Jump to ratings and reviews
Rate this book

බුදුන්ගේ රස්තියාදුව

Rate this book

248 pages, Paperback

Published August 1, 2018

7 people are currently reading
132 people want to read

About the author

K.K. Srinath Chathuranga

1 book7 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (13%)
4 stars
5 (21%)
3 stars
4 (17%)
2 stars
2 (8%)
1 star
9 (39%)
Displaying 1 - 4 of 4 reviews
Profile Image for Asanka.
31 reviews18 followers
March 13, 2019
මම සාමාන්‍යයෙන් කියවීමට ප්‍රියකරන මාදිලියේ පොතක් නොවුනත් මීට ලැබුණු (පමණට වැඩි?) ප්‍රසිද්ධිය/විවේචන නිසාත්, කතුවරයාට පොලිසිගානේ රස්තියාදු වීමට සිදුවීම නිසාත්, මේ පොත වෙළඳපොලෙන් ඉවත්වීමේ අවදානමක් ඇතැයි සිතා ඉක්මනින් මිලදීගෙන කියවුවෙමි. මේ පොතට පහරදී/විවේචනය කර මුහුණු පොතේ පොස්ටු ලියන සහ කමෙන්ට් වාදවල පැටලෙන 99% ක් දෙනා මේ ගැන දන්නෙ "බුදුන්ගේ රස්තියාදුව" යැයි පොතක් වෙළඳපොළට පැමිණ ඇති බව පමණි.

පොතේ මුල් භාගය විකාර ෆැන්ටසියක් මෙන් පෙනුණු අතර ඒවා කියවීමෙන් දැඩි වෙහෙසට පත් වුනෙමි. කතුවරයා සරලව කිවහැකි සමහර අදහස් නිකරුනේ "රටපටලවා" ඇත්දැයි කීපවරක් සිතුනේය. මා පොත සැබෑවටම රසවිඳීම ආරම්භ කලේ "මට" මානසික රෝහල ලඟදී "නවිශා"ව හමුවුණු තැනේ සිටය. ඇයට ඇති පිස්සුවක් නැත. මේ පොතේ මා කැමතිම ජේදය උපුටා දක්වන්නේ ඉමහත් කැමත්තකින්ය.

//"දැන් මොකද කියන්නේ?" මම එහෙම ඇහුවේ නවිශාගේ මුහුණ ආඩම්බරයෙන් පිරිල යනවා දැක්ක නිසා.

"මට ඕනේ අර පිස්සන් කොටුව බිඳලා දාන්න"

"හ්හ්හහා. ඔයාට විතරක් නෙවෙයි මටත් ඕනේ ඕව බිම වට්ටල දාන්න. ඕව විතරක් නෙවෙයි ඇයි හිරගෙවල්, ඉස්කෝල, පන්සල්, පල්ලි, මේ හැම එකකම තාප්ප බිඳලා දාන්න ඕනෙ. හරි අපි ඒක බිඳලා දැම්මා කියමුකෝ. එත් කොහෙන්ද තාම ඒ ඉන්න මිනිස්සු එක්ක ඉන්න පුළුවන් හදවත් තියන එවුන්. මේ මිනිස්සු අන්තිමට කොහේද නතර වෙන්නෙ. මේ රට වටේටම තියෙන්නෙ මුහුද. මුහුද ගැඹුරුයි. තාප්ප කියන්නේ මහා උස දේවල්වලට නෙවෙයි. අපිව වටකරගෙන ඉන්න මහා ආගාධ වලට. මේ රටේ ඉන්න බැරිනම් අපි වෙන රටකට යයි. එත් කොහෙද ඒකට ඉඩක්. තාම මේ මිනිස්සු ළඟ රටකින් රටකට නිදහසේ ඇවිදින විදියක් නැහැ. ඒකට ඕනෙ හැදියාව මේ ලෝකෙට නැහැ. තවම හිරගෙවල්වල ගැහැණුයි පිරිමියි එකට තියන්නෙ නැහැ. පිරිමි වෙනම, ගැහැණු වෙනම. ඒ තරමට බයක් අපි ඇතුලෙ තාම නිදනවා. ඒ නිසා අපි ආයේ දවසක එමු. මේ තාප්ප බිඳල දාන්න. දැන් කරන්න තියෙන්නෙ ඒකට ලෑස්තිවෙන එක. මමත් කැමතියි මේ තාප්ප හැම එකක්ම බිඳිලා වැටෙනවට. ඒත් එහෙම කරන්න තරම් කොන්දක් අපිට තාම නැහැ."
//
March 27, 2023
A book that attempts to create a discussion and turmoil in the society and the personal psyche of the Sri Lankan people but reflects a much overly confused narrative style leaving the reader helpless and also confused.

The writer blames the conceptual framework of Buddhism reflecting its incapability to create a change in the Sri Lankan context leaving it helpless as a third-world country.

But it is very self-reflective than being realistic, therefore the story is a personal struggle but not a universal situation.

Therefore it is actually not a good book.

Please follow the link for a Sinhala review.

https://bookerreadsdaily.blogspot.com...

