylon (the name for Sri Lanka during the British colonial governance) in 1928 to join the staff of S. Thomas' College, Mt. Lavinia, during the tenure of warden Kenneth McPherson. He was the author of several books, including Ceylon, Beaten Track, A History of St. Thomas' College, Colombo, and Astrapani: A Romance of Sigiriya, a novel based on Sigiriya.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
7 (77%)
4 stars
0 (0%)
3 stars
2 (22%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
September 25, 2024
Ceylon Beaten Track - W T Keble (1939)
පරිවර්තනය: පුරුදු පාර - ප්‍රේමචන්ද්‍ර අල්විස් (2001)

කීබල් එංගලන්තයේ ඉපදී එහි අද්‍යාපනය ලබා 1928 ලංකාවට පැමිණ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු ලෙසට සේවය කළේය.

1939 දී ඔහු කරනලද සංචාරය කොළඹින් ආරම්භ කර රටේ උතුරු කෙලවරට ගොස් ඩෙල්ෆ් ආදී දුපත්වල සැරිසරා ආපසු එන ගමනේදී තිරිකුනාමලය, මන්නාරම වැනි නැගෙනහිර ප්‍රදේශද අනුරාධපුර, පොලොන්නරුව, කතරගම, දඹුල්ල වැනි පුරාණ නගරද, නුවරඑලිය, බණ්ඩාරවෙල, ඇල්ල වැනි සංචාරක ආකර්ෂණය ලබාගත් නගරද, මඩකලපුව, මාතර, ගාල්ල වැනි මුහුදුබඩ නගරද කොළඹට පැමිණි පසු කොටුව, කොල්ලුපිටිය, කෝට්ටේ වැනි ප්‍රදේශද ආවරණය වන පරිදි අවසාන කර ඇත.

ඔහු සංචාරයේ යෙදුනු තැන් වල ඔහුට කලින් සංචාරයේ යෙදුනු මේජර් ටී ස්කිනර්, එමර්සන් ටෙන්ට්, පිලිප් බැල්වුඩ්ස්, සෙලිග්මාන්, ආර් එල් ස්පිට්ල් වැනි ගවේෂකයන් විසින් ආවරණය කරනලද කරුණුද ඉබන් බතුතා, සහ පාහියන් භික්ෂුව වැනි ආදී කාලින දේශාටකයන් විසින් තබනලද සටහන්ද ඔහු මෙම පොතට ඇතුලත් කර ඇත.

ක්‍රිපු 247 දී දේවානම් පියතිස්ස රජු මහා විහාරය සංඝයාට පුජාකිරීම, ජය ශ්‍රී මහා බෝධි ශාකාව ලංකාවට රැගෙන ඒම, මහානාම භික්ෂුව විසින් මහා වංශය රචනා වීම ඇතුළු ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය සවිස්තරව ඉදිරිපත් කර ඇත.

1800 දී මඩකලපුවට සංචාරය කල කොර්දියර්ට අනුව එහි වැසියන් පරෝපකාර්යේ යෙදෙන්නෝ වෙති. උපන් බිම අතහැර යාමේ කිසිඳු කැමැත්තක් ඔවුනට නැත. සමස්ත භූමියම එක් එක් පුදගලයාගේ දේපල ලෙසට සලකනු ලබන්නේය.

1879 විලියම් ග්‍රෙගරි කල සඳහනකට අනුව කල්මුනේ ඇතුළු ඊසාන ප්‍රදේශවල වනය එලිකිරීමෙන් බිහිවූ අක්කර විසි දහසක පමණ කුඹුරු යාය ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් හතරින් එකක් නිපදවනු ලබන්නේය.

කතුවරයාට අනුව මුහුදත් වැල්ලත් හැර අන් කිසිවක් නොදැක කිසිවක් නොකර කාලය ගතකිරීම සඳහා පැමිණීමට ලෝකයේ ඇති හොඳම තැන අරුගම්බේ බොක්ක ය .

මේජර් රොජස් අලි ඇතුන් එක්දහස් හාරසියයකට වැඩි ප්‍රමානයක් මරාදැමූ වැවිලිකරුවෙක් විය. හපුතලේ - බදුල්ල මාර්ගය අද්දර නිවසක සිටියදී අකුණක් වැදීමෙන් ඔහු මියගියේය. ඔහුට පමණක් නොව ඔහුගේ සුසනයටද හෙන පතිතවී විනාශවී ඇත.

රටේ මාර්ඝ පද්දතිය නොදියුණු තත්වයක පැවති, වන ග්‍රහණය අධික 1939 වැනි කාලයක තනිවම තම මෝටර් රථය එලවමින් ලංකාව පුරා සංචාරය කිරීමට තරම් නිර්භිතවූ කතුවර කීබල් ආත්ම ශක්තිය අගය කලයුතුය.

ලංකාවේ ඉතිහාසය සහ පුරාන සංස්කෘතිය ගැන ඉංග්‍රීසි කතුවරුන් විසින් ඉදිරිපත් කර ඇති ගවේෂණ ලිපි සහ පොතපත අපේ සාහිත්‍ය වර්ධනයට මහඟු සේවයක් කර ඇත.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.