Jump to ratings and reviews
Rate this book

19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටි කතා

Rate this book

286 pages, Paperback

Published January 1, 1991

7 people are currently reading
109 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
12 (54%)
4 stars
4 (18%)
3 stars
3 (13%)
2 stars
1 (4%)
1 star
2 (9%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Janith Pathirage.
578 reviews14 followers
February 21, 2021
This book is a must read for any Dadigama Rudrigu fan. Few short stories you could also find in his other anthologies like "Belkinge Katha" but overall, there were some great 19th century Russian short stories in this collection by different great Russian authors of the time. It's a shame this type of stories are not been translated that often.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
June 14, 2023
විශිෂ්ට රුසියානු ලේඛකයන්ගේ කෙටි කතා එකතුවකි.
එක් එක් කතාවන්, මිනිසාගේ එක් එක් දුර්වල පැතිකඩයන් මෙන්ම, අදහාගත නොහැකි ගත පැවතුම් ද කියා පාන අපූර්ව එකතුවකි
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 27, 2024
19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටිකතා
අනුවාදනය - දැදිගම රුද්‍රිගු (1991)

ඉංග්‍රීසි, ප්‍රන්ස, ජර්මන් ආදී යුරෝපිය සාහිත්‍යයන් අතරින් ඉතාම ලා බාල සාහිත්‍යය රුසියානු සාහිත්‍යයයි. අනෙක් රටවල සාහිත්‍යයන් ඉතා දීර්ඝ කාලයක් කෙමෙන් විකාශනය වෙමින් ලබාගත් ශ්‍රේෂ්ඨ ස්ථානයට සමවන ස්ථානයක් සුළු කාලයකදී රුසියානු සාහිත්‍ය ලබාගෙන ඇත.

දියුණු වූ සාහිත්‍යයන් ඇති අන් සියලු ජාතීන්ට වඩා දක්ෂ අන්දමින් අභ්‍යන්තරික සිතුම් පැතුම් හා ගුඪ චයිතසික ධර්මයන් ප්‍රකාශ කිරීමට රුසියානු කෙටිකතාකරුවන් සමත්වී ඇත. රුසියානු සාහිත්ය පිළිඹඳ නියම අවබෝදයක් ලබාගැනීමටනම් රුසියානු කෙටි කතාව ගැන අවධානය යොමුකළ යුතුය.

රුසියානු සාහිත්‍යය දීර්ඝ කාලයක සිට උසස් යයි සම්මතව ලොව ප්‍රචලිත විය. එය රුසියන් රාජ්‍ය ආණ්ඩු සමයේත් පසුව විප්ලවයෙන් බිහිවූ සෝවියට් සාහිත්‍ය ලෙසටත්, විප්ලවයෙන් පසු සාහිත්‍ය ලෙසටත්
රුසියානු සමාජයේ විවිධ පැතිකඩ ගැඹුරින් විශ්ලේෂණය කරමින් නිර්මාණය කරනල්ද්දකි.

රුසියානු සාහිත්‍ය ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගෙන් ආරම්භවී මැක්සිම් ගොර්කිගෙන් අවසන් විය.

ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකොෆ්, අලෙසැන්ඩර් පුෂ්කින්, දොස් දොව්ස්කි, නිකොලයි ගොගොල් සාර් ආණ්ඩු සමයේ බිහිවූ ලෝක පුජිත සාහිත්‍ය කරුවන්වේ. මොවුන්ගේ නිර්මාණවල පරිහානියට පත්වන රදල සමාජයත්, දුෂිත නිලධාරී පන්තියත් උපහාසයට සහ විවේචනයට ලක්කර ඇත.

මිහායල් ෂෝලහොව්, කින්ගිස් අයිත්මාතිව් (ගුරු ගීතය) රුසියන් විප්ලවය සමයේ සහ පසුව ප්‍රසිද්දියට පත් සාහිත්‍ය කරුවන් වේ. මොවුන් වස්තු බිජ කර ඇත්තේ නිර්ධන පන්තිය සහ සාමනය ජනතාව අත්විඳින ප්‍රශ්නයි.

සාර් රාජ්‍ය සමයේ රුසියාව බලප්‍රදේශ රාශියකට පැතිරුණ සමුහ ආණ්ඩුවක් විය. එහි බටහිර මායිම නැගෙනහිර යුරෝපයේ සීමාව දක්වා විහිදෙන යුක්රේනය සහ කළු මුහුද, කැස්පියන් මුහුද අතර බිම් තීරුවට සීමාවූ අසර්බයිජානය, ජෝර්ජියාව ද, මැද පෙරදිග රටවලට කෙළවරවූ තුර්කියද වේ.

යුක්රේනය සහ කැස්පියන් රටවලින් බිහිවූ ලෝක පුජිත රුසියානු සාහිත්‍යධරයින් බොහොමයක් ඇත.

නොබෙල් ත්‍යග ලාභී "පෙරළු නැවුම් පස" නවකතාවේ නිර්මාතෘ මිහායෙල් ෂෝලහොව් යුක්රේනයේ දොන් නදිය අසල දොන් බාස්ක් ප්‍රදේශයෙන් බිහිවූ සාහිත්‍ය ධර්යෙකි. යුක්රේනයේ ප්‍රසිද්ධ වරායක් ඇති ක්‍රිමියානු අර්ධද්වීපය රුසියානු සාහිත්‍ය නිර්මාණ වල බහුලව භාවිතාවන ප්‍රදේශයක් වේ.

සාර් රාජ්‍ය සමයේදී බොහෝ කාලයක් කොකේසියන් කඳුකරයේ සහ තුර්කිය සමඟ යුදගිනි ඇවිලෙමින් තිබිණ. මෙම සිදුවීම් වලට ආවේනිකවූ සාහිත්‍ය නිර්මාණ බිහිවිණ.

"යුද්ධය සහ සාමය" රුසියාවට එරෙහි නැපෝලියන් කල ආක්‍රමණය ටෝල්ස්ටෝයි විසින් ප්‍රබන්ධයට ලක්කරන ලද ලෝක පුජිත නවකතාවකි.

මෙම කෙටිකතා එකතුවේ අන්තර්ගත;

මිහයිල් සල්තිකොව් ශේදරින් ගේ "ගැමියෙක් ජෙනරාල් වරුන් දෙදෙනෙක් පෝෂණය කල හැටි" කෙටිකතාව නිලධාරි පන්තිය දරන පරපෝෂිත ආකල්ප නිරුපනය කරන්නකි.

ලියෝ ටෝල්ස්ටෝයි ගේ "ඉවාන් ඉල්යිච් ගේ අභාවය' රදල සමාජයේ කිසිවෙකු විශ්වාස නොකරන, තරඟකාරී, ව්‍යාජ සහ පුහු ජිවිත පිළිඹඳව කරනලද උපහාසාත්මක නිර්මාණයකි.
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.