බුදුන්ගේ රස්තියාදුව - කේ. කේ. ශ්‍රීනාත් : කාලය, මුදල් හා මනස කා දමන පොතකි.

පිටු 249ක් වන මෙම 'පුස් ' ආන්දෝලනාත්මක කෘතිය රු. 500 කි.

මෙම පොතේ කවරය සහ නව කතාවේ නම දකින විටම එහි අලවියටම බිහිවූ බවක් පෙනේ.

එමනිසා හොඳ සාහිත්‍ය පාඨකයකුගේ යුතුකමක් මෙන්ම සාහිත්‍යට ආදරය කරන රසිකයකුගේ වගකීම වන්නේ මෙවන් විකාර රුපි පොත් ගැන සමාජය හා සහෘද පාඨක පිරිස් දැනුවත් කිරීමයි.

තාත්වික කථා කලාවෙන් බැහැරවී අධි තාත්වික කථා සම්ප්‍රදායකින් ලියා ඇති මෙම කුණුහරුපය, මානසික රෝගියකුගේ පපොච්චාරණයකි.

කථාව ගලා යන්නේ යථාර්තය සමග නොව වේදිකා නාට්‍යයක ස්වරූපයෙනි. චරිත කිහිපයකි. ඉතාම පහත් හා තුප්පහි විහිළු තහළු මෙම නව කතාවේ ඇතුලත් වේ.

එම විහිළු, බුදු සිරිත සහ ඇඳා ගැනීම සිත තරමක් ව්‍යාකුල කරවන තත්ත්වයකි.

කථා නායකයා තරමක් ව්‍යාකුල මනසක් ඇති මිනිසෙකි.

නමුත් හුදු පෞද්ගලික දුර්වලතා වලට සමාජයේ පවත්නා ආගමික හා සංස්කෘතික සාධක ඇඳා ගැනීම, තම මෝඩකම පෙන්වන්නකි.

කතුවරයාට එම සාධකය (කථා නායකයාගේ ව්‍යාකුල මනස සහ ජීවිතය) නිරුපණයට මෙම බාහිර පරිසර (බුද්ධ දර්ශණය හා ශ්‍රී ලාංකීය සංස්කෘතිය) අවශ්‍යය වුයේද යන්න, පාඨකයාට විටෙක මානසිකව පසක් වේ.

තරමක් වියරුවෙන්ද, තරමක් මනෝ මුලික භාෂා හැසිරවිමකින් ආගමික ශාස්තෘවරයකු නිර්ධය ලෙස විවේචනය මහා පිස්සුවකි.

මෙහි කතුවරයා වන කේ. කේ. ශ්‍රීනාත් ගැන කිසිවක් සටහන් නොවීමත්, කතුවරයාගේ පොත තුළ ඉතාමත් සංකිර්ණ ආත්මාර්ථකාමී මනොමුලික බවක් දක්නට ලැබීම සිංහල හා දේශීය සාහිත්‍යයේ අනාගතය ගැන බියක් ඇති කරයි.

විටෙක කේ. කේ. ශ්‍රීනාත් යනු නුතන ශ්‍රී ලාංකීය සමාජයේ සිංහල සාහිත්‍ය තුළ සැරිසරන මනෝ ව්‍යාධිකයකු ද යැයි හැඟෙ.

එමනිසා 'ගුණාත්මක නිර්මාණය' කියන සාධකයට අවධානය යොමු කිරීම වැදගත්ය.

අන්‍ය ආගමිකයන් මෙවන් කෘති, තම ආගම ගැන නොලියන බවත්, මෙමගින් තම සාහිත්‍ය තුළින් තම සංස්කෘතියේ 'වල' කපා ගැනීමක් මෙහි දැකිය හැකිය.

ප්‍රධාන සාහිත්‍යය දරාවෙන් පිට පෙන 'වීරයන්' වීමට ලියන මෙම පොත් මගින් බිහිවන මෙවන් අතුරු ඵල වන් සාහිත්‍යය නිර්මාණ සමාජ කුෂ්ට, දද හා පිළිල මෙන්ය.

මේවා දකින විටද පවත්නා ක්‍රමය තුළ ඇති 'කල කිරීම' ඉහළ යයි.

නමුත් සිංහල සාහිත්‍යයට මිනිසුන් නැවත යොමු කරවීමට ගත් මෙම උත්සාහයට ගරු කරමි.

මෙවැනි පොත් වලට කාලය නාස්ති නොකරන්න.

සෑම වසරකම නිර්දේශිත 'ස්වර්ණ පුස්තක', 'රජත පුස්තක' හා 'රාජ්‍ය සම්මාන' පොත් ඔබට හැකි පරිදි කියවන්න.

මෙවන් මනෝ මුලික, පිස්සු පොත් මග හරින්න.

වාසනාවකට මෙම පොත අන්තර්ජාලය PDF ලෙස පැතිර යාම තුලින් තරමක් හෝ දුරට කුණු ඕජස සමාජය තුළ පැතිරයාම පාලනයට හැකි විය.

තවත් විස්තර මෙම පහත විචාරය තුළ දක්නට ලැබේ.

http://3mana.com/%E0%B6%BB%E0%B7%83%E...
Displaying 1 - 4 of 4 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.