Thilini Kasthuri49 reviews1 followerFollowFollowApril 23, 2025“Doomed King” කෘතිය පරිවර්තනය වන්නේ " නෙරපු රජු" යන ලෙස ය. එහි සිංහල පරිවර්තනය කරනු ලබන්නේ එච්. ජී. දයාසිසිර මහතාය. මෙහි ඉදිරිපත් කරන්නේ ලංකා ඉතිහාසයේ අවසන් රජු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ඔහුගේ රාජ්‍යත්වය පිලිබදවය. එහිදී අප සාම්ප්‍රදායික ඉතිහාසය තුළ ඉගෙන ගන්නා කරුණු පිළිබද තර්කානූකූලව අභියෝගයට ලක් කරනවා. එනම් අප ලාංකේය ඉතිහාසය තුල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හුවා දක්වන්නේ කුරිරු පාලකයෙකු ලෙසයි. මෙහිදී ශාස්ත්‍රීය විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබනවා යටත්විජිතවාදී ඉතිහාසකරණය තුල අපගේ ඉතිහාසය උඩු යටිකුරු කිරීමට සමත් වූ ප්‍රභවයන් උපුටා දක්වමින්. එහිදී අප හමුවේ තබන ප්‍රශ්නාර්තය වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ පුරාවෘත්‍තය සත්‍යක්ද යන්න පිලිබදවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත කරන ලේඛන වල හැසිරීම සහ සමකාලීන ප්‍රචලිත නොවූ ලේඛන උපුටා දක්වමින් අප දන්නා ඉතිහාසය උඩු යටිකුරු කිරීමට මහාචාර්‍ය ගණනාත් ඔබේසේකරයන් ගේ මෙම ග්‍රන්තය සමත්වෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතකරුවන් කුරිරු රජකුගෙන් ලංකාව බේරාගෙන ස්වාධීන රාජ්‍යක් බවට පත් කර ගත් බවට වන සාධාරණීකරනය කරන ලිඛිත මාදිලී උඩුයටිකුරු කිරීමට සමත් කෘතියකි මේ. එමෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේ කුරුරි ඝාතනය පිලිබද ඉතිහාසගත කතාන්දරයේ යටත් විජිත සම්භවය පිලිබද තර්කානුකූල මෙන්ම ශාස්ත්‍රීය හෙළිදරව්වක් කරනු ලබනවා මෙම කෘතිය මගින්. මෙම කෘතිය දෙස් විදෙස් ශාස්ත්‍රීයයන්ගේ පැසසුමට ලක් වී ඇති අතර තමන් සිටින රාමුවෙන් පිටත සිට බැලීමට කැමති සියලූ ශ්‍රී ලාංකිකයන් කියවිය යුතු ශාස්ත්‍රීය කෘතියක් බව කිව යුතුමය. මෙය සරල ලෙස සිංහල භාශාවට පරිවර්තනය කර ඇත. මෙය මහාචාර්‍ය ගණනාත් ඔබේසේකරන්ගේ විශිෂ්ටතම කෘතියකි. sinhala-books sl-history