What do you think?

X එක්ස්
‘... හුස්ටන්, අපට ප‍්‍රශ්නයක් තියෙනවා අප මේ ගැටලූව වාර්තා කරන්නේ තුන් වන වතාවටයි. ඔබගේ උපදෙස් පරිදි යාන්ත‍්‍රික දෝෂයක් දැයි සොයා බැලූව ද එවැනි කිසිවකු වාර්තා වූයේ නැහැ. නමුත් මෙම ගණනය කිරීමේ දෝෂය එන්න එන්නම වැඩි වෙනවා එමෙන්ම මෙහි රටාවක් දක්නට තිබෙනවා. මා මේ සමග එවන දත්ත අනුව ඒබව ඔබට වැටහේවි. ජූනෝ පරිගණක පද්ධතිය සූර්යයාට ඇති දුර ක‍්‍රමයෙන් අවරෝහණ වන බව දක්වනවා. නමුත් ස්ථායි චන්ද‍්‍රිකා පද්ධතියේ සිට බ‍්‍රහස්පතිට ඇති දුර මයික්‍රෝනයක්වත් වෙනස් වූයේ නැහැ. කරුණාකර මෙම අවස්ථාවේදී ක‍්‍රියා කිරීමට අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබා දෙන්න ...’
200 pages, Mass Market Paperback
First published June 7, 2018
About the author
සුසිත රුවන්
11 books55 followersDoctor : MBBS (Colombo)
Literature work:
''Ravana Meheyuma'' / Ravana Mission - In 2011
''E ohu nove'' / It wasn't him - In 2013
''Marayanaya'' - In 2015
''Ravana Meheyuma 2'' - In 2015
"Icarus Punaragamanaya / Return of the Icarus " - In 2017
" X " - In 2018
Studied at;
Faculty of Medicine - University of Colombo
Royal College· Colombo, Sri Lanka
Christ King College Pannipitiya
Aquinas College of Higher Studies Colombo
Living in Colombo, Sri Lanka

Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 2 of 2 reviews
December 5, 2018
X - සැබැවින්ම අපූරු විද්‍යා ප්‍රබන්ධයකි. ආතර් සී. ක්ලාර්ක් මැතිතුමන්ගේ 2001න් ඇරඹි තාරකා විද්‍යාවට සබැඳි විද්‍යා ප්‍රබන්ධයන් අතරට මෙම කෘතියද, සත්‍යයත් ප්‍රබන්ධයත් වෙන්ව හඳුනාගත නොහැකි තරමට යථාර්තවාදී අනාගත දැක්මකින් ලියැවුණු විශිෂ්ඨ නිර්මාණයක් වශයෙන් අවිවාදයෙන්ම එක් කළ හැකිය. මේ වෙනුවෙන් කර්තෘතුමා දරන්නට ඇති වෙහෙස හා කැපවීම මහත් සේ අගය කරමි.
හයවැනි පරිච්ඡේදය කියවා නිම කිරීමෙන් පසුව මා හට දැනුණු උද්වේගය අවසානය තෙක්ම එලෙසින්ම සෑම පරිච්ඡේදයකම රැඳී තිබුණි. සෑම පරිච්ඡේදයකදීම 'මේ ගැන කා එක්ක හරි තව ටිකක් සාකච්ඡා කරන්න තිබ්බානම්' යයි හැඟෙන තරමට මෙම කෘතිය කරුණු අතින්, කුතුහලය රඳවාගැනීම අතින් පොහොසත්ය. මෙහි සැබෑ රසය විඳින්නටනම් සෑම අකුරක් ඉලක්කමක් කෙරෙහිම දැඩි අවධානයකින් යුතුව එක දිගට පොත කියවාගෙන යා යුතුය. පසු පරිච්ඡේදවලදී 'අර ඉස්සෙල්ලා කියලා තිබුණේ මේක ගැනනේ,' ලෙස සිතන්නට ඉඩ සලස්වමින් පෙර පරිච්ඡේදවලට කරුණු සබැඳී ඇති අන්දම අපූරුය. ඇතැම් සිදුවීම් චිත්‍රපට ජවනිකා මෙන් මනසේ චිත්‍රනය වන අතර ඇතැම් උද්වේගකර සිදුවීම්වලදී අපද ඒ මොහොතේ එතැන සිටින්නාක් ලෙසින් සිතේ ත්‍රාසය ඇති කරවයි. අවසන් පරිච්ඡේදයේදී පෙර කී උද්වේගය එලෙසින්ම දැනුණේ නැති වුවද ඒ, මෙම කෘතියට තවත් ඈඳුතුවක් එක් වනු ඇති බවට බලාපොරොත්තු ගෙන එන පරිච්ඡේදයක් වූ නිසා පාඨකයෙකු ලෙසින් මා හට උද්වේගයට වැඩි උද්‍යෝගයක් ඇති වූ බව කිව යුතුය.
සියවස් ගණනක් පුරා විහිදෙන සිදුවීම් දාමයක්, සියවස් ගණනක් පුරා දිගහැරෙන ව්‍යාපෘති ජාලයක්, පිටු දෙසියයකට කැටිකොට 'සෞරග්‍රහ මණ්ඩලය දෙස වෙනස් ම කෝණයකින් බලන්නට' පොළඹවන රසවත් විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් මෙසේ සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව වෛද්‍ය සුසිත රුවන් කර්තෘතුමන්ටද, මියුසස් ප්‍රකාශන ආයතනයටද මාගේ නොමඳ ස්තූතිය පුද කරමි. X නිසා අපට අහවලාගේ 'ex' වන්නට සිදු වීමද, ඉන් මතු ඇතිවන අනපේක්ෂිත සිද්ධි දාමයද ප්‍රබන්ධයක්ම වේවාය යන්න මාගේ පැතුම වුවද නොස්ට්‍රඩාමස් ද ඒ ගැන කියා තිබෙනවානම් ඒ ගැන සුළුවෙන් තකන්නට බැරි බවද මම සිතමි.

May 2, 2022
Amazingly a good book. Author managed to keep the reader gripped to the pages. A significant amount of real science was used to design the story gives the confidence that the author has done some solid research..
Displaying 1 - 2 of 2 reviews