Jump to ratings and reviews
Rate this book

සුවඳ සන්නිය

Rate this book

176 pages, Paperback

Published January 1, 2016

1 person is currently reading
2 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
2 (66%)
3 stars
1 (33%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
December 25, 2017
2016 ප්‍රකාශයට පත් වූ නවකතා අතුරින් මා කියවූ පස්වැන්න සුවඳ සන්නිය යි. මහාසාමි නම් වූ මහැඟි කෘතියෙන් පසු ලේඛිකාව ලියූ කෘතියක් කියවීමට පෙළඹවීම ස්වභාවික කරුණක් වුවද, පොත් පිළිබඳ සාකච්ඡා කරන දෙදෙනෙකු මේ පොත ඉතා ඉහළින් වනද්දී, අයෙකු කීවේ මෙය තවත් මාගම් සෝළියක් බවත්, එතරම් ම අසාර්තක කෘතියක් බවත් ය.


එහි මාගම් සෝළිය ආරේ අභව්‍ය සිදුවීම් නැතුවා නොවේ. වෙසෙසින් සුවඳි පිළිබඳවත්, පසුව ඇය හා කුණු බන්ධියා පිළිබඳව ලියැවුණු කොටසුත් මායා යතාර්තවාදී රීතීය උඩ ලියැවී ඇත. එහෙත්, මෙහි එම රීතිය කෘතිය වෙළාගෙන නවකතාවේ ප්‍රධාන ධාරාව අඩපන කොට නැත ( මාගම් සෝළියේ නැතිනම් වුල්ෆැන්දාල් ස්ට්‍රීට් හි මෙන් ). එය කතුවරිය හමුවේ, ප්‍රධාන කතාන්දරය සුදුසු තැනට ගෙන ඒමට ආධාරකයක් පමණි. වෙසෙසින්, දීර්ඝ කාල පරිච්ඡේදයක් හලුළුවා ඉදිරිපත් කරලීමේ ප්‍රයෝගයක් වැනිය. ඉන් ඔබ්බට විසිවන සියවසේ දෙවෙනි කාර්තුව පමණ අලලා කොළඹ ආශ්‍රිත ව ලියැවී ඇති කොටස ඉතා රසවත් ය.


මා සිත් ගත් කොටසක් වූයේ, පොල්වත්තේ ලොන්ඩරිය පිළිබඳ කතාවයි. මා පාසැල් යන සමයේ , බේරේ වැව ට ඔබ්බෙන් පෙරහර මාවතේ මෙම ලොන්ඩරිය ක්‍රියාත්මක වූ බවත්, රෙදි වැල් බොහෝ ගණනක් එකල තිබූ බවත්, මෑතක් වන තුරු ම එය ක්‍රියාත්මක වූ බවටත් හීන් මතකයක් ඇත. අද වන විට එම ගොඩනැඟිලි වලින් බහුතරයක් බිඳ දමා ඇතැයි සිතමි. කළු පැහැ ගැන්වුණු එම ගොඩනැඟිලි මෑතක් වන තුරු ම තිබිණි. වරෙක හෝ දෙකක, කුල ක්‍රමය අහෝසි වීගෙන යන සමයෙක, මෙතැන ,එතරම් රෙදි කන්දරාවක් සේදෙන්නේ ඇයි යන ප්‍රශ්නයක් ඇති වුව ද , ඊට ඔබ්බෙන් ඒ පිළිබඳ විමසීමේ උවමනාවක් මා තුල නොවුණි. පොල්වත්තේ ලොන්ඩරිය පිළිබඳ කෘතියේ සඳහන, මෙලෙසය:

