Jump to ratings and reviews
Rate this book

ගිරිකුල

Rate this book

243 pages

3 people are currently reading
80 people want to read

About the author

Shanthi Dissanayake

23 books57 followers
ශාන්ති දිසානායක (Sinhala)

Shanthi Dissanayake is a distinguished Sri Lankan author known for her evocative and insightful literary works. Her novels often delve into the intricacies of rural life and the human condition, capturing the essence of Sri Lankan culture and society. Some of her notable books include “ගිරිදේවි” (Giridevi), “වරාමල්” (Waramal), and “එරන් ලන්දු” (Eran Landu). Her writing has earned her numerous literary awards and a dedicated readership.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (40%)
4 stars
4 (26%)
3 stars
3 (20%)
2 stars
1 (6%)
1 star
1 (6%)
Displaying 1 of 1 review
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
July 28, 2019
මා ශාන්ති දිසානායක ලේඛිකාවගේ කියවා තිබුනේ "වරාමල්" සහ (ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරීම හේතුවෙන් -එහෙත් එම කෘතියේ නමට ගැලපෙන නවකතාවක් වූ ), "පරඬැල්" යන කෘතීන් පමණකි. එහෙත් මා ඉඩ ලබුණු විට සමන් වික්‍රමාරච්චි ගේ විචාර කියවනා හෙයින්, තවත් ලැබූ ඉඩක් භාචිත කරමින් "ගිරිකුළ" කියවූවෙමි. ඒ යා යුතු ම කාර්යාලීය විනෝද ගමනක දීර්ඝ බස් ගමනක් හා සමස්ත ලෙස ඒ දින දෙක භාවිත කරමිනි - කෘතියෙන් අඩකටත් වඩා කියෙව්වේ බසයක ගමන් ගනිද්දීය. එයත් හොඳ කාල ප්‍රයෝජනයක් යැයි සිතමි. මීට වඩා බලාපොරොත්තු තබාගෙන කියවන පොතක් මා එසේ කියවනු ඇතැයි සිතිය නොහැක.

වික්‍රමාරච්චිගේ කිනම් කියමනක් මා මෙම කෘතිය කියවීමට පෙළඹෙව්වේ ද? 2003, මාර්තු 23 වන ඉරු දින ලක්බිම පතර්යට "අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය සොයා ගතිමි", යන අමුතු මැ යැති ලිපියයි ( මා එය කීවේ සමන් ගේ (අ)විචාර සමය යන පොතෙනි.).

ඔහු ගේ කියමන් දෙක මා අවදානය ගත්තේ ය;

"මෙම නවකතාවට ඇය ලියන පෙරවදනේ සඳහන් වන පරිදි ඇය ලියන්නේ 1940 දශකයේ ඇරඹි ගොවි ජනපදයක මුල් පදිංචිකරුවන් පිළිබඳවය...
එහෙත් මෙම නවකතාවේ නව ගොවි ජනපදයක බිහිවීම නාම මාත්‍රික වූ පුවතක් පමණක් වී ඇත...
ඒ වෙනුවට ඇය අර ගොවි ජනපද පසුබිම් කොට දවසරින මිනිසුන්ගේ ලිංගිකත්වය සහ රමණය ම තේමා කොටගත් නවකතාවක් ලියන්නීය." ( 9 පිටුව - (අ)විචාර සමය )

"මෙම නවකතාව ඉවසිල්ලෙන් කියවන ඔබට අනුරපුර වාසී ස්ත්‍රියක හමු ව පුරුෂයා, ස්ත්‍රිය සහ රමණය පිළිබඳ හැඟවුම් කාරක රැසක් සොයාගත හැකිවනු ඇත. පුරුෂයා යනු මේ ස්ත්‍රී චින්තනයට අනුව සද්දන්ත රූපකායකි. ස්ත්‍රිය නම් විශාල දෙතනක් සහ පුලුකුළක් පමණි.( ස්ත්‍රී ශරීරය පිළිබඳ ඇගේ පාරභෞතිකමය ගොඩ නැංවීම එයයි ). රමණය වූ කලී මේ ගැහැනිය පුරුෂයෙකුට අවනත වීම සහ යට වී සිටීම ය." ( 11 පිටුව )

මෙම කියමන් දෙක, නවකතාව හා සසඳද්දි දෙවැනි කියමනේ යම් සත්‍යයක් තිබුන ද, පළමු කියමන අසාධාරණ යැයි සිතුණි. නවකතාවට පාදක වනුයේ අනුරාධපුර සේනපුර කොළනිය සහ කුරුණෑගල උහුමීය නම් වූ පෙදෙස් ය. ඉතින් මේ කියන ලිංගිකත්වය පිළිබඳ කාරණාව මේ පෙදෙස් දෙක උදෙසා ම සත්‍යය ය. මුතු මැණිකා සුදු බණ්ඩා ව වසඟයට ගන්නේ උහුමීයේ දී ය. ඉන් පසු බොහෝ සිදුවීම් සිදුවන්නේ සේනපුර නිසා ත්, උහුමීයේ චරිත පසුබිමට යන නිසාත්, එතැනින් පසු අර ලිංගිකත්වය ගැන විස්තර බොහෝ කියැවෙන්නේ සේනපුරබව හැබෑව. එලෙස ම සමන් කියනා පරිදි, පුරුෂයෙකු නම් මෙසේ යැ, ස්ත්‍රියක නම් මෙසේ යැ, යන ලේඛික චින්තනය ඉතා පැහැදිලිව කියවෙන්නේ එසේ නොවන චරිත ( ඇදුම් රෝගියෙකු වන හීං බණ්ඩා දුර්වලයෙකු ලෙසත්, පෙර කී ශරීර ලක්ෂණ නොමැති කළු මැණිකා ට දරුවන් වැදිය නොහැකි බවත් ඇය පැහැදිලිව අඟවයි ).

