Prasad PolwatteAuthor 5 books13 followersFollowFollowMay 7, 2022ජනාධිපති තාත්තා - චතුරිකා සිරිසේනමෙමෙ පොත මිලදී ගත්තේ 2017 පොත් ප්‍රදර්ශනයේදීය, නමුත් කියවීමට උත්තේජනයක් නොතිබීමනිසා කියවීම ප්‍රමදවුයේය. කොරොනා මර්ධනයට පෑනවු ඈඳිරි නීතිය නිසා මෙම පොත කියවීමට අවස්තාව සලසාගත්තෙමි.මෙය සරල බසකින්, එකදිගට ගලායාමකින් යුතුව, නොනවත්වා කියවාගෙන ගියහෑකි පොතකි. එහි අන්තර්ගතයද කියවන්නාහට අලුත් දෑනුම් සම්භාරයක් එකතුකරනුලබන්නේය.අත්නොවිඳ ඈති පොලොන්නරුව වෑනි සුන්දර ග්‍රාමීය පරිසරය සහ ඔවුන්ගේ සරල ජීවනරටාව කියවීමෙන් මා කුල්මත්වුයෙමි.තවද මම නොදන්නා දේශපාලන ඉතිහාසය සහ එහි ප්‍රවනතා ගෑනද දෑනුවත්වුයෙමි.පියා 4 වාරයක් ඝාතන උත්සාහවලින් බේරීම, පලුදු නොකරගනිමින් දීර්ගකාලිනව දේශපාලන සම්බන්දතා පවත්යාමෙ හෑකියාව, බිම් මට්ටමේ සිට රටේ උසස්ම තලය දක්වා දෙශපාලනිකව අනුමතවු පුද්ගල චරිතයක් බවට පත්වීම, විරුද්ද පක්ශවල අනුග්‍රහයෙන් රහසිගතව චන්ද වියාපාරය ආරම්භකර අභියොගමෑද ජයග්‍රහනයතෙක් එය ගෙනයාම ඉතා ආකර්ශනීයලෙස ඉදිරිපත්කරා ඈත.ජනධිපතිවරන චන්ද දිනයේ රෑයේ මුලු පවුලම පොලොන්නරුව නිවසෙ සිට මරන බියෙන්යුතුව කුරුනෑගල ආසන්නයේ පොල්වත්තක ඈති නිවසකට ගොස් චන්ද ප්‍රතිපල සවන්දීම ඉතා කුතුහලය දනවන ලෙසට ලියාඈත.මෙය දකුනු අප්‍රිකාවේ ඩේලි ඩිස්පෑච් පුවත්පතේ කර්තෘ ඩොනල්ඩ් වුඩ්ස් විසින් කලු ජාතික වර්නවාද විරොධී තරුන නායක ස්ටීව් බිකො ඝාතනය ගෑන රච්ත "හඬනු මෑන නිදහස" පොතේ වුඩ්ස් පවුල ත්‍රාසජනක අත්දෑකීම් සහිතව දේශ සීමාව පෑනගෑනීමෙ කොටස කියවීමට සමානවේ."හඬනු මෑන නිදහස" පරිවර්තනය කර ඈත්තේ සුනිල් මාධවයි.මිලින්ද රාජපක්ශ විසින් රචිත "අයිතිකාරයො බාරනොගත් ලියුම් සියය පොතේ - ජනාධිපති තාත්තා පොත ලියු ලෙඛිකා චතුරිකා මහත්මියට" යන පරිචෙදයේ, මෙම පොත ලියා ඈත්තේ සුනිල් මාධව ප්‍රේමතිලක බවට සෑක පහලකරනු ලබන්නේය.චතුරිකා තම පියාගේ අවන්කභාවය, දුශනයට එරෙහිවීම, රට ජාතිය රෑකගෑනීමට ඈති උනන්දුව අතිශයෝක්තියෙන් විස්තරකර ඈත. නමුත් යහපාලන රජය ආරම්භවුසෑනින් මහ බෑන්කු අධිපති ලෙස අගමෑතිගේ මිතුරෙකුවුද විදේශිකයකුවුද අර්ජුන් මහෙන්ද්‍රන් පත්කිරීමත්, මවුබිමට කෝටි ගනනින් පාඩුවු බෑඳුම්කර නිකුතුවට චොදනා ලබන්නේය. නමුත් දෙශප්‍රේමී ජනාධිපති නිහඬව සිටීම අනුමත කල නොහෑක.රාජපක්ශවරුන්ගේ මරන තර්ජන වලට මුහුනදෙමින් තම චන්ද ප්‍රචාරය ගෙනගොස් ජනාධිපතිවීමෙන් පසු කාලයක් ගතවීමෙන් යහපාලන බලවතුන්ගේ පීඩනයෙන් හෙම්බත්වුපසු යහ පාලන රජයේම අගමෑතිලෙස මහින්දව ජනාධිපති විසින්ම යොජනා කිරීම දයිවයේ සරදමක් වියහෑක.ශ්‍රි ලන්කා නිදහස් පක්ශයට ඈති තම පාක්ශිකභාවය සියලු කෙනෙහිලිකම් අභියොගයන් මෑද දශක ගනනක්ම අකන්ඩව පවත්වා ආනමුත්, ජනාධිපතිවරන පරාජයෙන් පසු සිරිසේන ශ්‍රිලනිප අමතකකර පොහොට්ටුවෙන් නාමයොජනා අත්සන්කිරීමද සාමාන්ය චන්දදායාට තේරුම්ගත නොහෑකි සන්කීර්න දෙශපාලන මනොවිද්යාත්මක සන්සිද්දියකි.