"ඒ සන්තෝසෙන් ම පොල්වත්තේ ලොන්ඩරියේ අලුත රාජකාරියට පහුවදා හිට ම පිටත් වෙන්නට හැකි විය. මේ ලොන්ඩරිය හිතින් හිතාගන්නටවත් බැරි තරම් විසාල එකකි. සුදු මහත්තැන්ලාගේ තැපරබෝන්, ගෝල්පීස් ආදි මහ හෝටල්වලත් රෙදි කඳු ගැහී කිලුටු රෙදි තෝරන කාමර තිහට එක්කාසු කෙරෙයි. දෑහැ අදහා ගන්නටත් අමාරු රෙදි හෝදන සාලාව උහට වහල ගැහූ මහා පතරංගයකි. කොටු කැපූ සුදු මාබල් වතුර ටැංකි එක එකක බාසුන්නැහේලා අපට මීළඟට කරන කටයුත්ත ගැන කියා දෙමින් පසු වූහ. මේ වතුර ටැංකියට ඉදිරියෙන් හරි හතරැස් දිගැටි කළු ගලක් ගණනේ ද බැඳ තිබුණේ ය." (78 පිටුව )


අන් තැනෙක, අද වන විත පර්චසය රුපියල් මිලියන ගණණකට හෝ ඉඩමක් සොයා ගත නොහැකි, ධනවතුන් වෙසෙන තිඹිරිගස්යාය පිළිබඳ කියවෙන කොටස පසුගිය වසර 80-100 අතර සිදූ වූ වෙනස්කම් රැස ගැන කියා පායි. එහෙත් මෙහි සීඝ්‍ර වර්ධනය සිදු වූයේ ඉතා මෑතකය.


"හැලමර් වීදියේ සද්දන්ත මාලිගාවේ මැද මිදුල අද්දර පසුපස උසට බිච්චි බැඳ තිබූ දිග කාමරය අස්ස ඉස්තාලය වුණේ ය. අස්සයින්ට නිතර නිතර ඇඟ කසා ගන්නටත්, ඉඳහිට කටේ දමාගෙන හපන්නටත් පිදුරු හා රට තණකොළ ගෙනෙන්නට සුමානයකට දෙතුන් වතාවක් ම තිඹිරිගස්යාය කුඹුරු ඉඩම් දක්වා ම යාගන්නට මට සිද්ද වුණේ ය. හිවලුන් හා කබරගොයින් ද අඳුන් දිවියන් ද ගහන මේ පාළු ගම්මානයට යන්නට මා මනාප වුණේත් වෙන කළ හැකි දෙයක් නති කමට ම ය." (118 පිටුව )


එක් සමාජ ස්ථරයක් විසින් ඊට පහලින් ඇති ස්ථර


මගේ අවංක හැඟීම නම් පසු ගිය සම්මාන උළෙල වල දී මේ කෘතියට මීට වඩා අවදානය යොමු වීමට තිබුණු බවකි. පිටු 176ක් තුල මෙතරම් සිදුවීම පරාසයක් ලියැවී ඇති මේ කෘතිය කියවීම පාඨක අපට කාලය අපතේ නොයෑමක් බව නම්, ඉඳුරා කිව හැකිය.

යේ රී රී මාංසේ උරා බීම, සුවඳි ගේ කඳු බෑවුම් පිහිටි ගම්පලාත් වල පරිසරයේ මේ කාලය වන විට සිදූ වූ වෙනස් කම්, නිදහස ට පෙර යුගයේ වූ දේශපාලන හැලහැප්පීම්, දෙවෙනි ලෝක යුධ සමයේ රටේ තිබූ අහේනිය සහ වෙසෙසින් කොළඹ ජීවත් වූ සමහර සමාජ ස්ථර බිරිතානීන් රට හැර යාම කෙතෙරම් නොඉවසූවේ ද ආදි ඓතිහාසික සමාජ සිදූවීම්, හකුළා කෙටියෙන් එහෙත් පාඨකයා ට දැනෙන්න ට ලියැවී ඇති අපූරු නවකතාවකි.



( ඒ ඒ පරිච්ඡේදය අවසන සන්නි යකුන් පිළිබඳ කෙටි ලියැවිල්ලක් තිබුන ද, ඒ කොටස සුළුවෙන් ඒ පරිච්ඡේදය ට ආශ්‍රේය බවක් පිළිඹිබු කල ද, එම කොටස මා අවදාන්ය එතරම් දිනා ගත්තේ නැත. )
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.