මා එකඟ නොවන්නේ "ගොවි ජනපද පසුබිම් කොට දවසරින මිනිසුන්ගේ ලිංගිකත්වය සහ රමණය ම තේමා කොටගත් නවකතාවක්.." යන්නට ය. ලිංගිකත්වය මෙහි යහමින් ඇත. එහෙත් සමන් ම කියනා පරිදි ඉවසිල්ලෙන් මෙය කියවුවහොත්, මෙහි එන සියළුම ස්ත්‍රී චරිත පාහේ එම පරිසරයේත්, පුරුෂයංගේත්, වෙලේ -හේනෙත්, දරු දැරිවියන්ගේ ත්, පීඩන, වගකීම්, වැඩ රාජකාරී හමුවේ ගිරිකුළු මෙන් නොසැලී සිටීමට යත්න දැරීම යන්න තේමා කොටගත් බව පැහැදිලිය. මීට හොඳම නිදසුන් චරිත කිහිපයක් තුලින් අපට දැක ගත හැකිය. පළමුවැන්න ඩිංගිරි අම්මාගේ චරිතයයි. ඇය තම ස්වාමියාගේ උවමනාවට යටත් වීම හේතුවෙන් අකල් වියෝවක් උරුම කම් ලැබීය. මුතු මැණිකා තමන්ට ම කියා තැනක් නොමැතිව තැනින් තැන යන්නේ, ප්‍රයෝගයක් මගින් තමනට නිවෙසක් අත් පත් කරගන්නේ පිරිමින්ගේ උවමනාවන් ට අවනත වීම නිසා ය.

එලෙස ම ලාංකේය ලක්ෂණයක් ( මේ දකුණු ආසියාතික ද විය හැක ), නොවිය යුතු එක්බීමක් වුවහොත් ගැහැණුන් ම ගැහැණුන් ව වැරදි කරුවන් කිරීමට ඇති නැමියාවයි. මෙය මේ නවකතාව පුරාවට ම දැකිය හැකිය. එනම් ගැහැණිය ම පුරුෂයා ට "නිදහසක්" ලබා දී, ගැටළුවක් මතු වූ විට වරදේ බැඳුණු ස්ත්‍රිය ට ම "ගල් ගසන්නට" බලා සිටීම ය.

අනෙක් කාරණාව මේ කෘතිය පාදක වන්නේ 1940 දශක යන්නයි. අධ්‍යාපනයේ අඩුකම, ආදිකාලීන ආකල්ප සහ ලිංගික එක්වීම හැර අන් විනෝදයක් නොතිබූ යුගයක් බව ද තේරුම් ගත යුතුය. කෘෂිකාර්මික කොලණි පසුබිමක් ම වුව, වරාමල් අවදානය යොමු කරන්නේ, ගිරිකුළ අවදානය යොමු කරනා යුගය ට වඩා ඉතා මෑත යුගයක් පිළිබඳව ය. ඒ අනුව, සමස්ත වශයෙන් ගිරිකුළ නිර්මාණය මගින් ශාන්ති දිසානයක එම යුගයේ එම මිනිස් කොට්ඨාශ පිළිබඳ සාර්ථක හරස් කැපුමක් ඉදිරිපත් කර ඇති බවකි මගේ නම් අදහස. ඇය තව කී වතාවක් මේ කාර්‍යය ම තම අන් නවකතා මගින් සිදු කර ඇද්දැයි යන්න කීමට මම නොදනිමි (ඇගේ හැන්දෑව කෘතිය මා සතුව ඇතත් තවම කියවා නැත.එනම් ඒ යුගයේ ඒ පරිසරයේ ගැහැණු මුහුණ දුන් අනේක විධ අභියෝග පිළිබඳ හොඳ කියවීමකි. මෙහි ගැහැණුන් ට වධ හිංසා කරන පිරිමින් හමු නොවේ -එහෙත් එම ජීවන යාත්‍රාව තුල වුව ස්ත්‍රීයක් ලෙස ගිරිකුලක් මෙන් රුදුරු චන්ඩ මාරුතයට මුහුණ දිය යුතුය.)

මේ නවකතාව එම කාලය මත පිහිටුවා කියවන කල එතරම් දොසක් නොදක්කිනෙමි. මෙහි එන චරිත රාශිය පිළිබඳ ඈ අවදානය යොමු කොට ඒවා ගොඩ නගා ඇති අයුරු ද අපූරුය ( වෙසෙසින් කෘතියේ අවසන් භාගයේ මැනවින් ඉදිරිපත් කොට ඇති අනුලාවති චරිතය විශිෂ්ඨ ලෙස ගොඩ නගා ඇත්තේ, ඈ තුලින් කාන්තාවගේ ඉවසීමට ද සීමාවක් ඇතැයි යන්න ඒත්තු ගන්වමින්, ඒ හා පරම්පරා වනස ද පෙන්නුම් කරමිනි. හේතු හාමි චරිතය, ඩිංගිරි අම්මා ගේ චරිතය, මුතුමැණිකා ගේ චරිතය, හීං බණ්ඩා ගේ චරිතය ආදි සියළු චරිතයන් ට පන පොවා, සජීවිව හා තාත්විකව ගොඩැ නගා ඇත. මෙය කෘතිය මේ ලේඛිකාවගේ සාර්ථක ම කෘතීන් අතරඉන් එකක් විය යුතු ‍යයි විශ්වස කරමි.

( 2002 මුලින් ම ප්‍රකාශයට පත් වූ මෙම කෘතියේ මා අත ඇත්තේ 2018 ප්‍රකාශ වූ සවෙනි මුද්‍රණයයි )
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.