What do you think?

මාෂල් ටිටෝ - රතු හිතුවක්කාරයා
හිටපු අයෝමය යුගෝස්ලියානු නායක මාෂල් ටිටෝ ගැන කියවීමට සිතා සිටියේ බොහෝ කලෙක පටන්. ඒත් ඔහු සම්බධයෙන් කිසිම පොතක් අත පත් වුයේ නැහැ. එහෙත් පසුගිය මාසේ අහම්බෙන් දිලීප ජයකොඩිගේ පරිවර්තනයක් වූ “මාෂල් ටිටෝ - රතු හිතුවක්කරයා” නම් අපූරු පරිවර්තනය කියවන්න ලැබුණා. සාමාන්‍යයෙන් නුහුරු නමක් තියෙන ලේඛකයෙකුගේ පොතක් කියවන්න මම ටිකක් අකමැති වුණත් මේ පොත පලකරලා තිබුණේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් නිසා හොඳ පොතක් විය යුතු යැයි පූර්ව නිගමනයකට ආවා. විජේසූරිය මහතා මෙතෙක් නරක පොතක් පලකරලා නැහැ මම දන්නා තරමට.
දිලීප ජයකොඩිගේ “මාෂල් ටිටෝ - රතු හිතුවක්කරයා” පරිවර්තනය කරලා තියෙන්නේ Jules Archer ගේ “Red Rebel; Tito of Yugoslavia” නමැති මුල් කෘතියෙන්. මෙය ඉතාම හොඳ පරිවර්තනයක් බව කිවයුතුමයි. සිංහල භාෂාව හසළ දැනුමකින් පාවිච්චි කරලා තියෙනවා වගේම ජයකොඩි ඉතාම සජීවී විදිහට අපිව පොතට බැඳ තබා ගන්නවා. අපිට දැනෙන්නේ ඇත්තටම අපිත් මාෂල් ටිටෝත් එක්ක යුගෝස්ලාවියානු සටන් බිමේ ඉන්නවා කියලයි. ලෝක යුද්ධ දෙකේදීම දුෂ්ට ජර්මන් හමුදාවලට එරෙහිව සටන් කරපු හැටි, ශීත යුද්ධ කාලේ සෝවියට් දේශයේ නායක ජෝශප් ස්ටාලින්ගේ ගෝරනාඩුවලට බිය නොවී යුගෝස්ලාවියාව මධ්‍යස්ථ රටක් විදිහට පවත්වාගෙන ඇමරිකානු ආධාර පවා ලබාගෙන ඉක්මන් සංවර්ධනයක් ඇති කරගත් අයුරු, නොබැඳි ජාතීන්ගේ සංගමයට මුල පිරූ අයුරු ඇත්තටම විශ්වාස කරන්නත් බැරි තරම් පුදුමයි. ඒත් පසු කාලෙක (ටිටෝගෙන් පසුව) යුගෝස්ලාවියානු ජනරජය සීසීකඩ කැඩී බිඳී ගිය අයුරු නම් කණගාටුයි. හරි හමන් දැඩි තීරණ ගත හැකි නායකයෙකු නොසිටියොත් අපේ රටට වුණත් මේ දේ පහසුවෙන්ම වෙන්න පුළුවන්.
දිලීප ජයකොඩි තවත් පොත් කිහිපයක්ම ලියලා තියෙනවා කියලා අන්තර්ජාලයෙන් දැනගත්තා. ඉදිරියට ඉඩ ලැබෙන විදියට ඒවත් කියවන්න බලාපොරොත්තු වෙනවා.

Paperback
About the author
Dileepa Jayakody
21 books15 followersදිලීප ජයකොඩි (Sinhala)
දාස භාර්යා, ගිණි දියණි, මොන මගුලක්ද මංදා වැනි පරිවර්තන රාශියක් රචනා කළ ඔහු නිල් දිය යහන වාසනා දිනේකි මේක වැනි ස්වතන්ත්‍ර නිර්මාණ ද පාඨකයාට දායාද කොට ඇත.

Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 1 of 1 review
March 2, 2018
හිටපු අයෝමය යුගෝස්ලියානු නායක මාෂල් ටිටෝ ගැන කියවීමට සිතා සිටියේ බොහෝ කලෙක පටන්. ඒත් ඔහු සම්බධයෙන් කිසිම පොතක් අත පත් වුයේ නැහැ. එහෙත් පසුගිය මාසේ අහම්බෙන් දිලීප ජයකොඩිගේ පරිවර්තනයක් වූ “මාෂල් ටිටෝ – රතු හිතුවක්කරයා” නම් අපූරු පරිවර්තනය කියවන්න ලැබුණා. සාමාන්‍යයෙන් නුහුරු නමක් තියෙන ලේඛකයෙකුගේ පොතක් කියවන්න මම ටිකක් අකමැති වුණත් මේ පොත පලකරලා තිබුණේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් නිසා හොඳ පොතක් විය යුතු යැයි පූර්ව නිගමනයකට ආවා. විජේසූරිය මහතා මෙතෙක් නරක පොතක් පලකරලා නැහැ මම දන්නා තරමට.
දිලීප ජයකොඩිගේ “මාෂල් ටිටෝ – රතු හිතුවක්කරයා” පරිවර්තනය කරලා තියෙන්නේ Jules Archer ගේ “Red Rebel; Tito of Yugoslavia” නමැති මුල් කෘතියෙන්. මෙය ඉතාම හොඳ පරිවර්තනයක් බව කිවයුතුමයි. සිංහල භාෂාව හසළ දැනුමකින් පාවිච්චි කරලා තියෙනවා වගේම ජයකොඩි ඉතාම සජීවී විදිහට අපිව පොතට බැඳ තබා ගන්නවා. අපිට දැනෙන්නේ ඇත්තටම අපිත් මාෂල් ටිටෝත් එක්ක යුගෝස්ලාවියානු සටන් බිමේ ඉන්නවා කියලයි. ලෝක යුද්ධ දෙකේදීම දුෂ්ට ජර්මන් හමුදාවලට එරෙහිව සටන් කරපු හැටි, ශීත යුද්ධ කාලේ සෝවියට් දේශයේ නායක ජෝශප් ස්ටාලින්ගේ ගෝරනාඩුවලට බිය නොවී යුගෝස්ලාවියාව මධ්‍යස්ථ රටක් විදිහට පවත්වාගෙන ඇමරිකානු ආධාර පවා ලබාගෙන ඉක්මන් සංවර්ධනයක් ඇති කරගත් අයුරු, නොබැඳි ජාතීන්ගේ සංගමයට මුල පිරූ අයුරු ඇත්තටම විශ්වාස කරන්නත් බැරි තරම් පුදුමයි. ඒත් පසු කාලෙක (ටිටෝගෙන් පසුව) යුගෝස්ලාවියානු ජනරජය සීසීකඩ කැඩී බිඳී ගිය අයුරු නම් කණගාටුයි. හරි හමන් දැඩි තීරණ ගත හැකි නායකයෙකු නොසිටියොත් අපේ රටට වුණත් මේ දේ පහසුවෙන්ම වෙන්න පුළුවන්.